පාදඩ : ඕ...ආයිබෝවන් කිව්වා....ම්...කවුද මේ අළුත් පොර...කොහෙන්ද බැස්සේ
ඉන්ද්‍ර : මේ අපේ දුරින් නෑවෙන කෙනෙක්
පාදඩ : කෝමද නම
ඉන්ද්‍ර : නම සත්‍යපාල
පාදඩ : ම් සත්‍යපාල..මං කොහෙද හරි දැකල තියෙනවා...හරි...හරියට හිරි අපේ මැරුණ ලොක්කගෙ කපාපු පලුව...අනේ දැක්කම බදාගෙන ඉඹින්න හිතෙනවා...කොහෙන්ද කන්නෙ ආ...
නායක : අයියා .... කොහෙද ඉන්නෙ
පාදඩ : ඉන්නෙ මේ බජාර් එකේ තමයි. ඕන වෙලාවක එන්ටර් වෙන්න අපි රෙඩි
නායක : අයියා .... කොහෙද ඉන්නෙ
පාදඩ : ඉන්නෙ මේ බජාර් එකේ තමයි. ඕන වෙලාවක එන්ටර් වෙන්න අපි රෙඩි
ඉන්ද්‍ර : අපි මෙයාව මෙහෙ ගෙනාවෙ උගන්නන්න
නායක : මට බෑ ඉගෙනගන්න
පාදඩ : හරි මල්ලී... ඉගෙනගෙන කාටද හරි ගියේ.. මේ බලන්ඩ අපි කොහෙන්ද ඉගෙන ගත්තේ...
විජායි : එහෙම කියල හරියන්නෙ නෑ මහත්මයා..මෙයාව මනුස්සයෙක් කරන්න නම් උගන්වන්න ඕනෙ
(වාසුකි ඇතුළු වෙයි ඇය සිය රාජකාරියට ගොස් එන ගමන්ය)
(වාසුකි ඇතුළු වෙයි ඇය සිය රාජකාරියට ගොස් එන ගමන්ය)
පාදඩ : ආ..නංගී..කෝමද බිස්නස් හොඳයි ආ..
වාසුකි : වරදක් නෑ...
(වාසුකි ඉන්ද්‍ර සමඟ වම් ආලෝක ලපයට යයි)
(වාසුකි ඉන්ද්‍ර සමඟ වම් ආලෝක ලපයට යයි)
වාසුකි : මෙයා මොකද මෙහෙ
ඉන්ද්‍ර : අනේ මන්ද මිනිහත් වාතයක් වුනා
වාසුකි : අරය අඳුනගන්නෙ නැද්ද
ඉන්ද්‍ර : නෑ මගේ ඇගේ ලේ නැතුව හිටියෙ
(පාදඩ ජනේලය අසල සිට පිටත බලා සිටියි. විජායි එම ආලෝක ලපය අසලට එයි)
(පාදඩ ජනේලය අසලට ගොස් ඔහුට විහිළුවක් කොට කරට අතදමාගෙන ඔහුවද රැගෙන වම් ආලෝක ලපයට ගමන් කරයි. කුඩා දරුවෙකුට යමක් කියාදෙන වැඩිහිටියකු මෙන් පාදඩ නායකයාට යමක් පහදා දෙයි..සියල්ල අභිනයෙනි)
ඉන්ද්‍ර : (දකුණු ආලෝක ලපයේ සිට) විජායිනන්ද අපි මිනිහගේ මනස හෙමින් හෙමින් වෙනස් කරන්ඩ ඕනෙ.
ඉන්ද්‍ර : (දකුණු ආලෝක ලපයේ සිට) විජායිනන්ද අපි මිනිහගේ මනස හෙමින් හෙමින් වෙනස් කරන්ඩ ඕනෙ.
විජායි : ඒක ලේසි නෑ...ලිං කටින් වැටිච්ච එකා ගොඩවෙන්න ඕනෙ ලිං කටින්මයි.
ඉන්ද්‍ර : ඕනෙ නපුරු සතෙක් හීලෑකරගන්න මිනිස්සු දන්නව.
විජායි : ඒ වුනත් මේක ඊට වඩා සංකීර්ණයි. හිතන්ඩ එයා පොඩි ළමයෙක් නෙමේ ඒ වුනත් එයා ලොකු මිනියෙකුත් නෙමෙයි. එයාට පැහැදිලි අවධියක් නෑ .... ඒ වගේ කෙනෙකුට උගන්නන්න ලේසි නෑ...අනේමන්ද ..මේක සෙල්ලමක් නෙමෙයි කොයි වෙලේ හරි පත්තු වෙනව.
