ක්‍රි.ව. 8-12 ශතවර්ෂ යුරෝපයේ අඳුරු යුගයක් සේ සැලකුවද, මෙකල ක්‍රිස්තියානි පල්ලිය මුල්කරගෙන ආගම් පැතිරවීමේ මාධ්‍යයක් ලෙස බයිබලය ප්‍රමුඛ චරිත නිරූපණ සමඟ බිහිවූ ප්‍රධාන දේවස්ථාන නාට්‍ය වර්ග තුනකි. මෙම නාට්‍ය මධ්‍යකාලීන නාට්‍ය නැතහොත් ජන වන්දනා නාට්‍ය යනුවෙන් ද හැඳින්වේ. මිස්ටරි, මිරැකල්, මොරැලිටි වශයෙන් ජන වන්දනා නාට්‍ය වර්ග කිහිපයකි.
මිස්ටරි නාට්‍ය අද්භූත නාට්‍ය යනුවෙන් ද හැඳින්වේ. ක්‍රිස්තුස් වහන්සේගේ චරිතයේ අද්භූතජනක සිදුවීම් සියල්ල මෙම නාට්‍ය වර්ගයට අන්තර්ගත වේ. උදාහරණ වශයෙන් "මළවුන්ගේ නැගිටීම" "කන්ද උඩ දේශනාව" දැක්විය හැකිය.
මිරැකල් හෙවත් ප්‍රාතිහාර්ය නාට්‍ය ක්‍රිස්තුස් වහන්සේට අමතරව වෙනත් ක්‍රිස්තියානි මුනිවරුන්ගේ ජීවන සිද්ධිවල ප්‍රතිහාර්ය සිදුවීම් හා දේව මහිමය නිරූපණය කළ නාට්‍ය වර්ගයකි. මෙයද අභව්‍ය සිදුවීම් වලින් ගහණ විය.
මෙම ආගමික නාට්‍යවල තුන්වන අදියර වූයේ මොරැලිට් හෙවත් සදාචාර නාට්‍යයි. මොරැලිට් නාට්‍යවලට වස්තු වූයේ ක්‍රිස්තියානි සදාචාර ධර්මයන්ය. එම සදාචාර සංකල්පයන් චරිත බවට පත්කරමින් ක්‍රිස්තියානි තේමාවන් ඉස්මතු වන සේ මෙම නාට්‍යවල කතා වින්‍යාසය සකස් විය. උදාහරණයක් ලෙස සොපොක්ලීස්ගේ "එච්රිමන්" (සකලජන) හැඳින්විය හැකිය. මිනිසාගේ මරණ ගමනට එක්වන කුසල්, අකුසල් පිළිබඳ එහි කියවේ. ආගමික තේමා වලින් මිදී ජනතාවගේ හා පාලකයන්ගේ ප්‍රශ්න සාකච්ඡා කළ සාර්ථක වූ නාට්‍ය ක්‍රමයකි මෙය.
වීදි නාට්‍ය (Street Theatre)
"වීදියේ පෙන්වන නාට්‍ය" යන පටු අර්ථයෙන් මෙය ගත නොහැකිය. වඩාත්ම උචිත නාමය වන්නේ "එළිමහන් රංග" යන්නයි. කලින් සූදානමක් ඇතිව හෝ නැතිව පැමිණෙන නළු කැලක් මගින් වීථියක හෝ වෙනත් ස්ථානයක සැණකින් රඟ දක්වනු ලබන නාට්‍ය විශේෂයකි.
වීදි නාට්‍යයේ ආරම්භය පිළිබඳ සොයා යාමේ දී සම්මත මහා නාට්‍ය සම්ප්‍රදායන්ට පදනම් වූ ප්‍රාග් කලාව, ගැමිකලාව හා අපගේ දේශීය නාට්‍ය සම්ප්‍රදායන්හි අංකුර අවස්ථාවන්හි වීථි නාට්‍යයට අනන්‍ය වූ ලක්ෂණ දක්නට ලැබේ. එහෙත් ඒවා සවිඥානකව කළ ඒවා වශයෙන් ගත නොහැකිය. වීදි නාට්‍ය කලාවේ පරමාර්ථයන් හා ආකෘතියේ පූර්ණ ලක්ෂණ සහිතව ක්‍රියාකාරි ආරම්භයක් දක්නට ලැබෙන්නේ 17 වැනි හා 18 වැනි සියවස්හි පටන්ය.
