විෂ්කම්භක යනු ආත්ම කථනයක් හෝ දෙදෙනෙකු අතර වන සංවාදයක් මගින් හෝ ප්‍රේක්ෂකයාට යම්කිසි අත්‍යාවශ්‍ය තොරතුරක් හෙළි කිරීමේ ක්‍රමයයි. මෙමගින් හෙළි කරනු ලබන්නේ කතා පුවතේ අප්‍රධාන සිදුවීම් හා අවස්ථා පිළිබඳ වූ සංක්ෂිප්ත තොරතුරුයි. විශේෂයෙන් අතීතයට හා අනාගතයට සම්බන්ධ තොරතුරුයි. මෙය ප්‍රධාන චරිතවලට සම්බන්ධයක් නැත. අප්‍රධාන වන නමුත් උත්තම ගණයට ගැනෙන චරිත එකක් හෝ දෙකක් සම්බන්ධ වන කල එය උත්තම රාම චරිතයේ දෙවැනි අංකයේ දී මෙන් ශුද්ධ විෂ්කම්භය නමින් ද, අප්‍රධාන වූ පහත් ගණයේ චරිත සම්බන්ධ වන කල එහිම සිව්වැනි සහ පස්වැනි අංකවල දී මෙන් මිශ්‍ර විෂ්කම්භය නමින් ද හැඳින්වේ. ශුද්ධ හෝ මිශ්‍ර විශ්කම්භක ඕනෑම අංකයක ආරම්භය වශයෙන් ද යෙදිය හැකිය.
සංස්කෘත නාට්‍යයක් ආරම්භ වන්නේ "ප්‍රස්තාවනා" යන කොටසිනි. මේ ප්‍රස්තාවනාවේ අවස්ථා කිහිපයක් දැක්විය හැකිය. නාට්‍ය නියම වශයෙන් ආරම්භ වීමට පෙර "පූර්ව රංගය" පවත්වනු ලැබේ. මුලින්ම බෙර හඬ දනවමින් නාට්‍යයේ ආරම්භය දනවයි. "ප්‍රත්‍යාහාර" යනුවෙන් සඳහන් වන්නේ එයයි. එයින් පසු සංගීතඥයෝ වේදිකාවේ අසුන් ගති. මේ අවස්ථාව "අවතරණ" යනුවෙන් හඳුන්වා ඇත. අත්වැල් ගායකයෝ ස්වකීය හඬ සකස් කර ගැනීම "ආරම්භ" යනුවෙන් ද, සංගීතඥයෝ සිය සංගීත භාණ්ඩ සකස් කර ගැනීම "ආශ්‍රවරණ" යනුවෙන් ද හඳුන්වනු ඇත.
ප්‍රස්තාවනාවට ඇතුළත් තවත් කොටසක් නම් නාන්දියයි. සූත්‍රධාරියා විසින් නාන්දිය ගායනා කරනු ලැබේ. නාන්දියෙන් බොහෝ විට කරනු ලබන්නේ ආශිර්වාදාත්මක දේවගුණ ගායනයකි. බොහෝ විට නාන්දියෙන් කෙරෙන්නේ නාට්‍ය කලාවේ ඇදි කර්ත්‍යවරයා වන ශිව දෙවියාගේ ගුණ ගායනා කරනු ලැබීමය. හර්ෂ දේවගේ "නාගාතන්ද" නාටකයේ පමණක් නාන්දියෙන් බුදුන් වහන්සේට නමස්කාර කර ඇත. නාන්දිය අවසන් වීමෙන් පසු සූත්‍රධාරයා විසින් "නටි" යනුවෙන් හැඳින්වෙන තන බිරිඳත් සමඟ සංවාදයක යෙදේ. එම සංවාදය මගින් නාට්‍යයේ වස්තු බීජය ගැන ඉඟියක් ප්‍රේක්ෂකයාට දන්වයි. සමහර නාට්‍ය ග්‍රන්ථවල සූත්‍රධරයා විසින්ම නාට්‍ය කතුවරයා ගැනත් කරුණු ඉදිරිපත් කරයි.
