චරිත
පිරිමි : අග්නි - ගින්න, බලය, තේජස, පෞරුෂත්වය සංකේතවත් කරයි.
නල - ගමන, සංචාරය, සුළඟ සංකේතවත් කරයි.
ස්ත්‍රී : ගංගා දේවි - සිහිල, ජලය, ස්ත්‍රීත්වය, බිය, ශෝකය සංකේතවත් කරයි.
ජගත් මාතා - විශ්ව පදාර්ථයන්ගේ ශක්තිය සංකේතවත් කරයි.
(මේ චරිතයේ හඬ දෝංකාර දෙන්නේ නම් වඩා හොඳයයි සිතමි)
අග්නි - (සෙමින්) මහ වනය බොහොම නිහඬයි. මොකද මේ? (අහංකාරයෙන්) සමහර විට මම මේ පැත්තෙ සංචාරය කරන බව දැනගෙන වෙන්නත් ඕනෑ. ඔව්. ඒවා එහෙම වෙන්න ඕනෑ. පුංචි කුරිමිණි කකුලකට පෑගෙන උඳුපියල්ලක් පවා මං එනකොට නිශ්ශබ්ද වෙන්න ඕනෑ....(හදිස්සියේ මෙන්) ඕ....කව්ද? අර...? මං හොය හොයා ඉන්න එක්කෙනා නේද...? (ආසාවෙන්) ඇඹරී ගස්ස ගස්සා යන ලස්සන? එන්න එන්න ම හැඬ යි. ලස්සන යි. ඒත් දෙයියනේ මෙයා මාව ගණන් ගන්නෙම නැහැ නෙ. මේ මුළු ලොකයම මට බය යි. ගෞරව කරනවා. ඒත් මැ....?
අග්නි - (සෙමින්) මහ වනය බොහොම නිහඬයි. මොකද මේ? (අහංකාරයෙන්) සමහර විට මම මේ පැත්තෙ සංචාරය කරන බව දැනගෙන වෙන්නත් ඕනෑ. ඔව්. ඒවා එහෙම වෙන්න ඕනෑ. පුංචි කුරිමිණි කකුලකට පෑගෙන උඳුපියල්ලක් පවා මං එනකොට නිශ්ශබ්ද වෙන්න ඕනෑ....(හදිස්සියේ මෙන්) ඕ....කව්ද? අර...? මං හොය හොයා ඉන්න එක්කෙනා නේද...? (ආසාවෙන්) ඇඹරී ගස්ස ගස්සා යන ලස්සන? එන්න එන්න ම හැඬ යි. ලස්සන යි. ඒත් දෙයියනේ මෙයා මාව ගණන් ගන්නෙම නැහැ නෙ. මේ මුළු ලොකයම මට බය යි. ගෞරව කරනවා. ඒත් මැ....?
නල - (සරදම් ලෙස තමාට) කවුද මේ...? අග්නි කුමාර, පරාජිත ප්‍රේම උම්මන්තකයා...එයා දැකලා තමා ගංගාදේවි ගමන ඉක්මන් කළේ. ඒ යහපත් කන්‍යාවට මේ පෝරිසාදය ගැලපෙනවා ද..? මාත් අගින් නොදැක්කා වගේ මගේ ගමන යන්න ඕන.
අග්නි - (හඬ නගා) ඒයි නලපානී ඔහොම නවතිනවා.
අග්නි - (හඬ නගා) ඒයි නලපානී ඔහොම නවතිනවා.
නල - කවුද..?
අගිනි - මම අග්නි කතා කළේ, නොදැක්ක වගේ යන්න යි හැඳුවේ? අනේ ඔහේ වගේ අසල්වැසියෙක්?.
නල - මං මේ හදිස්සි පණිවිඩයක් අරන් යනවා. වර්ෂාවෙන් මේඝාට පණිවිඩයක්.
අග්නි - කාලිදාස කවියා ජීවතුන් අතර හිටියා නම් ඊළඟ සන්දේශ කාව්‍යය දූතයා හැටියට නලපානීව යි තෝරා ගන්නේ.
නල - මේ ඔහේට මං එකක් කියන්නම් මම නල. නලපානි නෙමේ.
අග්නි - හරි...හරි..ඒත් ඔයා ස්ත්‍රී පක්ෂෙට පන්දම් අල්ලනවානෙ? ඒක නිසා යි මං පානි කෑල්ලක් දාන්නෙ.
නල - (බාධා කරමින්) කව්ද පන්දම් අල්ලන්නේ? උදව්වක් කරනවා මිසක්. ඒක නින්දාවක් ද...?
අග්නි - ඔව්. උවමනාවට වඩා උදව් කරන එකත් පිස්සුවක්.
