ගීත නාට්‍ය
 

ගායනයට ප්‍රමුඛත්වය දෙමින් ඉදිරිපත් කරන නාට්‍ය විශේෂය ගීත නාට්‍ය නම් වේ. ලංකාව තුළ මීට ගත හැකි හොඳම උදාහරණය වන්නේ මකුලොලුව මහතා විසින් නිර්මාණය කරන ලද "දෙපානෝ" ගීත නාටකයයි. බොහෝ විට මේ සඳහා කතා වස්තුන් ලෙස යොදා ගනු ලැබුයේ පුරාණ දේවකතා හා ජනකතාවන්ය. පෙරදිග ගීත නාටකවලට බටහිර ඔපෙරාවල ආභාෂය ද ලැබී ඇත.


ගීත නාටකයක වාචිකාභිනය ප්‍රබල වේ. එයට හේතුව වන්නේ සංගීතය මුසු වූ ගීත මාධ්‍ය සංවාද සඳහා යොදා ගැනීමයි. මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍ර මහතා විසින් නිර්මාණය කරන ලද "පේමතෝ ජායති සෝකෝ" නාට්‍යය ගීත නාට්‍යවලට තවත් උදාහරණයකි. මෙහි සංවාද නාට්‍ය පෙළෙහි නිර්මාණය වී ඇති ආකාරය විමසා බලන්න.


උද්ද්‍රාල : එසේ වේ නම් ස්වර්ණාතිලකා
         මැරුම් කෑවේ මා අතින්මයි
         මගේ පණ හා සරිව ඉන්නා
         සිසුන්ගෙන් නම් මැරුම් කෑවේ
         මා අතින්මයි මැරුම් කෑවේ
         ස්වර්ණතිලකා ළඳුනි මම ඔබ
         කුරිරු මරුගේ මුවෙහි හෙළුවෙමි
         පිය සිසුනි ඔබ කෙර් නැත මා
         සිතෙහි අල්ප වූ වෛරයක්වත්
         දෙමි සමා මම ඔබට
         ඔබ අයදුවත් නැතත්  
         පැහැර ගත්තාහුය ඔබ
         මා සතුව ඇති සෑම
         වස්තුවත්, සම්පතත්, සෙනෙහසත්, සැනසුමත්
         එසේ වුවද ඔබ කෙරේ
         නැත වෛරයක් කිසිදු
         දෙමි සමා මම ඔබට
         සමා කරවා ගන්නේ කෙලෙසද?
         මා අතින් වූ වරද එ ළඳට? 

අග්නිදත්ත : ගුණ නැණ යුත් ඇඳුරුතුමනි,
            පියවි මනසින් සිතා බලනුය
            කවර සෙනෙහස කවර සම්පත
            වේද ඔබහට ළඳකගෙන් කිසි?
            කවර දා දුටු ළඳක් දෝ ඈ?
            ඔබතුමා හට වෙමින් අතවැසි
            බාල වයසේ සිටම බැතියෙන්
            පුදන සෙනෙහස
            නොවන්නෙද ඔබතුමාට සම්පත?
            නොදෙන්නෙද එය කිසිදු සැනසුම?

දප්පුල : රූ ගඳ සදින්
         සිනිඳු පහසින්
         ජවි වර්ණයෙන්
         පෙළඹුවා ඈ ඔබතුමා හද
         මායා රූපය නොවේද එසියල්
         මාරයා විත් මවා දැක්වූ?


සිංගල : දැන් බලනු කොයිද ඈ
         ළහිරු මඬලක් ලෙසට
         රුවන් රැස් විහිද වූ?
         අඟ පසඟ සිහින් වූ?
         ඔබතුමා බැඳි පාසේ
         තැබූ ඒ ලෙල නුවන්
         මුව කමල, පිය තෙපුල ඈ සියල්?


ගායකයෝ : සෑය මතුපිට වේද දැවෙමින්
            ගිනි දැලින් දැවටේද අත්පා?
            ස්වර්ණ වර්ණ වූ එවන් දේහය
            මද ඇසිල්ලෙන් වේද අළු ගොඩ?    
            

(උද්ද්‍රාල බමුණා තම චෛතසිකයන් මූර්තිමත් කොට දක්වන වියරු නැටුමක් නටා නික්ම යයි. ශිෂ්‍යයෝ ඔහු පසු පස දුහු බඳිති.)

සරත්චන්ද්‍ර මහතා විසින් "පේමතෝ ජායතී සෝකෝ" නාට්‍ය පිළිබඳ පහත සඳහන් ආකාරයේ අදහස් දක්වා තිබේ.

"පේමතෝ ජායති සෝකෝ" රංග කරන ලද්දේ ගීත නාට්‍යයක ස්වරූපයෙන්ය. එය ඉදිරිපත් කළේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සිංහල නාට්‍ය මණ්ඩලයයි.


නාඩගම් සංගීතය නම් ශතවර්ශ ගණනාවක්ම රංගනය සඳහා යොදා ගැනීම හේතු කොටගෙන ඒ කාර්යයට උචිත වන පරිද්දෙන් හැඩ ගැසී ඇත. එහෙත් රාගධාරි සංගීතය හෝ වෙන යම් ශෛලියක් යොදා ගතහොත් එය විශේෂයෙන් සකස් කරගත යුතු බව මට පෙණිනි. නාට්‍ය සංගීතය පෝෂණය කිරීම සඳහා "පේමතෝ ජායති සෝකෝ" නිෂ්පාදනය කළ අවස්ථාවේ මම තවත් කරුණක් අත්හදා බැලිමි. එනම් "කවුන්ට පොයින්ට්" නම් ක්‍රමය වාදනයට යෙදීමයි. පී.ඩබ්ලිව්. ජයන්ත මහතා සඳහන් කරයි.

මෙම ප්‍රකාශය තුළින් ඔබට ලංකාවේ ගීත නාට්‍ය කලාව පිළිබඳ කරුණු රාශියක් උකහා ගැනීමට හැකිවනු ඇත.

(c) Shilpa Sayura Foundation 2006-2017