චරිත
නිලධාරියා
රන්බණ්ඩා
මනෝරත්න
බිරිඳ
දොස්තර නෝනා
නිලධාරියා : (තරමක් හඬනගා) මාමේ, රන්බණ්ඩා මාමේ, කෝ කොයි හරියෙද ඉන්නේ...?
රන්බණ්ඩා : (සතුටෙන්) කවුද බොලේ මේ..? අපේ ගොවිකම් මහත්තයානෙ..? හේනට ඉර හඳ පෑව්වා වගේ. එන්න මහත්තයා එන්න. මේ ගහ යට හොඳට හෙවණ තියෙනවා. ඔය ගල උඩ ඈදි ගන්න.
නිලධාරියා : කොහොමද රන්බණ්ඩා මාමේ, සැප සනීප කාරිය...?
නිලධාරියා : කොහොමද රන්බණ්ඩා මාමේ, සැප සනීප කාරිය...?
රන්බණ්ඩා : හොඳ සැපෙන් සනීපෙන්. මීට වඩා සැපක් සනීපයක් මිනිහෙකුට තියේවිද...? නැහැ....
නිලධාරියා : මාමා ඉතින් හැමදාමත් සතුටෙන් සැපෙන් හිනා වෙවී ඉන්න මනුස්සයෙක් නෙ...?
රන්බණ්ඩා : ගොවියෙක් ලෙඩ වුණොත් මුළු රට ම ලෙඩ වුණා වගේ තමා. එතකොට රටට යන කල දසාව කොහොම වේවි ද...? ඒ නිසා මම හැමදාමත් සනීපෙන් (සිනාසෙයි)
නිලධාරියා : මට පුදුම යි වෙලාවකට රන්බණ්ඩා මාමා ගැන
රන්බණ්ඩා : ඒ මොකද අප්පච්චියේ? මමත් අනිත් මිනිස්සු වගේම කකුල් අත පය තියෙන බඩ ගෙඩියක් ඔලු ගෙඩියක් තියෙන මනුස්සයෙක්. (සිනාසෙමින්) මොකද මං ගැන පුදුම...? මට වලිගයක් තියෙනවා ද...?
රන්බණ්ඩා : ඒ මොකද අප්පච්චියේ? මමත් අනිත් මිනිස්සු වගේම කකුල් අත පය තියෙන බඩ ගෙඩියක් ඔලු ගෙඩියක් තියෙන මනුස්සයෙක්. (සිනාසෙමින්) මොකද මං ගැන පුදුම...? මට වලිගයක් තියෙනවා ද...?
නිලධාරියා : රන්බණ්ඩා මාමේ, මම ගොවිජන දහයක දොළහක ගොවියන් දහස් ගණනක් එක්ක වැඩ කරපු කෙනෙක්. ඉස්සර වගේ නෙමේ. දැන් කාලේ ගොවියෝ අඩ අඩා කුඹුරට බහින එක පාපයක්. අනේ මන්දා මේවා කියන එක හරිද කියලා. ඒත් නොකියා බැහැ. ගොවියා රජෙක් මිසක් හිඟන්නෙක් නෙමේ.
නිලධාරියා : මම රන්බණ්ඩා මාමාගෙන් අන්තිම වතාවටත් ප්‍රශ්නයක් අහන්නද?
නිලධාරියා : මම රන්බණ්ඩා මාමාගෙන් අන්තිම වතාවටත් ප්‍රශ්නයක් අහන්නද?
රන්බණ්ඩා : අන්තිම වතාවට...? මොකද්ද ඒ කතාවේ තේරුම...?
නිලධාරියා : මම මෙහෙන් මාරු වෙලා යනවා මාමේ. මන්ත්‍රීතුමාට නොවඳිනා වැදුම් වැඳලා යන්තන් මාරුව හදාගත්තා. ගම කිට්ටුවට.
රන්බණ්ඩා : හැබෑටම ඔය කියන මන්ත්‍රීතුමාට පිස්සු ද? හොඳ නිලධාරියෙක් තියාගන්නවා මිසක්?
නිලධාරියා : (මඳක් අමනාපයෙන්) ඔය විදිහට කතා කරන්න එපා මාමේ. මගේ ළමයි දෙන්නට මං උගන්නන්නෙ නැද්ද...?
රන්බණ්ඩා : ඕකට කියන්නේ උගන්නනවා නෙමේ. විභාග පාස් කරනවා කියලා. ඒත් මට හිතෙන්නෙ නැහැ මහත්තයාගෙ ලොකු පුතා මේ ගොවි ජනපදේ දාලා යයි කියලා.
නිලධාරියා : (තරහෙන්) ඒවා කොහෙද මාත් එක්ක..? ළමයි වැඩ කරන්න ඕන අපිට ඕනෑ විදිහට...අඩු තරමේ එයා දොස්තර කෙනෙක්වත් වෙන්න ඕනෑ.
රන්බණ්ඩා : (සරදම් ලෙස) ඇත්ත, ඇත්ත, තමන්ගේ දරුවෝ තමන්ට ඕනෑ විදිහක්. ඒ කතාව පැත්තකින් තියමුකෝ.... අර අන්තිම ප්‍රශ්නෙ මොකක් ගැනද...? වී ගැනද? එළවළු ගැනද?