සූත්‍රධර - ඇඳ පැළඳ ඉවරනම් මෙහාට එන්ඩකෝ ටිකකට (පිවිස)
නිළිය - මෙන්න ආවා
සූත්‍රධර - මේ පිරිසේ ඉන්න වැඩි දෙනෙක් උගත් අයයි. මේ පිරිසට අපි අද සංග්‍රහ කරන්න ඕනෑ. කාලිදාස අලුත ලියාපු අභිඥාන සකුන්තලා නාට්‍යය රඟ දැක්වීමෙනුයි. ඒ නිසා කවුරුත් තම තමන්ගේ කොටස් ගැන උනන්දු වෙන්ඩ ඕනෑ.
කාලිදාස අලුත ලියාපු අභිඥාන සකුන්තලා නාට්‍යය රඟ දැක්වීමෙනුයි. ඒ නිසා කවුරුත් තම තමන්ගේ කොටස් ගැන උනන්දු වෙන්ඩ ඕනෑ.
ප්‍රස්ථාවනාව අවසාන වීමට කලින් "සූත්‍රධරයා විසින්" නාට්‍යයේ වස්තු බීජයට සම්බන්ධ වන තොරතුරු දක්වයි.
සූත්‍රධර - හොඳයි මතක් කරපු එක. මට දැන් ඒක අමතක වෙලා තිබුණේ. මොකද දන්නවද ඒ?
ඔබගේ ගීයේ කන්කලු රාගෙන්
දිවපි මගද බලයෙන් ඇද්දී
වේගෙන් පැන යන මුවෙකුගේ පස්සෙන්
දිවයන රජු මෙන් මේ දුස්සන්තා
(දෙදෙනාම නික්ම යති)
මේ මුල් ආරම්භ කොටස "ප්‍රස්තාවනා" "ආමුඛ" "ස්ථාපන" යන නම් තුනකින් හඳුන්වා ඇත. සකුන්තලා, රත්නාවලි නාට්‍යවල "ප්‍රස්තාවනාව" නමින් ද, ස්වප්නවාසවදත්තා නාට්‍යයේ "ස්ථාපන" නමින් ද, මැටි කරත්තේ "ආමුඩ හෝ ස්ථාපන නමින් හැඳින්වෙන කොටස්වලට පසුවය, නියම වශයෙන් නාට්‍යයේ කතාව ආරම්භ වන්නේ.
අංකය
සංස්කෘත නාට්‍ය කෘතියක් සාමාන්‍යයෙන් "අංක" නමින් හැඳින්වෙන කොටස් කිහිපයකට බෙදා ඇත. එසේ වුවද හාණ, ප්‍රහසන, ඊහාමගේ, ව්‍යායෝග වැනි ඒකාංග නාට්‍ය ප්‍රභේද කිහිපයක් ඇති බවද සැලකිය යුතුය. නාට්‍ය හා ප්‍රකරණ යන ප්‍රධාන නාට්‍ය ප්‍රභේදයන්හි අංක සංඛ්‍යාව 5-10 දක්වා වේ. දැනට අපට හමු වී ඇති සම්පූර්ණ ප්‍රකරණ දෙකෙහිම අංක 10 බැගින් ඇත. අශ්වඝෝෂ හිමියන්ගේ ශාරිපුත්‍රකරණයෙහි මුළු අංක සංඛ්‍යාව 9 ක් වූ බව පෙනේ.
