සංඛ්‍යාත ව්‍යාප්ති වගුවක් මඟින් නිරූපණය කරන ලද දත්ත ප්‍රස්ථාරයක් ඇසුරින්ද නිරූපණය කලහැකි අතර එවිට එය ග්‍රහණය කරගැනීමට ඇති හැකියාව ඉහලවේ. නිසැක වශයෙන්ම,සාපේක්ෂ හෝ සමුච්චිත සංඛ්‍යාත ව්‍යාප්තීන් ප්‍රස්ථාර මඟින් නිරූපණය කලහැකි වේ. සංඛ්‍යාත ව්‍යාප්තීන් නිරූපණය කිරීම සඳහා විවිධ ප්‍රස්ථාරික ක්‍රම කිහිපයක්ම පවතී. ස්ථම්භ ප්‍රස්ථාර , ඡාල රේඛය ,වක්‍ර සටහන් , සංඛ්‍යාත බහුඅස්‍ර යන ඒවා ඒ අතරින් වඩා ප්‍රකට වේ.