නල - එතකොට ස්ත්‍රියක් පස්සේ දුවන එක? පිස්සු ප්‍රේමවන්තයෙක් වගේ...?
අග්නි - (කෝපයෙන්) කවුද ස්ත්‍රියක් පස්සෙ දිව්වෙ..?
නල - (අවඥාවෙන්) මිහිමව, කඳු ශිඛර, මහ මුහුද, නිල් අහස පවා දන්නවා අග්නි කුමාර ගංගාදේවි පස්සෙ දුවනව කියලා.
අග්නි - නල, මහේ තමා ඔය පදේ හදන්න ඇත්තේ? ලජ්ජා නැද්ද උන්නැහේ අනුන්ට කයි කතන්දර පද හදන්න...? ඔහේ හොඳ පණිවිඩ අරින්න නෙමේ. ඔත්තු හොයන්න. එක දෙක කරලා...දෙක හතර කරලා....
අග්නි - නල, මහේ තමා ඔය පදේ හදන්න ඇත්තේ? ලජ්ජා නැද්ද උන්නැහේ අනුන්ට කයි කතන්දර පද හදන්න...? ඔහේ හොඳ පණිවිඩ අරින්න නෙමේ. ඔත්තු හොයන්න. එක දෙක කරලා...දෙක හතර කරලා....
නල - ආ...ඇත්ත ද...? කාට කාටත් පිස්සු නටන්න හොඳයි. ඒක ගැන කතා කරන එක තමා නරක...? පුදුම නීතියක්...?
අග්නි - හොඳයි මම ගංගාගේ පස්සේ යනවා කියමුකො. ඒ ගැන ඔහේට තියෙන අමාරුව මොකද්ද...?
නල - කිසි අමාරුවක් නැහැ. යනවා. තව යනවා. මෝඩයා මේ අහපන් තමාට ගැලපෙන කෙනෙක් හොයා ගන්නවා නම් නේද හොඳ...?
අග්නි - (උපහාසයෙන්) එහෙනම් ඔහේට වෙන්නැති ගංගාව ගැළපෙන්නෙ...? එහෙමද?
නල - උඹ විහිළු කරනවා ද? මං වර්ෂාවට නහ දීලා ඉවරයි. පුළුවන් නම් අපේ විවාහ ජීවිතේටත් ගිනි තියපන්. ගිනි තියන එක උඹේ රාජකාරිය නෙ...
අග්නි - නල, කට කැඩිච්ච කතා කියන්න එපා. මගේ ලොකු අයියා මේ මුළු විශ්වයම පාලනය කරන්නා. ගිනි තියන්න ඕන නැහැ. අයියාට කියලා මට පුළුවන් වර්ෂාව වාෂ්ප කරන්න. ඔව් නුඹ දන්නවා සූර්යයා මගේ අයියා.
නල - (සරදම් හඬින්) සූර්යයා ඒ වගේ කුහකකම් කරන කෙනෙක් නෙමේ අග්නී. ඒත් ඔහේ කතා කරන්නේ කවුරු හරි ලොක්කෙක්ගෙ ලේකම් කෙනෙක් වගේ නෙ...හයි...යයි..යෝ...ඇයි...යයි...යෝ.
අග්නි - යනවා මෙතනින් තමා එක්ක මට කතාවක් නැහැ.
නල - යනවා තමා. ඉන්න ආවා නෙමේ. කතා කරපු නිසා යි ඒ ආවෙත්?
වර්ෂා - (කරුණාවෙන්) ගංගාදේවි, මොකද දෙයියනේ ඔයාට වෙලා තියෙන්නේ? යනවා...යනවා අතන හැංගෙනවා...මෙතන හැංගෙනවා. කාට බයේ ද මේ..?
වර්ෂා - (කරුණාවෙන්) ගංගාදේවි, මොකද දෙයියනේ ඔයාට වෙලා තියෙන්නේ? යනවා...යනවා අතන හැංගෙනවා...මෙතන හැංගෙනවා. කාට බයේ ද මේ..?
ගංගාදේවි - (දුකෙන්) නොදන්නවා වගෙ අහන්න එපා වර්ෂා. මේ අග්නි කුමාරයාගෙන් මට හරිම කරදරේ.
වර්ෂා - ඕක ප්‍රශ්නයක් කරගන්න එපා ගංගාදේවි. එයා බලයෙන් මත් වෙලා. හරියට මෝඩ දේශපාලනඥයෙක් වගේ.
ගංගාදේවි - මෝඩ වුණත් දේශපාලනඥයෙක්නෙ..? ඒකයි මට බය. බලය තියෙන කොට මොනවා කරන්න ද බැරි..?
වර්ෂා - බලය තියෙන අයට අයුතු දේවල් මොනවත් කරන්න බැරි විදිහට අපි ශක්තිමත් වෙන්න ඕන.
