මධ්‍යනය
 

මධ්‍යනය යනු අප කවුරුත් දන්නා පරිදි සාමාන්‍යය අගයයි.


කිසියම් අගයන් සමූහයක මුළු එකතුව, එම අගයන් ගණනින් බෙදීම මඟින් එම අගයන්හි මධ්‍යනය සොයාගත හැක.

ඒ අනුව 3,5,7,3 හා 5 යන අගයන් හි
මධ්‍යනය වන්නේ (3+5+7+3+5)/5 = 23/5 = 4.6 වේ.

ඔබට පිලිවෙලට සකස්කල දත්ත සමූහයක් ලැබී ඇත්නම් එහි මධ්‍යනය සෙවීම
එකතුව fx මඟින් කලහැක.

එකතුව f
මෙහි f සංඛ්‍යාතය වන අතර x මධ්‍ය අගය වේ.

උදාහරණ :
මිනිසුන් පිරිසකගේ උස පිලිබඳව දත්ත සමූහයක් පහත දී ඇත.එය ඇසුරින් මධ්‍යන උස ගණනය කරන්න.

උස(සෙ.මි)    මිනිසුන් ගණන(f)     මධ්‍ය අගය(x)     fx  ගුණිතය

101-120     1                  110.5        110.5
121-130     3                  125.5        376.5
131-140     5                  135.5        677.5
141-150     7                  145.5        1018.5
151-160     4                  155.5        622
161-170     2                  165.5        331
171-190     1                  180.5        180.5

fx = 3316.5 (එකතුව)

f = 23 (එකතුව)

මධ්‍යන උස = fx/f = 3316.5/23 = 144 සෙ.මි

 

(c) Shilpa Sayura Foundation 2006-2017