ජපානයේ සුප්‍රකට කබුකි සහ නෝ නාට්‍ය සම්ප්‍රදායන් දෙකම නාට්‍ය ධර්මි සම්ප්‍රදාය අනුගමනය කරයි. ක්‍රි.ව. 14 වන සියවස අග භාගයේ පමණ නර්තනයට සම්බන්ධව උපත ලැබූ හෝ නාට්‍ය දැනට පවතින පැරණිතම නාට්‍ය සම්ප්‍රදාය යැයි සැලකේ. නෝ නාට්‍යයක විශේෂ වූ රංග පීඨයකි. එය ඉතා චාම් විවෘත එකකි. නේපථ්‍යාගාරයේ සිටම නළුවන් පැමිණෙන හැටි ප්‍රේක්ෂකයාට දැක ගත හැකිසේ එය සැකසී ඇත. ප්‍රේක්ෂකයින්ගේ අසුන් ද පිහිටා ඇත්තේ කවාකාරව වාඩි වීම පිණිසයි. එවිට වටේ සිටි ප්‍රේක්ෂකයා රංග භූමියේ සිදුවන දේ දකී. සංවාදය කාව්‍යමය වේ. වාද්‍ය වෘන්දය ප්‍රේක්ෂකයාට පෙනෙන්න වාඩි වී සිටී. සම්මුති බවට පත් වී ඇති සංකේත භාවිතය, ගාථා ගායනය හා සම්භාෂණය නෝ නාට්‍යයේ ප්‍රධාන ලක්ෂණය වී ඇත.
නළු නිළියන්ගේ චලන, ඉරියව්, ගමන් විලාස සියල්ල චිරාගත සම්මුතීන් අනුව සිදුකෙරේ.
වඩාත් ජනප්‍රිය සම්ප්‍රදායක් වන කබුකි නාට්‍යයද නැටුමෙන්, ගැයුමෙන් සමන්විතය. ස්වභාවිකත්වය නිරූපණය කිරීම කබුකි නාට්‍යකරුවන්ගේ සහ නළුවාගේ අපේක්ෂාව නොවීය. නළුවා තමා රඟපාන නාට්‍ය ප්‍රේක්ෂකයා වෙත ගෙන ආ යුත්තේ ගාථා හෝ පිරිත් හෝ සජ්ගායනයට සමාන වූ රිද්මයානුකූල ශබ්ද රටාවන් මගිනි. ඔහුගේ අංග චලනය, ඉරියව්, මුද්‍රා සියල්ලම අස්වාභාවික ශෛලියකට අයත්ව වාද්‍ය සංගීතයට අනුව සිදුවිය යුතුව ඇත. කබුකි නාට්‍ය තවත් ජපානයේ පවත්නා නාට්‍ය ධර්මි නාට්‍ය වර්ගයකි.
ලෝක ධර්මි කොටස පිළිබඳව මීට ඉහත ද සාකච්ඡා කළ නිසා ඒ පිළිබඳ විස්තර සැපයීමට අවශ්‍ය නැත. මීළඟට නාට්‍ය නැරඹීමෙන් ප්‍රේක්ෂකයාට දැනෙන හැඟීම් අනුව එසේත් නැතිනම් ප්‍රේක්ෂක ප්‍රතිචාර අනුව කෙරෙන වර්ගීකරණය පිළිබඳව අවධානය යොමු කරමු.
