ගියර පෙට්ටියෙන් පිටතට සපයන ව්‍යාවර්තය නිමි එළවුම දක්වා සම්ප්‍රේෂණය කෙරෙන්නේ අවරපෙති කඳ මගිනි. අවරපෙති කඳ නොනැමිය යුතු ය (Resist bending). එසේ ම එය භ්‍රමණය වන අතරතුර ඇඹරීම සිදු නොවිය යුතු ය. දණ්ඩක ව්‍යාවර්තයක් ඇති විට එහි වෘත්තාකාර පෘෂ්ඨයේ සිට අක්ෂය දක්වා ආතතිය ක්රමානුකූල ව අඩු වී, අක්ෂයට ආසන්න වන විට ආතතිය ශුන්‍යයට ආසන්න වේ.
එනම්, දණ්ඩේ අක්ෂයට ආසන්න වන විට ලෝහ තිබීම අවශ්‍ය නොවේ. මේ නිසා අවරපෙති කඳ සෑදීමට ඇති හොඳම ක්‍රමය නම් බටයක් ආකාරයට සෑදීම යි. මෙයින් දණ්ඩේ බර ද අඩු කර ගත හැකි ය. මේ නිසා අවරපෙති කඳ සාදන්නේ වානේ බටවලිනි.
එසේ ම අවරපෙති කඳේ ගුරුත්ව කේන්ද්‍රය අක්ෂය මත නොපිහිටියහොත් ඒ හේතුකොට ගෙන ඇතිවන කේන්ද්‍ර අපසාරී බලයයන්ගෙන් භ්‍රමණය නිසා එය දෙදරීමට භාජනය වෙයි. එම දෙදරීම වැළැක්වීමට අවරපෙති කඳ ස්ථිතිකව හා ගතික ව තුලිත ව (Static and dynamic balancing) තිබිය යුතු ය.