නිමි එළවුම සහ ආන්තර කට්ටලය (Final drive and differential)
  අවරපෙති කඳෙන් ලැබෙන ව්‍යාවර්තය අවශ්‍ය ලෙස ඒකාකාරි ව අක්ෂ දඬුවලට සම්ප්‍රේෂණය කිරීමට මෙය භාවිත කෙරේ. නිමි එළවුමේ ඇති දව රෝදය සහ රජ රෝදය (Crown wheel) යන ගියර රෝද දෙක නිසා නියත යාන්ත්‍ර වාසියක් (Torque increase or speed reduction) වාහනයට ලැබේ. එලෙස ම මෙය දව රෝදයට ලැබෙන ව්‍යාවර්තය 900 කෝණයකින් හරවා පදවන රෝදවලට සම්ප්‍රේෂණය කිරීම සලසා ලයි.

ආන්තර කට්ටලයේ ඇති ග්‍රහ සහ හිරු ගියර රෝද සම්බන්ධය (Planet and sun wheel mesh) හරහා රෝද දෙක වෙත බල සම්ප්‍රේෂණය සිදු වේ. වංගු ගැනීමේ දී ඉවතින් ඇති රෝද ළඟින් ඇති රෝදවලට වඩා වැඩියෙන් කැරකිය යුතු අතර, එසේ වන අවස්ථාවල දී පවා බලය රෝදවලට ලබා දිය යුතු වේ. මෙය ද ආන්තර කට්ටලය මගින් සලසා ලයි.

කෙළින් ගමන් කරන විට වම් සහ දකුණු රෝද දෙක සමාන වේගයකින් කැරකිය යුතු වේ. එසේ අවශ්‍ය විට වම් සහ දකුණු රෝදවලට සම්බන්ධ ගියර සමාන වේගයෙන් කැරකිය යුතු වේ. එනම්, දව රෝදය මගින් රජ රෝදය කරකවන විට ග්‍රහ රෝද තනි ව නොකැරකී රජ රෝදය සමග එක් කොටසක් ලෙස කරකැවේ. එම හේතුවෙන් හිරු ගියර එක ම වේගයෙන් කරකැවේ.
(c) Shilpa Sayura Foundation 2006-2017