ගංගාදේවි - මොකවත්ම කරන්න බැරි බලයකින් වැඩකුත් නැහැ....නේද..?
වර්ෂා - ඔන්න, ඔය බළලා මල්ලෙන් එළියට පැන්නෙ..?
ගංගාදේවි - (බාධා කරමින්) කට තිබුණාට ගිරවියක් වගේ දොඩවන්න එපා. මම කිව්වෙ බලය තියෙන්නෙ යහපත් දේ කරන්න මිසක් දුෂ්ඨකම් කරන්න නෙමේ කියලා.
වර්ෂා - (උපහාසයෙන්) එක අතකට අග්නි වැරදි නැහැ. තමා කැමති කෙනෙකුට ආදරය කරන්න එයාටත් අයිතියක් තියෙනවා.
ගංගාදේවි - (තරහෙන්) ප්‍රේමය ප්‍රතික්ෂේප කිරීමේ අයිතිය අපිටත් තියෙනවා.
වර්ෂා - ඒකත් හරි. තමාගෙ ගති පැවතුම් සිරිත් විරිත් කුලගෝත්ර අාගම දහම සමාන වෙන තරමට ප්‍රේමය සතුටක් වෙනවා. නැත්නම් ජීවිතය මකර කටට වැටුණා වගේ.
ගංගාදේවි - ඔය තරම් පුළුල් දැනුමක් තියෙන කෙනෙක් විදිහට ඔයා මාව හිනාවට ලක් කරන එක වැරදියි නේද?
හිතලා බලන්න. මං කොහොමද අග්නි කුමාරට කැමති වෙන්නේ...? මම සීතල වංශයට අයිති කෙනෙක්. අග්නි කුමාර උෂ්ණ වංශයට අයිති කෙනෙක්....?
හිතලා බලන්න. මං කොහොමද අග්නි කුමාරට කැමති වෙන්නේ...? මම සීතල වංශයට අයිති කෙනෙක්. අග්නි කුමාර උෂ්ණ වංශයට අයිති කෙනෙක්....?
වර්ෂා - අපි අයිතිත් සීතල වංශයට තමා.
ගංගාදේවි - ඔයා ම කියන්න. ඔයාට පුළුවන් ද අග්නි වගේ කෙනෙක් එක්ක ජීවත් වෙන්න...?
වර්ෂා - මොන පිස්සුද? දවසින් දෙකෙන් මගේ ජීවිතය වාෂ්ප වේවි. අනේ ඒ වගේ දෙයක් හිතන්නවත් සිද්ධ වෙන්න එපා....
ගංගාදේවි - දැන් ඔයාට තේරෙනවා ද මං හිතින් විඳින දුක...? මේ මහා වනය මාව ආරක්ෂා නොකරනවා නම් මේ ගල් පර්වත අඳුරු ගුහා මං වටේ නැත්නම් මෙලහකට මාත් වාෂ්ප වෙලා ඉවරයි.
වර්ෂා - දුක් වෙන්න එපා මිතුරිය, ඔයා බොහොම යහපත් සියලු දෙනාටම සිහිල බෙදා දෙන්න, ජීවන ශක්තිය දෙන්න උත්සාහ කරන දෙවඟනක්, එහෙම කෙනෙකුට කරදර කරන එක ජගත් මාතාව ඉවසන්නෙ නැහැ. එයා ගංගාදේවිට රැකවරණ දේවි.
ගංගාදේවි - ජගත් මාතාව නිර්මාණය කලානේ මනුෂ්‍යා කියල කෙනෙක්. වර්ෂා දන්නව ඇති?
වර්ෂා - (කුතුහලයෙන්) ඔව් ඉතිං..?
ගංගාදේවි - ඒ මෝඩයත් අග්නි කුමරාට පන්දම් අල්ලනවා.
වර්ෂා - බලයට තියෙන ආසාව. තණ්හාවයි බලයයි එකතු වුණා ම සිද්ධ වෙන්නෙ මහා විනාශයක්....
ගංගාදේවි - අග්නි මට රැකවරණ දෙන ගහකොළට පවා කරදර කරනවා. මනුෂ්‍යයාට ඒවා කපා ගන්න ඉඩ සලස්වලා දෙනවා.
වර්ෂා - ඒ කිව්වේ...?
ගංගාදේවි - එයා විශාල ගස්වල කොළ වේලලා මැරිලා වගේ මවා පෙන්වනවා....
වර්ෂා - එතකොට මනුෂ්‍යයා ඇවිත් මේ ගහ මැරෙන්න යනවා. මේ ගහත් මැරෙන්න යනවා කිය කියා එයාලගේ රජවරුන් රවට්ටලා ගස් කපා ගන්නවා එහෙම ද?