වර්ෂා - එයා ටියුෂන් පන්ති ළඟ රස්තියාදු වෙනවා වැඩියි. ඒවායේ උගන්වන රටේ හුඟක් සෑර්ලා අධ්‍යාපන ගුලි විකුණනවා. ශිෂ්‍ය ශිෂ්‍යාවෝ සල්ලි දීලා ඒක ගන්නවා. සමහර සෑර්ලා ශිෂ්‍යාවන්ට බොහොම අසභ්‍ය විහිළු දෙක තුනකුත් කියනවා....අග්නිට ඒවා ඇහෙනවා...
ගංගාදේවි - අධ්‍යාපනය ගැන නම් කතා කරන්න එපා. උගත්තු වැඩි වෙනකොට රටේ ප්‍රශ්න වැඩි වෙන නිසා මහ බලවත්තු ළමයින්ගේ මොළේ තමන් අතට අරන් ඒ වෙනුවට ළමයින්ට ආයුධ දීලා, දැන් මොළේ තිබුණ තැන තියෙන්නෙ ආයුධ.
වර්ෂා - එතකොට, ආයුධ තිබුණ තැන.
ගංගාදේවි - එතන වෙළෙන්ඳා...
වර්ෂා - ජීවිතය හා බැඳුණු ක්‍රියාකාරකම් බොහොම සංකීර්ණයි ගංගා. දැන් බලන්න අපිට ජගත්මාතාව වත් හරියට තේරුම් ගන්න බැහැනෙ...එතුමිය නල එක්ක අග්නිගේ ප්‍රශ්නෙ ගැන කතා කරලා තියෙනවා.
ගංගාදේවි - නල ද ඒ ගැන කිව්වේ...?
වර්ෂා - නල කිව්වා ඔයා මුණ ගැහිලා ඒ ගැන කතා කරන්න එනවා කියලා.
ගංගාදේවි - මොනවා කතාකරන්න ද අනේ...? අග්නි තොත්ත පැටියෙක් ද? මම හඳ හාවියක් ද..? අමරණීය ආත්ම ලැබුව නිසා, ලෝකයාට අපේ වයස කියන්න බැහැ. ඒත් අපි තොත්ත පැටව් නෙමේ.
වර්ෂා - (කල්පනාකාරි ගැඹුරු හඬකින්) ජගත්මාතාවගේ අමරණීය නිර්මාණ වයසට යන්නෙ නැහැ ගංගා. ඔයා තාමත් නව යොවුන් ස්ත්‍රියක් වගේ. නිත්‍ය අමරණීය ජීවිතයක්.
ගංගාදේවි - ජගත්මාතාවත් අනිත්‍යයයි වර්ෂා. ඉතින් අපි නිත්‍ය වෙන්නෙ කොහොමද...?
ජගත්මාතාව - (ගැඹුරින්) ජගත් මාතා නිත්‍යයි.
ජගත්මාතාව - (ගැඹුරින්) ජගත් මාතා නිත්‍යයි.
ගංගාදේවි+වර්ෂා - අපට සමාවන්න. අපි ඔබතුමියගේ දෙපා නමදිනවා.
ජගත්මාතාව - මම දේව සංකල්පයක් නොවෙයි. විශ්ව ස්වභාවය යි. ඒ ස්වභාවය වෙනස් වීම පදනම් කරගත්තක්. ඒ නිසා මම නිත්‍යයි.
ගංගාදේවි - මාතාවනි, දහස් වාරයක් සමාව අයදිනවා.
ගංගාදේවි - මාතාවනි, දහස් වාරයක් සමාව අයදිනවා.
ජගත්මාතාව - ප්‍රේමය අහංකාර නැහැ. උමතු නැහැ. එය ආකර්ශනයක්. ඒ ආකර්ශනය නිසා මගේ සියලු නිර්මාණ එකිනෙකා කෙරෙහි බැඳී සිටිනවා. ඒ බැඳීම මතයි ලෝකයේ ඉදිරි ගමන ඇති වෙන්නේ. හැමදේකම, හැම ජීවිතයකම, හැම ශක්ති විශේෂයකම අන්තර්ගතය ආත්ම ලාභයෙන් තොර ආකර්ශනීය ප්‍රේමයයි....
(නිහඟ බව)....
ගංගාදේවි - (ඉතා සෙමින්) වර්ෂා ජගත්මාතාව ගිහින් නේද...?
වර්ෂා - ඕ තුමිය ගිහින්, (සැහැල්ලුවෙන්) එතුමිය කතා කරන කොට අපේ ඇස් පියවෙනවා. මුහුණ බිමට යොමු වෙනවා. කොයි වෙලේ යනවද දන්නෙ නෑහැ?