වීදි නාට්‍ය බිහිවීමේ ප්‍රධාන පසුබිම වන්නේ දේශපාලන හා සමාජ ක්‍රියාවලියක වෙනස්වීම්ය. මෙම වෙනස්වීම ප්‍රබලව මිනිසුන්ට දැනුනේ විශේෂයෙන් 17-18 සියවස් වලය. පාලක පන්තියට විරෝධය පෑමටත්, නිර්ධන පන්තියට මෙම විපර්යාසයේ හා පීඩනයේ යථාර්ථය කියාදීම සඳහාත් වීදි නාට්‍ය මාධ්‍ය භාවිතා කරන ලදී. එසේ වූයේ සම්මත කලා ආකෘතින්ගෙන් කිව නොහැකි නිසාය. අවිධිමත් ලෙස වීදි නාට්‍ය ආරම්භ විය. නමුත් පසු කාලීනව මෙය විධිමත් ආකාරයට යොදා ගත් අවස්ථා තිබේ. එනම් සමකාලීන සමාජ, දේශපාලන පසුබිම පිළිබඳ දේශපාලන වශයෙන් ජනතාව දැනුවත් කිරීම සඳහා 1917 දී රුසියාවේ බෝල්ෂේවික් පක්ෂය වීදි නාට්‍ය යොදා ගන්නා ලදී. රුසියානු විප්ලවයේ පළමු සංවත්සරය වෙනුවෙන් "මෙයර් හෝල්ඩ්" නම් කලාකරුවා ඉදිරිපත් කළ නාට්‍යයෙහි විප්ලවකාරි අදහස් ගැබ් වී තිබූ අතර ඒවා නාට්‍යානුසාරි ස්වරූපයෙන් නගරය මැද ගායනා කෙරුණි. "කලාව ජනතාව සඳහාය" යන භාවිතය ස්ථාවර කරමින් රුසියාවේ නව කම්කරු රජය වසර ගණනාවක් මේ වීදි නාට්‍යමය ඉදිරිපත් කිරීම්, ගීත සමඟ භාවිතා කළේය. මෙය වීදියේ දැක්වූ විරෝධාකල්ප නාට්‍යවල ආරම්භය විය. පසුව මෙම වීදි නාට්‍ය කම්හල් ගේට්ටු, වෙළඳපොළවල්, බඩු ගබඩා, ක්‍රීඩා පිටි, ධාන්‍යාගාර අසල පෙන්වීම සිදුවිය.
විසිවන සියවස මැද භාගයේ දී චීනයට පැමිණෙන මෙකී නව වීදි නාට්‍ය කොමියුනිස්ට් පක්ෂයේ රැස්වීම් වෙනත් සේවක රැස්වීම් වලදී රඟ දැක්වීම සිදුවිය. එමෙන්ම සංචාරක නාට්‍ය කණ්ඩායම් ලෙස ජනතාව හා ඔවුන්ගේ දේශපාලන සමාජ ක්‍රියාකාරකම් හා මුසුවී සක්‍රියව ක්‍රියාත්මක විය. ඉන්දියාව තුළද ආර්ථික හා සමාජ ප්‍රශ්න විග්‍රහය සඳහා යොදා ගැනීම සිදුවිය. ඉන්දියාවේ වීදි නාට්‍යයේ මූලාරම්භය යැයි කියවෙන 1920 වසර, ඉන්දියාවේ වීදි නාට්‍යවලට රුසියාවේ ලෙනින් - මාක්ස් දර්ශනයේ බලපෑම ඇතිකළ බව සිතිය හැකිය. තවද ඉන්දියාවේ 40 දශකයේ නිදහස් සටන, 60 දශකයේ ව්‍යාප්ත වූ නැක්සලයිට් ව්‍යාපාරය, ශිෂ්‍ය අරගල හා කම්කරු වෘත්තීය සමිති අරගල තේමා කරගෙන තව වීදි නාට්‍ය නිර්මාණය කළේය.
ශ්‍රී ලංකාවේ වීදි නාට්‍ය කලාවේ ආරම්භය විමසීමේ දී 1971 තරුණ කැරැල්ලත් සමඟ බිහි වී තිබෙන බව පෙනේ. 1973 කාල වකවානුවෙහි විද්‍යාලංකාර විශ්ව විද්‍යාලයෙහි ඉංග්‍රීසි කථිකාචාර්යවරයෙකු වශයෙන් සේවය කරමින් සිටි ගාමිණී හත්තොටුවේගම "රංග කැබලි" හා "සංගීත සොච්චමක්" වැනි නිර්මාණාත්මක අත්හදා බැලීම් කර විකල්ප නාට්‍ය කලාවක අවශ්‍යතාවය අවබෝධ කරගෙන සිටියේය.
මේ වකවානුවේ දී පරාක්‍රම නිරිඇල්ල, එච්. ඒ. පෙරේරා, ගාමිණී හෙට්ටිආරච්චි, නිමල් චන්ද්‍රසිරි, හේමසිරි අභයවර්ධන ආදීන් ධම්ම ජාගොඩගේ ලයනල් වෙන්ට්හි රංග ශිල්ප වේදිකාවෙහි තවත් තරුණ කලාකරුවන්, කලාකාරියන් රැසක් සමඟ ගාමිණි හත්තොටුවේගම සමඟ එක්තැන් වී ශ්‍රී ලංකාවේ වීදි නාට්‍ය ඉතිහාසයේ සුවිශේෂ හමුවක් විය. රංග ශිල්ප ශාලිකාවේ ගුරුවරයෙකු ලෙස කටයුතු කළ ගාමිණී හත්තොටුවේගම මෙහෙය වීම ඇතිව රංග ශිල්ප ශාලිකාවෙහි නිර්මාණ කටයුතු වලට පරිබාහිරව එක්තැන් වෙන එකී විකල්ප නාට්‍ය කලාවක අවශ්‍යතාව පිළිබඳ උනන්දු වූවෝ 1974 දී විවෘත වීදි කණ්ඩායම ආරම්භ කළහ. 1974 වසරේ පොසොන් පොහොය දින අනුරාධපුර දුම්රිය ස්ථානයේ දී ඔවුන්ගේ පළමු වීදි නාට්‍ය දැක්ම ඉදිරිපත් කළ බව සඳහන් වේ.
