අසම්මත හෙවත් අභූතරූපි නාට්‍ය බිහි වූයේ දෙවැනි ලෝක සංග්‍රාමයෙන් පසුවය. මිනිසුන්ගේ භෞතික දේපොළ විනාශ වීමත්, එකිනෙකාට එකිනෙකා අහිමි වීම තුළ ඔවුන්ගේ අධ්‍යාත්මික ජීවිත දෙදරා යාමත් නිසා අපේක්ෂා භංගත්වයට පත්වූහ. මානව හිමිකම්, ප්‍රජාතන්ත්‍රවාදි අයිතිවාසිකම් යටපත් කරගෙන හිට්ලර්ගේ කුරිරු ජාතිවාදය හා ඒකාධිපතීත්වය නැගී එන්නට විය.
මෙම සමාජ පසුබිම නිර්මාණය වීම හේතුවෙන් මිනිසුන්ගේ සියලු ඇදහිලි, විශ්වාස හා දර්ශනවාද අභියෝගයට ලක්විය.
මෙම භෞතික හා අධ්‍යාත්මික විපර්යාසයන් නිසා කැලඹිල්ලට පත් විසිවන සියවසේ යුරෝපීය මිනිසුන්ගෙන් කොටසක් තුළ මෙවැනි උපකල්පනයක් පහළ විය.
"සමස්ත සමාජයේම පැවැත්ම දෙදරා ගොසිනි. පුද්ගලයන් දෙදෙනකු අතර අව්‍යාජ සන්නිවේදනයක් පැවතිය නොහැකිය. භව සත්තාව නම්, හුදකලා වූ මිනිසා තමා ජීවත් වෙන අර්ථ ශුන්‍ය ලෝකය තුළ තමන්ට හිමි නිෂ්ඵල තැන සෙවීමට ගන්නා ඵල රහිත උත්සාහය වේ. සමාජයේ සියලු පුරුක් ගැලවී ගොසිනි. සංස්ථාපිත සමාජයන් තුළ සිරවුණු මිනිසා හුදෙක් එහි අවයවයක්ව ක්‍රියාකරයි"
අසම්මත (Absurd) යන වචනය මලලසේකර ඉංග්‍රීසි-සිංහල ශබ්ද කෝෂයේ තේරුම දී ඇත්තේ "අයුක්ති සහගත, විහිලු, හාස්‍යජනක, න්‍යාය විරෝධි, මෝඩ" යන වචනවලිනි. මේ නිසා "විකාරරූපි" යන වචනය අසම්මත නාට්‍ය හැඳින්වීම සඳහා අප පාවිච්චි කළත් එය එතරම් ගැලපීමක් නැත. එම නිසා "අසම්මත" නාට්‍ය යනුවෙන් හැඳින්වීම වඩාත් යෝග්‍ය යැයි සිතේ.
1942 ඇල්බෙයා කැමු විසින් ලියූ "ද මිත් ඔෆ් සිසිෆස්" ග්‍රන්ථයේ ලියැවී ඇති එක් කොටසක් අසම්මත නාට්‍ය නිර්වචනය කර ගැනීමට ඉවහල් වේ. "තර්කයෙන් ග්‍රහණය කළ හැකි ලෝකය, එය කොතරම් වැරදි සහගත වුවත් හොඳින් දැන හැඳිනගත් ලොවකි. එහෙත් හදිසියේම කල්පිතය බිඳ වැටුණු, ආලෝකය නිවී ගිය විශ්වයක් තුළ මිනිසාට තමා හුදකලා වූවෙකු බව දැනේ. නැතිවී ගිය වාසභූමිය පිළිබඳ ස්මෘතින්ගෙන් මෙන්ම අනාගතයේ දී හමුවන පරාදීසයක් පිළිබඳ අපේක්ෂාවෙන් ද මිදුණු ඔහුට තමා ආගන්තුකයෙකු බව දැනේ. මිනිසා හා ඔහුගේ ජීවිතයත්, නළුවා හා ඔහුගේ පසුතලයත් අතර සිදුවූ මෙම විසංයෝගය විසින් සත්‍ය වශයෙන්ම අසම්මත භාවය පිළිබඳ හැඟීමක් ජනිත කරවයි."