ප්‍රේක්ෂක ප්‍රතිචාර අනුව නාට්‍ය වර්ග කිරීමේ ක්‍රමය වඩාත්ම ප්‍රචලිතව පැවතුනේ ඇරිස්ටෝටල් නම් ග්‍රීක පඬිවරයා විසින් ඔහුගේ "කාව්‍ය ශාස්ත්‍රය" නමැති කෘතියේ කරන ලද යෝජනා පරිදිය. එහෙයින් ග්‍රීකවරුන් අතර පැවති ඒ ක්‍රමය මුලින්ම විග්‍රහ කර බලමු. බටහිර නාට්‍ය සම්ප්‍රදායේ නිජබිම වශයෙන් සැලකෙන ග්‍රීසියේ ශෝකාන්ත (ට්‍රැජඩ්) සහ සුඛාන්ත (කොමඩි) නමින් ප්‍රධාන නාට්‍ය වර්ග දෙකකි. මෙම නාට්‍ය ක්‍රි.පූ. 500-300 අතර කාලය තුළ පැවතුන බව එකල ග්‍රීසියේ ඉදිරිපත් වූ නාට්‍ය කෘතීන් පිළිබඳ ගවේශණයක් කළ ඇරිස්ටෝටල් නම් දාර්ශනිකයා "කාව්‍ය ශාස්ත්‍රය" නම් සිය ග්‍රන්ථයේ සඳහන් කරයි. ශෝකාන්තය මිනිස් සන්තානයේ ඇතිවන ප්‍රබල හැඟීමක් වන ශෝකය පිළිබිඹු කරන අතර සුඛාන්තය අනෙක් ප්‍රබල හැඟීම වන ප්‍රීතිය, සතුට නියෝජනය කරයි. මේ අනුව බලන කල ශෝකාන්තය හා සුඛාන්තය වශයෙන් වර්ග කිරීම සිදු වන්නේ ප්‍රේක්ෂක ප්‍රතිචාර, එනම් නාට්‍ය නරඹන අවස්ථාවේ ප්‍රේක්ෂකයා තුළ ඇතිවන හැඟීම් ප්‍රමිත වශයෙන් ගෙන බව ඔබට ප්‍රත්‍යක්ෂ වනු ඇත. ශෝකාන්ත නාට්‍යයක අවසානය දුක්මුසු විය යුතු වුවද, එය විකාශනයේ දී විටින් විට හෝ ප්‍රිතිමත් අවස්ථා ඇතිවිය හැකියි. එසේම සුඛාන්ත නාට්‍යවල ද අවසානය ප්‍රීතිමත් විය යුතු වුවද එය විකාශනයේ දී නාට්‍ය අන්තර්ගතය තුළ දුක්මුසු අවස්ථා ඇතිවිය හැකිය. ඇරිස්ටෝටල්ගේ "කාව්‍ය ශාස්ත්‍රය" ලියන කාලය වන විට දීර්ඝ විකාශනයකින් පසු මේ ආකෘතීන් දෙක නිශ්චිත, සෘජු, පරිපූර්ණ ලක්ෂණ දරන ආකෘතීන් බවට පත් වී තිබුණි. ශෝකාන්ත ආකෘතිය වහල් කොට ගෙන ඊස්කිලස් (ක්‍රි.පූ. 525-456) සොපොක්ලිස් (ක්‍රි.පූ. 495-405) සහ යුරිපිඩීස් (ක්‍රි.පූ. 485-406) යන නාට්‍යකරුවන් නාට්‍ය රචනා කළහ.
ඇර්ස්ටොෆනෙස් (ක්‍රි.පූ. 450-380) සුඛාන්ත ආකෘතියෙන් නාට්‍ය රචනා කළ ප්‍රමුඛතා වශයෙන් සැලකේ. ග්‍රීක යුගයෙන් පසුව එළිසබෙත් රැජිනගේ යුගයේ දී විලියම් ශෙක්ස්පියර් (ක්‍රි.ව. 1564-1616) වැනි නාට්‍යකරුවන් විසින් ශෝකාන්ත නාට්‍ය රචනා කරන ලදී.
ඇරිස්ටෝටල් පෙන්වා දුන් පරිදි ප්‍රේක්ෂක ප්‍රතිචාර අනුව බෙදන අනෙක් නාට්‍ය වර්ගය සුඛාන්තය නම් වේ. එහිදී ප්‍රේක්ෂකයා අපේක්ෂා කරන ප්‍රතිචාරය ප්‍රීතිය හා සතුට බව ඔබ දනී. සුඛාන්තයේ පොදු ලක්ෂණ ගැන අවබෝධයක් ලැබීමට ඇරිස්ටෝටල් පඬිවරයා දක්වන මේ නිර්වචනය බලන්න.

"සුඛාන්තය වූ කලී පහත් ගණයේ පුද්ගලයන් හා සම්බන්ධ අනුකරණයකි. මෙහි පහත් ගණයේ පුද්ගලයන් ලෙස හැඳින්වෙනුයේ සර්වප්‍රකාරයෙන්ම නීච ක්‍රියාවන්හි යෙදෙන්නේ නොව සාමාන්‍යයෙන් අවමාන පූර්වක ක්‍රියාවන්හි නිරතවන අයයි. මෙයින් කිසියම් නොහොබිනා හෝ අයහපත් හෝ ක්‍රියා මිස වේදනාකාරි හෝ අනවර්ථකාරි හෝ ක්‍රියා අදහස් නොකෙරේ. විකෘති වූද, අජූව පෙනුමක් ඇත්තා වූද විකට වෙස් මුහුණු හොඳ උදාහරණයකි. මෙසේ වෙස් දැකීමෙන් වේදනාකාරි හැඟීම් ඇති වන්නේ නැත."