ගංගාදේවි - එතුමිය අපිට මෛත්‍රී ජාලයක් වර්ෂා.
වර්ෂා - ඔව්. ඔයා ආත්ම ලාභයෙන් තොර ආකර්ශනීය ප්‍රේමයකින් බැඳී සිටිනවා දකින්න එතුමිය කැමති යි වගේ....
අග්නි - (දුක්බරව) මාතාවනි, හැම දෙනා ම මට අපහාස කරනවා මං ප්‍රේම උම්මන්තකයෙක් කියලා (තරහෙන්) මට හිතෙනවා. උන් සේරම විනාශ කරන්න. එකෙක් නෑර සේරම.
අග්නි - (දුක්බරව) මාතාවනි, හැම දෙනා ම මට අපහාස කරනවා මං ප්‍රේම උම්මන්තකයෙක් කියලා (තරහෙන්) මට හිතෙනවා. උන් සේරම විනාශ කරන්න. එකෙක් නෑර සේරම.
ජගත්මාතාව - (කරුණාවෙන්) අග්නි සංසුන් වෙන්න. කලබලයෙන් ක්‍රියා කළොත් ඔබ දරුණු පාතාලයක් වගේ පෙනෙයි. ඒක ඔබේ අභිමානයටත් ගෞරවයටත් හානියක්.
අග්නි - මාතාවෙනි, මම මොනතරම් බලවත් ද...? ඒත් මං දැන් ගැඬවිල් පණුවෙකුටත් වඩා අසරණ යි.
අග්නි - මාතාවෙනි, මම මොනතරම් බලවත් ද...? ඒත් මං දැන් ගැඬවිල් පණුවෙකුටත් වඩා අසරණ යි.
ජගත්මාතාව - බලතුලනය සඳහා ඔබ ගැඬවිල් පණුවෙකුගේ තත්වයට වැටීම අත්‍යාවශ්‍යයි අග්නි. ලෝකයේ සියලු ශක්තීන්ට සමානුපාතිකව බලය බෙදී යා යුතුයි. බලය ඒකරාශි වීම විනාශයක්. තමාගේත් අනුන්ගේත් විනාශයට හේතුවක් මනුෂ්‍යයා දිහා බලන්න. ඔහු බලයට කෑදරයි. බලය වෙනුවෙන් නොකරන නොපනත්කමක් නැහැ. එය ම ඔහුගේ විනාශයට හේතු වෙනවා.
අග්නි - මිනිහා ගැන නම් කතා කරල වැඩක් නෑ....
ජගත්මාතාව - ඇයි එහෙම කියන්නෙ...? මිනිහා ඔබවත් ආකර්ශනය කරන්. ඔබ විතරක් නෙමේ ගංගා? නල? ඇයි ඔබ අහලා නැද්ද මිනිසා නිර්මාණයේ දී මම ඔබෙන් තේජෝ ගත්තා. ගංගාගෙන් ආපෝ ගත්තා. නලගෙන් වායෝ ගත්තා. අනිත්‍ය ශක්තිය මිටි කරලා පඨවි ගත්තා.
අග්නි - බලය ඒකරාශි වීම නිසා මිනිහා විනාශ වෙන්නෙ නැද්ද?
ජන්මමාතාව - මිනිහාට පුළුවන් මිනිහා විනාශ කරන්න. මිනිස් සංහතියේ මහා ආකර්ශනීය බැඳීම මෛත්‍රිය. මිනිහා මෛත්‍රියෙන් තොර වුණ දාට පෘථිවි තලයෙන් ඔහු අතු ගෑවී යනවා.
අග්නි - ඒත් ඔහු විශාල ජයග්‍රහණ ලබා ගත්තෙක් විදිහට කතා කරනවා.
ජන්මමාතාව - ආත්මාර්ථයෙන්, අහංකාරයෙන්, අභිමානයෙන් බලය යොදා ලබාගන්නා සියලු ජයග්‍රහණ අර්ථශුන්‍යයි. මන්දායුෂ්කයි. මෛත්‍රියෙන් ලබා ගන්නා ජයග්‍රහණ ශ්‍රේෂ්ඨයි.
අග්නි - (තමාට) එතුමිය ගියා. එතුමිය කියන්නෙ සැබෑ ප්‍රේමය තුළ මෛත්‍රියක් තිබිය යුතුයි කියලා.
(සුසුමක් හෙළයි)
වර්ෂා - (සැනසිල්ලෙන්) මහා ප්‍රේම යුද්ධයක් යාන්තමට නැවතුනා.
