ආන්තර කට්ටලයෙන් පිටතට එන ව්‍යාවර්තය රෝද දක්වා සම්ප්‍රේෂණය කරන්නේ අක්ෂ දඬු මගිනි. බොහෝ විට රථයේ බර දරාගෙන සිටින්නේ ද මෙම උපාංගයෙනි. මෙය සරලව ගත් කළ දෙකොනින් බෙයාරිම් මත සවි කළ හරස් දණ්ඩකි.මෙය අක්ෂ දඬු නිවෙස්නාව තුළ සවි කර ඇතත් වාහනවල පිටතට නිරාවරණය වේ. ත්‍රිරෝද රථවල යටි පැත්තේ පසුපස රෝද කරකැවීමේ දඬු මෙවන් නිරාවරණය වූ අක්ෂ දඬු වේ.
මෝටර් රථයේ බර නිසා ඇති වන සිරස් බල, මෝටර් රථය ත්වරණය වන විට සහ තිරිංග යොදන විට සිදුවන වේගය බාල වීමේ දී රෝද මත ඇති වන ඉදිරියට හා පසුපසට ඇති බල, මෝටර් රථය ත්වරණය සහ තිරිංග යොදන විට රෝද මත ඇතිවන ව්යාවර්තතා සහ රථය වංගුවක් ගන්නා විට ඇති වන කේන්ද්‍රාපසාරී බල හේතුවෙන් අක්ෂ දඬු මත බල ක්‍රියා කරයි.
මෙම සියලු බලවලට ඔරොත්තු දීමේ හැකියාව අක්ෂ දඬුවලට තිබිය යුතු වේ. එනිසා, අක්ෂ දණ්ඩට නියමිත විෂ්කම්භයක් තිබිය යුතු ය. එසේ ම, රෝදය අසල සහ ආන්තර කට්ටලය අසල අක්ෂීය සහ අරීය බල තුලනයට සුවිශේෂ බෙයාරිම් මත අක්ෂ දඬු තිබිය යුතු ය.