සංස්කෘත නාට්‍යයේ දී පාත්‍ර ජනයා නමින් හැඳින්වෙන්නේ නායක, නායිකාදින් වන නළු නිළි පිරිසයි. ඔවුන්ගේ සංඛ්‍යාව කතා වස්තුවේ අවශ්‍යතාව අනුව අඩු වැඩි වෙයි. මේ සියලු චරිත උත්තම, මධ්‍යම සහ අධම වශයෙන් වර්ග තුනකට බෙදා තිබේ. නායක - නායිකාවෝ උත්තම ගණයට අයත් වෙති.
මෙන්ම සංස්කෘත භාෂාව කතා කරන අනෙක් අය මධ්‍යම ගණයෙහිලා සැලකෙති. ප්‍රාකෘත භාෂා කතා කරන්නෝ පහත් ගණයට අයත් වෙති. සෑම සංස්කෘත නාට්‍යයක්ම ආරම්භ වන්නේ රංග ශීර්ෂයෙහි පැවැත්වෙන පූර්ව රංගයෙනි. එය නාට්‍ය හෙවත් නැටුමට අධිපති ශිව දෙවියන්ගේ පිදීම සඳහා නැටුම්, ගැයුම්, වැයුම් ආදියෙන් කෙරෙන දේව පූජාවකි. පාත්‍ර ජනයාට මෙන්ම ප්‍රේක්ෂකයන්ට ද සෙත්පතා කරන නන්දි ගායනයට අනතුරුව "සූත්‍රධර" රංග පීඨයට පිවිසෙයි. "නටි" නමින් හැඳින්වෙන සිය බිරිඳ සමඟ කෙරෙන නාට්‍යය හා නාට්‍ය රචකයා පිළිබඳ වර්ණනාත්මක සංවාදයෙන් අනතුරුව ඔහු නාට්‍යයේ වස්තු බීජය ඉදිරිපත් කරයි.
සංස්කෘත නාට්‍යය කවර අන්දමකින් රඟ දක්වන ලද්දේ ද යන්න කිව නොහැකිය. එයට හේතු වී ඇත්තේ අද දක්වා පැවත එන ජීවමාන රංග සම්ප්‍රදායක් නොමැති හෙයිනි. වර්තමානයේ භාරතයේ ඉතිරි වී ඇත්තේ ක්‍රමානුකූල ආකෘතියකින් තොර වූ ගැමි නාටක විශේෂයන්ය. මෙම නාටක සඳහා සංස්කෘත නාට්‍යයේ ආභාෂය ලැබී තිබේ. මේවායෙහි රංග ශෛලිය සංස්කෘත නාට්‍යයේ රංග ශෛලියට සමානකම් දක්වයි. ජන නාට්‍යවල දේවතාරාධනයෙන් රැඟුම අරඹා, වරින් වර ප්‍රේක්ෂකයාට කතාව කියා දෙන ග්‍රන්ථාකයා සංස්කෘත නාට්‍යයෙහි එන සූත්‍රධරයාට සමාන වේ. නාට්‍ය ජවනිකාවලට නොබෙදා, පසුබිම් තිර ආදිය පාවිච්චි නොකර නළුවන්ගේ දෙබසින් නැතහොත් ග්‍රාන්ථිකයා කරන විස්තරයෙන් ස්ථාන මාරුව ආදිය ඇඟවීමේ සිරිතද සංස්කෘත නාට්‍යයේ සිරිත්වලට සමානය. ලක්දිව පවත්නා නාඩගම් ද මෙම භාරතීය ගැමි නාට්‍යන්හි ආභාෂය ලබා ඇති බව කියවේ. මේ නිසා නාඩගම් රංග ශෛලිය පිළිබඳ කරුණු සොයා බැලීම තුළින් යම්තාක් දුරට සංස්කෘත නාට්‍යයේ රංග ශෛලිය අවබෝධ කරගත හැකිය.
භරත මුනිවරයාගේ "නාට්‍ය ශාස්ත්‍රය" නමැති ග්‍රන්ථයෙහි එන විස්තරවලින් සංස්කෘත නාට්‍යයන්ගේ ශෛලිය අවබෝධ කර ගැනීමට යම් යම් හේතු සාධක ලබාගත හැකිය.
කෙසේ වෙතත් සංස්කෘත නාට්‍යය රඟ දැක්වූයේ ස්වභාවික ක්‍රමයකට නොවන බව සැලකිය යුතු කරුණකි. බටහිර ස්වභාවික නාට්‍ය කලාවට සරිලන පරිදි සකස් කරන ලද වේදිකාවල ස්වභාවික නාට්‍යයේ රංග ශෛලිය අනුගමනය කරමින් සංස්කෘත නාට්‍යයක් රඟ දැක්වීමෙන් එහි රසය නියම වශයෙන් ප්‍රේක්ෂකයන්ට අවබෝධ කරවීම දුෂ්කරය. දැනට ඉතිරි වී ඇති සංස්කෘත නාට්‍යය පිටපත් පරිශීලනය කිරීමෙන් එහි ඇති රංග විධාන වැනි අංග පරික්ෂා කිරීමෙන් නාට්‍යධර්මි සම්ප්‍රදායට අනුව සංස්කෘත නාට්‍ය නිෂ්පාදනය වී ඇති බව නිගමනය කළ හැකිය.
නාන්දිය ගයා අවසන් වූ පසු සූත්‍රධරයන් නටි යයි හැඳින්වෙන තම බිරිඳ සමඟ සංවාදයක යෙදේ. එම සංවාදය තුළින් ඉදිරියේ දී රඟ දක්වන්නට යන නාට්‍යයේ වස්තු බීජය පිළිබඳ ප්‍රේක්ෂකයාට ඉඟියක් දෙයි.

සූත්‍රධාර : මම දැන් ගෙදර ගිහින් බිරිඳටත් කියලා, ගායන වාදන හේම පටන් ගන්ඩ ඕනෑ.
(වටයක් ගොස් නේපත්‍යය දෙස බලා)
මේ තමයි අපේ ගේ දැන් යන්න ඕනෑ ගේ ඇතුළට. (පිවිස) සොඳුර, මෙහේ එන්ඩකෝ ටිකක්.
සූත්‍රධාර වටයක් ගොස් බලා, "මේ තමයි අපේ ගෙදර" යනුවෙන් ප්‍රකාශ කරයි. මෙම අවස්ථාව ලෝක ධර්මි සම්ප්‍රදායට අනුව කරන්නේ නම් මීට වඩා වෙනස් වනු ඇත. මෙහිදී අවකාශය මාරුකර ගැනීම "පරිෂ්ක්‍රමණය" නමින් හැඳින්වේ. නාඩගම් සම්ප්‍රදායෙහිදීත් නළුවාගේ ගමනින් හා පොතේ ගුරු මගින් කාලය හා අවකාශය වෙනස් කර ගනී.