නාට්‍ය කලාව සියලු කලාවන් සංයෝජනය වී නිර්මාණය වූවක් ලෙස ද හැඳින්විය හැකිය. නාට්‍ය කලාව පිළිබඳව හොඳින් හදාරන අතරම අනෙකුත් කලාවන් පිළිබඳ දැන සිටීම අතව්‍ශ්‍ය වූවකි. මෙම හැදෑරීමේදී නාට්‍ය කලාව හා අනෙකුත් කලාවන් අතර ඇති සමාන අසමානකම් ඔබ විසින් සොයා බැලිය යුතුය.
කලාවක් යනු කිසිවක් යම්කිසි පිළිවෙළකට සකස් කිරීම යයි සරල ලෙස හැඳින්විය හැකිය. එම පිළිවෙළ තුළ යම්කිසි රටාවක්, රිද්මයක්, තාලයක් හා මනා සංයෝජනයක් තිබිය යුතු අතර ඒවා කලාවේ පොදු ලක්ෂණයනය. කලා කෘතියට අයත් තේමාව ඉහත සඳහන් ලක්ෂණයන් ඔස්සේ ක්‍රියාත්මක වී රසයක් මතු කරයි. රසය ගැඹුරු අත්දැකීමක් බවට ද පත් කරයි. මොනාලිසා චිත්‍රය ගෙන බලන විට එහි මූලිකව ඇත්තේ සායම්, රේඛා හා හැඩතලයන්ය. ඒ තුළින් කාන්තාවගේ රූපයක් හා ඊට අදාළ පසුතලයත් නිර්මාණය කර තිබේ. මෙහි ඇත්තේ කාන්තාවගේ ඉරියව්වක් පමණී. එහෙත් ඒ තුළින් ගම්‍ය වන හැඟීම් සමුදායකි. චිත්‍රයකට දර්ශනය වන දෙය නිශ්චල වූ එකකි. එහෙත් ඒ තුළින් රස විඳිය හැකි සහෘදයාට යා හැකි දුර රස විඳිය හැකි ප්‍රමාණය අප්‍රමාණය.
චිත්‍රයක් රස විඳීම වනාන්තරයකට ඇතුළුවන්නාක් වැනිය. වනාන්තරයකට ඇතුළු වූ පසු එහි ඉමක් කොනක් නැත. ඕනෑම තැනක සැරිසැරිය හැක. අපට අවශ්‍ය වන්නේ වනාන්තරයට ඇතුළුවන දොරටුව සොයා ගැනීමයි. ඒ සඳහා චිත්‍ර මාධ්‍යයේ තිබෙන ගුණාංග පිළිබඳ යම්තාක් දුරට රසිකයා තුළ අවබෝධයක් තිබිය යුතුය. චිත්‍රයක බොහෝ විට රසය උපදින්නේ රසිකයන් අතරින් විග්‍රහ වූ තරමටය. සීගිරි චිත්‍රයන් හි අගය වඩා ඉස්මතු වීමට ඉවහල් වූයේ පරණවිතාන මහතාගේ විවරණයන්ය. චිත්‍රය රසයකින් යුක්ත වූ අජීවි කෘතියකි.
සංගීතය යනු නාද රටා පිළිවෙළකට සකස් කිරීමකි. ඒ තුළ රිද්මය හා තාලය ද ගැබ් වී තිබේ. සප්ත ස්වර තුළ විවිධ නාදරටා ගොඩනැඟීමේ ශක්‍යතාව ඇත. ස්වර සුසංගත කිරීමෙන් සජීවි චිත්‍රයක් මැවිය හැකිය. එය පෙනෙන චිත්‍රයක් නොව ඇසෙන්නෙකි. ශ්‍රව්‍ය ගෝචර චිත්ත රූපයකි.