සුඛාන්ත නාට්‍ය හදාරණ විට තවත් මතකයේ තබා ගත යුතු කරිණක් නම් එම නාට්‍යවල එන සිදුවීම් සහ බොහෝ කියමන් සිනා උපදවන සුලු වුවත්, එහි එය අනිවාර්ය ලක්ෂණය හෝ අරමුණ නොවන බවයි. ඉහත කී සුඛාන්තයේ අනිවාර්ය ලක්ෂණය ප්‍රීතිය ඉපදවීමයි. සුඛාන්තවල පොදු ලක්ෂණ මෙසේ වුවද එම සම්ප්‍රදාය වර්ධනය වත්ම එය නොයෙක් සියුම් ප්‍රබේදවලට බෙදා දැක්විය හැකිය.
ෆාස් (Farce) නාට්‍ය හෙවත් ප්‍රහසන
ෆාස් (Farce) නාට්‍ය හෙවත් ප්‍රහසන
ෆාස් (Farce) නාට්‍ය ක්‍රියාකාරකම් හා සිද්ධිවලින් ගහණ වූ චරිත හා භාවයන් ඉවත් කිරීමෙන් අන්තවාදී ලෙස නාට්‍යමය ක්‍රියාකාරකම් බහුල කරන ලද නාට්‍ය විශේෂයකි. මෙම නාට්‍ය බටහිර සම්ප්‍රදායේ එන සිනාව උපදවන එකම නාට්‍ය වර්ගයයි. අවස්ථා හා චරිත, අස්වාභාවිකව හා අතිශෝකතියෙන් නිරූපණය කිරීමෙන් ද, විකට සංවාදයෙන් ද, සිනාව ඉපදවීමම පරමාර්ථ කරගත් මෙම නාට්‍ය වර්ගය අද වනතුරු ද වරින්වර නාට්‍ය ක්ෂේත්‍රයේ ජනප්‍රිය වී අභාවයට යයි. "Farce" යන්නෙහි තේරුම වන්නේ වල්පල් නැතහොත් යමන් ඔබා පිරවීම යන්නයි. ප්‍රභසන නාට්‍යයේ දී වැදගත් වන අංග පහක් පිළිබඳව විචාරකයන් පැහැදිලි කොට ඇත.
01. ප්‍රහසන නාට්‍යයෙහි අරමුණ වන්නේ ප්‍රබල හාස්‍යය මගින් ප්‍රේක්ෂකයාට එදිනෙදා ප්‍රශ්නවලින් පලායාමට මග සැලසීමයි.

02. රචකයා සමහර අභව්‍ය සිද්ධි හෝ චරිත මුලින්ම ඉදිරිපත් කරනු ලැබුව ද, ඉන්පසු නාට්‍ය විකාශනය වන්නේ භව්‍ය ආකාරයකටය.
03. එකි චරිත හෝ සිද්ධි විය හැකි නමුදු විය යුතු දේ ලෙස සැලකිය නොහැකිය.
04. මූලිකත්වය ලැබෙන්නේ අවස්ථාවලට විනා චරිතවලට නොවේ. එබැවින් පරිකලපනයට ලැබෙනුයේ අල්ප ස්ථානයකි.
05. ප්‍රසාංගික ආකාරයට සිද්ධි ඉකමනින් වෙනස් විය යුතුය. ඒවා පිළිබඳ විශ්වාසය සීමා වන්නේ එම මොහොතට පමණී.
ප්‍රහසන නාට්‍යකරුවන් ලෙස ප්‍රංශයේ ඉවුපින් ලැබ්වි (ක්‍රි.ව. 1815-1888) ඉංග්‍රීසි ජාතික ශ්‍රීමත් ආතර් පිනෙරෝ (1855-1934) යන දෙදෙනා ප්‍රධාන වශයෙන් හැඳින්විය හැකිය. පිනෙරෝ විසින් 1885 දී නඩුකාරයා (The Magistrate)1886 දී ගුරුතුමිය (The School Mistress) 1887 දී බිස්කුන් වහන්සේ (Bishop) ආදී නාට්‍ය නිර්මාණය කරන ලදී.
පන්ති භේදය, කුල භේදය වැනි සමාජ විෂමතා බහුලව පවතින සමාජයක ප්‍රහසන නාට්‍යවල හොඳ ප්‍රතිචාරයක් ලැබෙන බව විචාරකයන්ගේ මතයයි. අපගේ කෝලම් සම්ප්‍රදායේ එන "ජස කෝලම" වැනි නාට්‍යයකින් මතුවෙන කුල හා පන්ති භේදය දෙස බලා ප්‍රේක්ෂකයෝ මහත් වින්දනයක් ලබති. නිහාල් සිල්වාගේ "සාජනට් නල්ලතම්බි" ප්‍රහසනයට හොඳ උදාහරණයකි.