සෑම මිනුම් පටියක් සඳහා ම ආධාරක ලක්ෂ්‍ය දෙක අතර යෙදිය යුතු ආතති බලය සඳහන් කර ඇත. මෙසේ යෙදිය යුතු සම්මත අගය යොදන්නේ නම් ශෝධනයක් අවශ්‍ය නොවේ. එසේ නොවන අවස්ථාවල යොදන ආතන්‍ය බලයට අනුව ශෝධනය ගණනය කළ යුතු වේ.
මෙහි දී සම්මත අගයට වඩා වැඩි බලයක් යෙදුවේ නම් මැන්න මිනුමට වඩා සත්‍ය අගය අඩු වන අතර, සම්මත ආතතියට වඩා අඩු බලයක් යෙදුවේ නම් නිවැරදි අගය මැන්න අගයට වඩා වැඩි වේ.
ආතතිය සඳහා ශෝධනය = (P - Po) L
A. E.
L - මනින ලද පාඨාංකය (m)
P - ක්ෂේත්‍රයේ දී යොදන ලද බලය (N)
Po - යෙදිය යුතු සම්මත බලය (N)
E - ප්‍රත්‍යස්ථතා සංගුණකය N/mm2