මෙම අසම්මත නාට්‍ය බිහිවීමට පෙර නාට්‍ය කලාව තුළ දක්නට ලැබුණේ ස්වභාවික වාදය පදනම් කරගත් නිර්මාණයන්ය. දහඅට වැනි සියවස මුල් භගයේ දී පැරීසිය මුල් කොටගෙන එමිල් සෝලා, ෆ්ලොබෙයා වැන්නන්ගේ මෙහෙයවීමෙන් ස්වභාවිකවාදය ඇරඹුණි. පසුව ස්වභාවික වාදය තුළ සෞන්දර්යාත්මක විශේෂතාව නොමැති බව විචාරකයින් පෙන්වා දීමෙන් පසුව යථාර්ථචාදය බිහිවිය. යථාර්ථවාදි සංවාද නාට්‍ය කලාවේ පුරෝගාමියෙක් ලෙස හෙන්රික් ඉබ්සන් හැඳින්විය හැකිය. රුසියාවේ පුෂ්කින්, ගොගොල් හරහා ඇන්ටන් චෙකොෆ්, කොන්ස්ටාන්ටින්, ස්ටැනිස්ලැව්ස්කි වැනි අය යථාර්ථවාදී රීතිය භාවිතා කරන ලදී. ඇන්ටන් චෙකොෆ්ගේ ආභාෂය ලබාගත් බර්නාඩ් ෂෝ, ටෙනසි විලියම්ස්, ජේ.බී. ප්‍රිට්ස්ලි වැනි නාට්‍යකරුවන් පසුව බිහිවිය.
යථාර්ථවාදී නාට්‍යකරුවෝ නාට්‍ය නිර්මාණයට ගුරුකොට ගත්තේ ඇරිස්ටෝටලියානු න්‍යායයි. ඒ නිසා මෙම නාට්‍යය සුසාදිත නාට්‍යය (Well Made Play) යනුවෙන් හැඳින්වේ. සුසාදිතයනු " මැනවින් ගොතන ලද" යන්නයි. එනම්, මුල, මැද, අග සහිත පිළිවෙළකට සිද්ධි ගළපන ලද නාට්‍යයි. තවද ඇරිස්ටෝටලියානු සිද්ධාන්ත අනුව කතා වස්තුව හෙවත් කතා වින්‍යාසය (Plot) චරිතය (Character) කාලය හා කාර්යයේ ඒකීයත්වය (Unity of time and action) යන අංගද යථාර්ථවාදී නාට්‍යකරුවන් භාවිතා කරන ලදී.
අසම්මත නාට්‍යකරුවෝ විසින් කරන ලද්දේ ඉහත සඳහන් සම්මතයන් බිඳ දැමීමයි. ඒවා නෙරපා දැමීමයි. මාටින් එස්ලින් නමැති විචාරකයා මෙසේ සඳහන් කොට තිබේ.
"සුසාධිත නාට්‍ය (Well Made Play) තුළ පිළිවෙළකට ගෙතූ කථාවක් ඇත්නම්, අසම්මත නාට්‍යවල කතාවක් හෝ වස්තුවක් හෝ නොමැත. සුසාධිත නාට්‍යයක් චරිත නිරූපණය හා අභිප්‍රාය අතින් පළකොට ඇති සූක්ෂ්මතාවය අනුව විනිශ්චය කටයුතු නම් මෙම නාට්‍යවල බොහෝ විට හඳුනාගත හැකි චරිත නිරූපණයක් නොමැති අතර ඒවා යාන්ත්‍රික රූප හා රූකඩ තරමට ලංවෙයි. සුසාධිත නාට්‍යයක මනාලෙස විස්තාරණය කොට මටසිලිටි ලෙස අනාවරණය වී අවසානයේ දී විසඳුමක් කරා එළඹෙන තේමාවක් තිබිය යුතු නම්, මෙම වාට්‍යවල ආරම්භයක් හෝ අවසානයක් හෝ නොමැත. සුසාධිත නාට්‍යයක් ස්භාවිකත්වය වෙත කැඩපතක් අල්ලා එහි මනා නිරීක්ෂණයක් ලෙස සැකසූ කටු සටහනක් වශයෙන් යුගයේ චර්යාවන් හා චර්යා ධර්ම පිළිබිඹු කළ යුතු වේ නම් මෙම නාට්‍ය බොහෝ විට ස්වප්නවල හා නපුරු සිහිනවල ප්‍රතිබිම්බයක් වනු ඇත. සුසාධිත නාට්‍යවල මුඛරි බව හා මුඛරි ප්‍රත්‍යුත්තර කෙරෙහිද විශ්වාසය තැබිය යුතු නම් මෙම නාට්‍යවල බොහෝ විට ඇත්තේ එකිනෙකට නොගැළපෙන දෙඩවිලිය"
මෙම අදහස් මගින් අසම්මත නාට්‍යකලාව පිළිබඳ යම් වැටහීමක් ඔබට ලැබෙන්නට ඇත. මීළඟට අසම්මත නාට්‍යකරුවන් හා ඔවුන්ගේ නිර්මාණ පිළිබඳව අවධානය යොමු කරමු.