වීදි නාට්‍යයේ දී චරිතවලට අදාළ ඇඳුමක් නොඇඳි, පොදු ඇඳුමකින් සැරසී පොඩි ඇඳුම් කොටසකින් වෙස් මාරු කරගනී. උදාහරණයක් ලෙස ඔටුන්නක් හිසට දාගත් විට එම නළුවා රජ කෙනෙක් වෙයි. අංග රවනය ද මාරු වීමක් නොකෙරේ. වීදියේදී එළිමහනේදී මුහුණේ ඉරියව් කැපී පෙනෙන ලෙස අංග රචනය යොදා තිබේ. අභින හතරෙන් අහාර්ය අභිනය හැර සාත්වික, වාචික, ආංගික අභිනය වීදි නාට්‍යවල දී ප්‍රබලව යොදා ගැනේ.
රංගනය සඳහා නැටුම් අංග සහ ගීත යොදා ගනිමින් අලංකාර කරගනී. සංගීත භාණ්ඩ වශයෙන් යොදා ගන්නේ රබානක්, දවුලක් වැනි සරල බෙර වර්ගයන් ය. මීට අමතරව ගිටාරය වැනි තත් භාණ්ඩයක් ද යොදා ගන්නා අවස්ථා තිබේ.
රංග භූමිය නළුවන් විසින්ම සීමා කරගත යුතුය. බොහෝ විට වට රවුම් හැඩය තුළ රංගනයේ යෙදීමට සිදුවේ. එහිදී නළුවා පින්තූර රාමු වේදිකාවක රඟපෑමට වඩා රවුමක් ආවරණය වන සේ තමන්ගේ රංගනය ඉදිරිපත් කළ යුතුය. බොහෝ විට මුඛරිකම හා ක්‍ෂණික අවස්ථා නිරූපණය පිළිබඳව සාර්ථකත්වයක් නළුවා තුළ තිබිය යුතුය. සමහර අවස්ථාවලදී ස්ථානය අනුව සංවාද වෙනස් කර කීමට තරම් නළුවා සවිඥානක විය යුතුය. මෙයින් පෙනී යන්නේ වීදි නාට්‍ය නළුවාගේ දේශපාලන දැනුම, සමාජය පිළිබඳ දැනුම, අවබෝධය ඉතා පුළුල් විය යුතු බවයි.
ගාමිණී හත්තොටුවේගම මහතාගේ විව්‍ෘත වීදි නාට්‍ය කණ්ඩායමේ වීදි නාට්‍යයක් වන "රූකඩයෝ" හි දෙබස් ඛණ්ඩයක් ඔබගේ අවබෝධය සඳහා මෙහි දක්වමු.

(ගුරුන්නාන්සේ පැමිණ තම ගෝලයා සොයයි)
ගුරුන්නාන්සේ : ගෝලයා..... ගෝලයා කෝ මේ ගෝලයා, ගෝලයා
(ගෝලයා සෙනඟ අතරින් පැමිණෙයි)
(ගෝලයා සෙනඟ අතරින් පැමිණෙයි)
ගෝලයා : මොකද, මොකද ගුරුන්නාන්සේ කෑගහන්නේ ?
ගුරුන්නාන්සේ : මේ සංවිධායක මහත්තයෙක් පෝස්ට් කාඩ් එකක් එවල තියනව බලපන් මොනවද ලියලා තියෙන්නේ කියලා.
ගෝලයා : මහා රූකඩ සංදර්ශනය, කැලණිය විශ්ව විද්‍යාලයේ දී රූපවාහිනිය වෙනුවෙන්.
ගුරුන්නාන්සේ : වෙන්න බෑ. කවද්ද බං ඔය දෙක එකට ගියේ ? වැරැද්දකින් වෙන්න ඇති.
ගෝලයා : ඒ වුණාට දැන් යන්න එපායෑ.
ගුරුන්නාන්සේ : ඔව් යන්න එපායෑ අම්බලන්ගොඩ ඉඳලා. හා හා ඉක්මනට ඔය රූකඩ පෙට්ටිය හොයලා ගනින්. අද ගනින් 94 මගියා.
ගෝලයා : 94 මගියා .... (සොයයි) ආ ... මේ තියෙන්නේ සක ජාතකය.
ගුරුන්නාන්සේ : නෑ නෑ 94 මගියා.
ගෝලයා : බක ජාතකය ... ආ මෙන්න තියෙනවා 94 මගියා.
ගුරුන්නාන්සේ : ආ... එහෙනං ඉක්මනට ඔය පෙට්ටිය ගනින් යන්න.