(සුසුමක් හෙළයි)
වර්ෂා - (සැනසිල්ලෙන්) මහා ප්‍රේම යුද්ධයක් යාන්තමට නැවතුනා.
නල - (සැකයෙන්) තාම කියන්න බැහැ. ඒ දෙන්නා මොනවා කතාකර ගනීවිද කියලා කාටද කියන්න පුළුවන්..?
වර්ෂා - මම නම් කැමතියි දෙන්නා එකතු වෙනවාට
නල - සිනමා සිතුවමක මනෝරාජික ජයග්‍රහණයක්...?
වර්ෂා - ඔය කිව්වෙ...? පෞරුෂයේ දැඩි බව, ඕක තමා. (චෝදනාවක්) ලෝකයේ හරි අඩක් ස්ත්‍රීන් කුසට කෑමක් නැතුව හාමතේ නින්දට යනවා. ලෝකයේ සියලු ම ස්ත්‍රීන් හිතට ආදරයක් නැතිව වේදනාවෙන් නින්දට යනවා.
නල - ස්ත්‍රීත්වයේ බොළඳ බව, ප්‍රේමය තුළ මෛත්‍රිය තියෙනවා නම් ඔය චෝදනා නැගෙන්නෙ නෑ.
අග්නි - මට සමාවෙන්න. මං ගංගාදේවිද කරදර කළ වැඩියි. මගෙ වරද මං පිළිගන්නවා. මාත් එක්ක වචනයක් කතා කරන්න කැමති වුණාට මම ස්තූතිවන්ත වෙනවා.
අග්නි - මට සමාවෙන්න. මං ගංගාදේවිද කරදර කළ වැඩියි. මගෙ වරද මං පිළිගන්නවා. මාත් එක්ක වචනයක් කතා කරන්න කැමති වුණාට මම ස්තූතිවන්ත වෙනවා.
ගංගාදේවි - මම බයෙන් හිටියෙ. ඔබ බලය අයුතු විදිහට යොදවන කොට මට බය හිතුනා. (දුකෙන්) මට ආරක්ෂාව දුන්න ගස්වැල් පවා ඔබ විනාශ කළා අග්නි.
අග්නි - දාහක් වැරදි කලා. පිළිගන්නවා. ඒත් ඒ වැරදි වලට මාව යොමු කළේ ඔබ.
ගංගාදේවි - මං අහල තියෙනවා සමහර මිනිස්සු කාන්තාවන්ටත් ඔය චෝදනාව කරනවා. ජගත්මාතාව මේවා දන්නවා ඇති?
අග්නි - ජගත්මාතාව කියනවා ස්ත්‍රීත්වය මෛත්‍රියේ ප්‍රතිමූර්තියක් කියලා. ඔයා සීතල ජල දහරාවක්. ඔයාට තිබුණා මගේ තේජස් ගින්න නිවන්න. අග්නිව හුරතල් හා පැටියෙක් වගේ ඔය සිසිලසට තුරුල් කර ගන්න. ප්‍රේමය තුළ මෛත්‍රියත් තියෙන්න ඕනෑ.
ගංගාදේවි - (කනගාටුවෙන්) දැන් ඔබේ ප්‍රේමය තුළ මෛත්‍රිය තියෙනවා ද...? පළිගැනීමේ චේතනාවෙන් මාව වාෂ්ප කරන අදහස නැද්ද...?
අග්නි - (ලජ්ජාවෙන්)නැහැ. කොහෙත්ම නැහැ. බල තුලනය තුළයි ලෝකය ඉදිරියට යන්නෙ. එක් කෙනෙක් අනික් අය අභිබවා ගියොත් ජගත්මාතාව දඬුවම් කරනවා. ගින්න සහ ජලය ලෝකය පාලනය කරනවා. හරියට පෞරුෂත්වය හා ස්ත්‍රීත්වය වගේ. ඔබයි මමයි නේද ජලය හා ගින්න....? සීමා රහිත ප්‍රේමයකින් කවදාවත් අපට එක් වෙන්න බැහැ. (දුකෙන්) ඒක කනගාටුදායක වුණත් විශ්ව නියමයක්. අපි සීමා මායිම් ඇති ප්‍රේමයකින් එකතු වෙමු. ඒ ප්‍රේමය තුළ මෛත්‍රිය රඳවා ගනිමු.
ගංගාදේවි - එහෙම වුණොත් විසි දෙවෙනි ශතවර්ශය තුළත් ජීවත්වීමේ වාසනාව අපට ලැබේවි අග්නි.