සිනිදු සුදු මුදු තලාවේ
පිපෙන පෙන පිඬු සිනාසේ //
පිපෙන පෙන පිඬු සිනාසේ //
මේ ගී පද ඇසීම් තුළින් මුහුදේ රිද්මය අපට නිතැතින්ම සිහිවේ. මනසින් මුහුදේ අසිරිය අපි විඳිනු ලබයි. සංගීතය හා ගීතය යන්න අතර වෙනසක් තිබේ. වර්තමානයේ ගීතය ඉනප්‍රිය අංගයක් වී තිබේ. එහෙත් ගීතය සංගීතයේ එක් ශාඛාවක් පමණී. නාද මගින් හැඟීම් ප්‍රකාශ කිරීමත් මේ තුළ සිදුවේ. සංගීතය විශ්ව භාෂාවක් වන්නේ ඒ නිසාය.
කවියා තම පදවැල් වලින් මවන සුන්දර ලෝකය ද වචනවලට ජීවට පිහිටුවීමකි. කවියාගේ බොහෝ වර්ණනා, සිදුවූවා සේ කරන නිර්මාණයන්ය. ගුත්තිල-මූසිල වීණා වාදනය කවියා වර්ණනා කරන්නේ ඒ මොහොතේ එතැන සිටි කවියෙකු විලාසයෙනි. සිදුවූවත්, නොවූවත් එය සැබවින්ම සිදු වූවක් සේ වර්ණනා කිරීම කවියාගේ ප්‍රතිභාව වේ. කවියා කිසිවක් සිදු වූ බව නොකියයි. ඔහු කිසිවක් සිදු වූ හැටි විස්තර කරයි. එහෙත් විස්තර කිරීම ඇත්තෙන්ම මවා පෑමකි. එසේ සිදුවන්නට ඇතැයි අපට සිතෙන පරිදි කවිත්වය යොදා ගැනීම නිර්මාණයේ දක්ෂකම පෙන්වන්නක් වේ.
නවකතාකරුවාද තම කතා කලාව යොදා ගෙන අප සිතෙහි මනෝ ලෝකයක් ගොඩනඟයි. සමාජ අත්දැකීම් පදනම් කර ගන්නා නවකතාකරු එය අපට දැනෙන සිදුවීමක් බවට පත් කරවයි. එහි අපූර්වත්වය ඇත්තේ අපට නොපෙනෙන අපේම තොරතුරු ගැඹුරු කෝණයකින් ඉදිරිපත් කිරීම තුළයි.
මාටින් වික්‍රමසිංහයන්ගේ "ගම්පෙරළිය" නවකතාවෙන් මවන පරිසරය අදද පිටිසර ගම්මාන ආශ්‍රිතව දක්නට ඇත. එහෙත් ඒ චරිත බොහෝ විට තම මනසේ නිරූපණය කර ගනිමින් නිර්මාණය කළ ඒවා විය හැකිය. නවකතාකරු කරන්නේ ද සිද්ධිය සිදුවූ ආකාරය විස්තර කරලීමයි. එය ගොඩනගන අපූර්වත්වය මත කතාව විශ්වාසනීයත්වයට පත්වේ. එයින් රසය ජනිත කරවයි. කවිය, නවකතා වැනි සාහිත්‍යාංග තුළ ඇත්තේ බොහෝ විට කවියා මවන කල්පිත ලෝකයයි. එහෙත් එහි සත්‍ය ලෝකයට සමාන බවක් ද නැත්තේ නොවේ. බොහෝ දුරට සාහිත්‍යකරුවාගේ "අනුභූතිය" සමාජය ඇසුරෙන් ගොඩ නැගෙන බැවිණි. කවියාගේ කල්පනා ලෝකය සාමාන්‍ය ජීවිතයෙන් ඈත් වූවද ඒ තුළ සාහිත්‍යකරුවා වස්තු විෂය දෙස බැලූ අපූර්වත්වය සටහන් වී ඇත. කතාවක්කෙරෙහි පාඨකයාගේ සිත රැඳෙන්නේ එහි ඇඳහිය නොහැකි ස්වභාවයක් ඇත්නම් පමණී. තමා කතාව විශ්වාස කළ තරමට රසවින්දනය තියුණු බව මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍ර මහතා "කල්පනා ලෝකය" ග්‍රන්ථයෙන් විස්තර කර ඇත.