නිලධාරියා : නෑ...නෑ...නෑ...මට දැනගන්න ඕනෑ මාමා මේ තරම් සතුටෙන් ජීවත්වීමේ රහස මොකද්ද කියලා...?
රන්බණ්ඩා : (තරමක් ගැඹුරු හඬකින්) මහත්තයා මම මගේ හිතට එකඟව ජීවත් වෙන කෙනෙක් මිස සමාජයට ඕනෑ විදිහට ජීවත් වෙන කෙනෙක් නෙමේ. මේ සමාජයට ඕනෑ විදිහට ජීවත් වුණොත්, මං රේස් අශ්වයෙක් ගානට වැටෙනවා.
නිලධාරියා : (තමාට) මේ මනුස්සයා රේස් අශ්වයා කිව්වේ මට ද..?
රන්බණ්ඩා : ඇයි මහත්තයා ගැස්සුණේ....? මං කියන්නෙ ඇත්ත.උදාවුණු අද දවස සතුටින් ගතකරන එක තමා ජීවිතය ගැන මට තියෙන ලොකුම බලාපොරොත්තුව. ඊයේ දවස තිබුණාවෙ. කමක් නෑහැ. හෙට දවසක් උදා වේවි. කමක් නැහැ. ඒත් මං වග කියන්නේ අද දවසට විතරයි.
නිලධාරියා : එහෙම ජීවත් වෙන්න පුළුවන් ද?

රන්බණ්ඩා : ඇයි බැරි...? ම උදේට නැගෙනහිර අහසේ පායන සූර්යයා දිහා බලාගෙන හිතන්නෙජීවිතයේ මීට වැඩිය සුන්දර යහපත් දවසක් තවත් තියේවිද කියලා. ඒ සුබවාදි හැඟීම පුරා පැය විසිහතරක් මාව සතුටෙන් තියනවා.
නිලධාරියා : රන්බණ්ඩා මාමා සුරංගනා කතා කුයනව වගේ නේ....?
රන්බණ්ඩා : (සිනාසෙමින්) මහත්තයා අවුරුදු පනහක් හැටක් තිස්සේ මේ රටේ දේශපාලකයෝ, පැව්ද්දෝ, සමාජ සේවකයෝ, නිලධාරි පැලැන්තිය අපිට බල කළේ බොරුව විශ්වාස කරන්න. වංචාව මත යැපෙන්න. පරගැති බව ආඩම්බරයක් විදිහට සලකන්න. හිඟමනට ගෞරව කරන්න.
නිලධාරියා : (බාධා කරමින් ශෝකයෙන්) රන්බණ්ඩා මාමේ මාමා කියන ඔය සේරම ඇත්ත වෙන්න පුළුවන්. ඒත් මාමා දන්නවා මං රජයේ නිලධාරියෙක් බව.
රන්බණ්ඩා : (කනගාටුවෙන්) අනේ දෙයියෝ මං මහත්තයාට අපහාස කළා නෙමේ.
නිලධාරියා : (බාධා කරමින් ශෝකයෙන්) රන්බණ්ඩා මාමේ මාමා කියන ඔය සේරම ඇත්ත වෙන්න පුළුවන්. ඒත් මාමා දන්නවා මං රජයේ නිලධාරියෙක් බව.
රන්බණ්ඩා : (කනගාටුවෙන්) අනේ දෙයියෝ මං මහත්තයාට අපහාස කළා නෙමේ.
නිලධාරියා : මං දන්නවා. ගොවිතැන ගැන පොත පතින් ඉගෙන ගන්න දේවල් වලට වඩා හුඟක් කරුණු කාරණා මම මාමාගෙන් ඉගෙන ගත්තා. මං ආවේ ඒවට ස්තූති කරලා යන්න. සමහර විට අපි ආයේ මුණ ගැහෙන එකක් නෑ....
රන්බණ්ඩා : මහත්තයා, අද දවසේ මුණ ගැහීමේ සතුට හිතේ තියාගෙන මහත්තයා යන්න. හෙට ගැන හෙට කතා කරමු. මං මහත්තයාට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා.
**********************************************************
මනෝරත්න : (තරහෙන්, නොඉවසිල්ලෙන් - කරදර හැඟීමෙන්) (තමාට) ඉස්සරහ දොර නම් බාගෙට ඇරිලා. අදත් මේ මිනිහා ගෙදර නැද්ද මන්දා.....? (හඬනගා) ගෙදර කවුද...? ගොවිකම් මහත්තයා ගෙදර ඉන්නවාද...?

බිරිඳ : (තරහෙන් තමාටම) අදත් උදේම කරදරකාරයෙක්? නිවාඩු දවසකවත් නිදහසේ ගෙදර ඉන්න නැති හැටි..? (නිලධාරියාට-නොරිස්සුම් ලෙස) මේ අන්න කවුද ඇවිත්
නිලධාරියා : කෑගහන්න එපා මනුස්සයො...
නිලධාරියා : කෑගහන්න එපා මනුස්සයො...
බිරිඳ : කෑගහලා මදි. අඩබෙරයක් ගහන්න ඕනෑ. අර වන්නි හත්පත්තුවේ ඉඳන් මෙහාට ඇවිත් දැන් අවුරුදු කීයක් වුණා ද....? තවම බැරිවුණා මහ ගෙදරට අඩියක් තියලා එන්න.