1906 වසරේ අයර්ලන්තයේ උපන් සැමුවෙල් බෙකට් විසින් රචනා කරන ලද "ගෝඩෝ එනකං" (Waiting for Godot) අසම්මත රංග කලාවේ පළමු නිර්මාණයයි. එන්ඩ් ගේම් (End Game) ඔහුගේ තවත් නාට්‍යයකි.
1908 දී රුසියාවේ කොකේසියානු කිස්ලෝබොවිස්කි ප්‍රාන්තයේ උපන් ආතර් ඇඩමෝෆ් අසම්මත නාට්‍ය ව්‍යාපාරයේ තවත් දැවැන්තයෙකි.
1912 රුමේනියාවේ උපන් යුජින් අයනෙස්කො, නාට්‍ය කිහිපයක් නිර්මාණය කර තිබේ. ඔහු 1948 දී ප්‍රථම නාට්‍යය ලියූ අතර එය "පාඩම්" (Lesson) වශයෙන් නම් කෙරුණි. මීළඟට 1952 දී "පුටු" (Chairs) 1953 දී "ඇමඩි" 1960 දී "රයිනෝසිරස්" "මිනීමරුවා" (The Killer) "නායකයා" (The Leader) "සාහින්න හා පිපාසය" (Hunger and Thurst) වශයෙන් නාට්‍ය නිර්මාණය කර තිබේ.
ෂොන් ජෙනේ, එඩ්වර්ඩ් ඔල්බි, ෆැනැන්ඩෝ ඇරැබිබල්, මැක්ස්ලීව් හා හැරල්ඩ් වින්ටර් අනෙක් අසම්මත නාට්‍යකරුවෝ වෙති.

අවසාන වශයෙන් අසම්මත නාට්‍යයක ලක්ෂණ මෙසේ සාරාංශ කළ හැකිය.
01. දෙවන ලෝක යුද්ධයෙන් මිනිසුන්ගේ භෞතික සම්පත් විනාශ විය. අධ්‍යාත්මික බැඳීම් ද අහිමි විය. මේ නිසා අපේක්ෂා භංගත්වයට පත්විය.
02. අසම්මත නාට්‍යයක අන්තර්ගතය තුළින් ශුන්‍යත්වය පිළිබිඹු කරයි.
03. මුල, මැද, අග සහිතව කතාවක් නොමැත. සිද්ධි ඉදිරිපත් කිරීමක් සිදුවේ.
04. නාට්‍ය සිද්ධි තුළ හා දැබස් ඛාණ්ඩ තුළ එකිනෙකට සම්බන්ධ වන හේතුඵල සම්බන්ධයක් හෝ විශ්වාසණියත්වයක් නොමැත.
05. මතු පිටින් සිද්ධි තුළ එකමුතුකමක් නොතිබුණත්, අභ්‍යන්තර වශයෙන් සම්බන්ධතාවක් දක්නට ලැබේ. උදාහරණයක් වශයෙන් මාලයක මුතු ඇමිණීමට යොදා ගන්නා නූලක් මෙන් සම්බන්ධය මතු පිටට නොපෙනේ.
06. සංවාද ඉතා අඩුවෙන් භාවිතා කෙරේ. සංවාද අතර නිශ්ශබ්ද කාලය වැඩිය. එම නිශ්ශබ්ද කාලය ප්‍රේක්ෂකයාට නාට්‍යයේ අර්ථයන් රසවින්දනය කිරීමට ලැබෙන අවස්ථාවක් සේ විචාරකයින් සලකනු ලැබේ.
07. එකම ක්‍රියාව නැවත නැවත නාට්‍ය තුළ දක්නට ලැබේ. එම ක්‍රියාවන් ඉතාමත් මන්දගාමි ලෙස සිදුවේ.