නේනා යනු ප්‍රධාන කතා පුවතේ හෙවත් අධිකාරික වස්තුවේ නායකයායි. ඔහු ශෝභා, විලාස, මාධූර්යය, ගාම්භීර්යය, තේජස්, ලාලිත්‍ය සහ ඖදාර්යය යන අෂ්ට විධ ගුණාංගයන්ගෙන් යුත් උත්තම සම්භවයක් ඇති ශ්‍රේෂ්ඨ පුද්ගලයෙකි. මේ පොදු ගුණාංග සම්පන්න නායකයෝ ඔවුන්ගේ චරිතයේ කැපී පෙනෙන විශේෂ ලක්ෂණ අනුව ධිරෝදාත්ත, ධීරලලිත, ධීරශාන්ත සහ ධීරෝද්ධක යයි සිවු වැදෑරුම් වෙති.
ධීරෝදාත්ත නායකයා නාගානන්දයේ ජිමුත වාහන වැනි ආත්ම සංයමය හා ආත්ම පරිත්‍යාගය විශේෂ ගුණය කොටගත් සිද්ධ විද්යාධරාදි උත්තම සම්භවයක් ඇති ශ්‍රේෂ්ඨ පුද්ගලයෙකි. ධීරලලිත නායකයා අභිඥාන ශාකුන්තලයේ දුෂ්‍යන්ත රජු වැනි ආලය සම්බන්ධ කටයුතු වලට නිරායාසයෙන් ඇදී යන සැහැල්ලු සිතින් යුත් විනෝදකාමි ක්ෂත්රියෙකි. ධීරශාන්ත නායකයා මෘවිජ කටිකාවේ වාරුදත්ත වැනි ආලය සම්බන්ධ කටයුතුවලට ප්‍රමුඛත්වය දෙන උපශාන්ත බ්‍රාහ්මණයෙක් හෝ වෛශ්යායෙක් විය හැකිය. ධීරෝද්ධක නායකයා මුද්රාරාක්ෂයේ වාණක්ය වැනි උසස් තත්ත්වයට පත් වූ, වර්ණනා කිරීමට සුදුසු ගුණාංගයන්ගෙන් යුත් උපායශීලි, කාර්යශූර, ප්‍රෞඨ බ්‍රාහ්මණයෙකු හෝ වෛශ්‍යයකු විය යුතුය.
මේ නායකයන්ගෙන් කවරෙකු වුවද, ඔහු නායිකාව සම්බන්ධයෙන් අනුගමනය කරන ප්‍රතිපත්තිය අනුව දක්ෂිණ, ශට, සෘෂ්ට සහ අනුකූල යන ගුණ සතරෙන් එකකට අයත් වෙයි. දක්ෂිණ ගණයට ගැනෙන්නේ, ස්ත්‍රීන් බොහෝ දෙනෙකුට එකසේ ආලය කරන අතර, ඉන් එකියක හා වැඩි සබඳකමක් ඇති කර ගන්නා නායකයායි. ශට නම් ගණයට අයත් නායකයා ආලය කරන්නේ එක් ස්ත්‍රියකට පමණී. ඔහුගේ ආලය ඇයට අප්‍රසන්න වන තරමට සීමාව ඉක්මවන්නක් වෙයි.
සෘෂ්ට ගණයේ නායකයා ආලය සම්බන්ධ කටයුතු වලදී නිර්භීත ලෙස ක්‍රියා කරයි. තමාට කොතෙක් නින්දා අපහාස එල්ල වුවද ඒවා ගණන් නොගෙන තමාට රිසි දෑ කල එළියේම කිරීම ඔහුගේ ස්වභාවයයි. අනුකූල ගණයට ගැනෙන නායකයා එක් ස්ත්‍රියක කෙරෙහි පමණක් ආලයෙන් බැඳුණු, අනුන්හට උපකාර කිරීමට පසුබට නොවන්නකි. කතා නායකයාගේ චරිත විකාශනයට ඉවහල්වන සහායකයන් තිදෙනෙක් පීඨමර්දය, විදූෂක සහ චිට යන නම්වලින් හැඳින්වේ. ඔවුන් අතර ප්‍රධාන තැනක් ගන්නේ පීඨමර්දය. පතාකා පුවතේ නායකයා වන ඔහු දක්ෂයෙකි. අනුන්ට අනුශාසනා කරන්නෙකි. සිය ස්වාමියාට වඩා පහත් තත්ත්වයක වෙයි. නායකයාගේ සහායයන් අතර දැවැනිතන්හිලා සැලකෙන්නේ විදූෂකයි. නිරතුරුවම නායකයා හා එක්ව හැසිරෙන ඔහු මුඛරිය. විහිළුවට දක්ෂය. සිය ස්වාමියාගේ ආලයට සම්බන්ධ කටයුතුවලට හැම අතින්ම උදව් දීම ඔහුගේ වගකීමයි. තෙවැන්නා චිට නමින් හැඳින්වේ. කිසියම් එක් ශිල්පයක් පමණක් දන්නා පුද්ගලයෙකු වන ඔහු තමාගේ ඒ දැනුම අනුව නායකයාට සහාය වෙයි.
ඉහත සඳහන් නිත්‍ය සහායකයන් තිදෙනාට අමතරව රාජ්‍ය හා ආගමික නායකයන් ද, තවුසන්, මිලේච්ඡයන් හා නපුංසකයන් ද අවස්ථාවෝචිත පරිදි නායකයාගේ සහායකයන් වශයෙන් යොදා ගැනීමට බාධාවක් නැත. ඇතැම් විටෙක ප්‍රති නායකයෙක් ද වෙයි. ඔහු සාපරාධි පැවතුම් ඇති නිර්භීත පුද්ගලයෙකි.
නායිකාව ද නායකයාට සමාන ගුණ ඇත්තියකි. අන්යා හෙවත් පරකියා සහ සාමානපා හෙවත් සාධාරණ ස්ත්‍රී යනුවෙන් නායිකාවෝ තෙවැදෑරුම් වෙති. ස්වීයා යනු නායකයාගේ බිරිඳයි. උත්තම රාම චරිතයේ සිතා, මේ ගණයට අයත් නායිකාවකි. අන්යා හෙවත් පරකියා යන නමින් හැඳින්වෙන නායිකාව කන්‍යාවක් හෝ අනෙකුගේ බිරිඳක් හෝ වෙයි. රත්නාවලියෙහි සාගරිකා මේ නායිකා ගණයට අයත් කන්‍යාවකි. අනෙකගේ බිරිඳක් නායිකාව වශයෙන් පෙනී සිටින අවස්ථාවක් සංස්කෘත නාට්‍ය ග්‍රන්ථවල නොදැක්වේ. එයට හේතුව හින්දු ආගමික චාරිත්‍රවල බලපෑම් විය හැකියි. සාමාන්‍ය හෙවත් සාධාරණ ස්ත්‍රී යනු මංචිජකටිකාවේ වසන්ත සේනා වැනි කාහටත් පොදු වූ ගණයෙහිලා සැලකෙති. ප්රාකෘත භාෂා කතා කරන්නෝ පහත් ගණයට අයත් වෙති.