නාටකයක් වන අභිඥාන ශාකුන්තලයෙහි අංක 7 කි. ස්වප්නවාසවදත්තා හයකින් යුක්තය. රත්නාවලී හා ප්‍රියදර්ශිකා යන නාට්‍යයන්හි ඇත්තේ අංක 4 බැගිනි. අංකයක් සාමාන්‍ය වශයෙන් එක් නාට්‍යමය අවස්ථාවක් සම්පූර්ණයෙන්ම වර්ධනය කොට අවසන් කිරීමට යත්ත දරයි. සංස්කෘත නාට්‍යයක වස්තුව, අවස්ථා පහකින් යුක්ත විය යුතු බව විචාරකයෝ පවසති. ආරම්භ, ප්‍රයත්න, ප්‍රාප්ත්‍යාශ, නියතාප්ති හා පලාගම යනු ඒ අවස්ථා පහයි. "ආරම්භ" යනු නායකයා හෝ නායිකාව කිසියම් දෙයක් ගැන ඇතිකර ගන්නා ආශාව ක්‍රමයෙන් වර්ධනය කර ගැනීමයි. "ප්‍රයත්න" යනු එම ආශාව මුදුන්පත් කරගැනීම පිණිස ඔහු හෝ ඇය හෝ ඔවුන් දෙදෙනාම හෝ දරන්නා වූ උත්සාහයයි. එම උත්සහායේදී ඇතැම් විට එය මුදුන්පත් කර ගැනීමේ අවිනිශ්චිත තත්ත්වයක් ඇති කරමින් ඔවුනට නොයෙකුත් බාධක හරස් වෙයි. එම බාධක ඉදිරියේ ඔවුහු කෙසේ හෝ බලාපොරොත්තු සුන් නොකරගෙන ඉෂ්ටාර්ථ සිද්ධිය උදෙසා තවදුරටත් වෙහෙසෙති. එම අවස්ථාව "ප්‍රාප්ත්‍යාගා" නමින් හැඳින්වේ.
ඊළඟ අවස්ථාවේදී ප්‍රධාන බාධක ඉවත් වී නිශ්චිතවම පරමාර්ථයන් ඉටුකර ගත හැකි වීමේ ලකුණු පහළ වේ. මෙය "නියතාප්ති" අවස්ථාවයි. අවසානයේ දී බලාපොරොත්තු සියල්ල ඉටුකර ගැනීමේ අවස්ථාව "පලාගම" යි. මෙ අවස්ථා පහ එක් එක් අංගයන් තුළ වර්ධනය කර ගත හැකිනම් ඉතා යෝග්‍ය වේ. එහෙත් අංක සංඛාව පහට අඩු හෝ වැඩිවන විටත් නොයෙකුත් රංග ශිල්පිය හා වෙනත් සාධක නිසාත් එය ඒ ආකාරයෙන්ම ඉටු කිරීම පහසු නොවේ. ඒ නිසා ඇතැම් විටෙක ඒවා කිසියම් අවස්ථාවක අංක එකකට වැඩි ගණනක් පුරා පැතිර පැවතීමට ඉඩ ඇත. එමෙන්ම අංක සංඛ්‍යාව අඩුවන විට ඇතැම් අංකයක අවස්ථා එකකට වැඩි ගණනක් ඇතුළත් කිරීමට සිදුවනු ඇත. අංකයත්, පාත්‍රයන් පිරිසත් රංගයට පිවිසීමෙන් ආරම්භ වී ඔවුන් ඉන් පිටව යෑමෙන් අවසන් වේ.
මෙසේ එක් අංකයක සිදුවන දෑ සැබෑ ජීවිතයේ එක් දිනක් තුළ සිදුවිය හැකි සිද්ධීන්ට සීමා කළ යුතු යැයි නියමයක් වේ. එසේ වුවද ප්‍රායෝගික වශයෙන් ගත් කල ඕනෑම නාට්‍යයක එක් අංකයක් තුළ නිරූපණය වන්නේ දවසේ එක් වරුවක් තුළ සිදුවන සිද්ධීන් පමණී. ඒ තාක් දුරට සංස්කෘත නාට්‍ය රචකයෝ කාලය පිළිබඳ ඒකීයත්වය රැකගෙන ඇත්තාහ.