පාදඩ : (වම් ආලෝක ලපයේ) බොරු කියන්න එපා...(උස් හඬින් සිනාසෙයි)
වාසුකි : මෙයා ගැන මොකද්ද ඉන්ද්‍රගුප්ත හිතන්නේ
ඉන්ද්‍ර : මිනිහ බොහොම වේගයෙන් එයාගේ ස්වරූපයට එනවා...
වාසුකි : ඉක්මනින් අපි කරන දෙයක් කරන්න ඕනෙ...ඔය උගන්නන්න හදන එකෙන් මේ වැඩ තව ඉක්මන් වෙයිද
ඉන්ද්‍ර : නෑ..වාසුකි...මම හිතන්නේ...එයා ආයෙ ජීවිතය ලබන කොට හොඳ මිනිහෙක් හැටියට ... බුද්ධිමත් මිනිහෙක් හැටියට ඒක ලැබුවොත් තමා හොඳ...ඒක තමා අපිට එයා වෙනුවෙන් කරන්න තියෙන්නේ
වාසුකි : ජීවිතයෙන් මරණයට...මරනයෙන් ආයෙත් ජීවිතයට ...ජීවිතත් හරියට ලිං කටක ඉඳගෙන නටන බාලක් වගේ කකුල ලිස්සල වැටුනොත් ඔක්කොම සුං
ඉන්ද්‍ර : වාසුකි මොකද මොකද මං කියපු දේ ගැන හිතන්නේ
වාසුකි : ලෝකයා අපට හිනාවෙයි
වාසුකි : ලෝකයා අපට හිනාවෙයි
ඉන්ද්‍ර : අපිත් පෙරලා හිනාවෙමු.
වාසුකි : මටත් මේ රස්සාව එපා වෙලා...මට ඕනෙ හැංගෙන්න
ඉන්ද්‍ර : අපි යමු ... ඒක තමයි එකම උත්තරේ
වාසුකි : අර මනුස්සයාව
ඉන්ද්‍ර : එයා මේ නගරයේ උරුමයක්...එයා හිටපුවාවේ මෙහෙ
වාසුකි : මට මේ කාලකණ්නි ජීවිතය එපා වෙලා
ඉන්ද්‍ර : ඔයා දිහා බලපුවාම මට මතක්වෙනව ගාර්ෂියා මාර්කේස්ගේ අහිංසක එරන්දිරා
වාසුකි : එයා කවුද
ඉන්ද්‍ර : වෛශ්‍යාවක්
නායක : (වම් ආලෝක ලපයේ සිට) මෙයාල උගන්නන කිසිම දෙයක් මට තේරෙන්නෙ නෑ..මට ඕනෙ ලොකය ගැන දැනගන්න...ඉගෙන
ගන්න...මිනිස්සු ගැන දැනගන්න..මේ ඔහෙල අපි ගැන...
ගන්න...මිනිස්සු ගැන දැනගන්න..මේ ඔහෙල අපි ගැන...
පාදඩ : නියමයි...බොස් නියමයි..
නායක : මට ඕනෙ දේශපාලකයෙක් වෙන්න (ආලෝකය වැඩි වෙයි. නායක දේශපාලකයෙක් මෙන් අභිනයෙන් රගයි)
පාදඩ : (අත්පොලසන් දෙමින්) ජයවේවා
(අභිනයෙන් රඟයි..අන් අය බලාසිටියි)
(අභිනයෙන් රඟයි..අන් අය බලාසිටියි)
ඉන්ද්‍ර : නියම තැනට එයා එන්නයි හදන්නේ...(නායක අසලට ගොස්) බොහොම හොඳයි...ඒක ඔයාගේ කැමැත්තක්...හරියට දේශපාලනය කරන එක දුෂ්කර රස්සාවක්...
නායක : මම දේශපාලකයෙක් වෙනවා හොඳ...මිනිසුන් අතරේ ඇවිද ගිහින් ඔවුන් හඳුනාගත හැකි කෙනෙක්...
පාදඩ : බොස් ඒවාට අපි ඉන්නවා. මං දන්නවා යන්න ඕනෙ පාර මං කියන්නම් තිතට
පාදඩ : බොස් ඒවාට අපි ඉන්නවා. මං දන්නවා යන්න ඕනෙ පාර මං කියන්නම් තිතට
නායක : මං කැමතියි ඉගෙන ගන්න
(තිදෙනාම සතුටු වෙයි..විවිධ අදහස් දක්වති)
(තිදෙනාම සතුටු වෙයි..විවිධ අදහස් දක්වති)
ඉන්ද්‍ර : ඒක තමයි...අපි කිව්වේ...පස්සේ වුනත් තේරුම් ගන්න එක ලොකු දෙයක්...
නායක : මං කැමතියි ඉගෙන ගන්න...ධර්මය
තිදෙනා : ඔව් ධර්මය
ඉන්ද්‍ර : ඒක හොඳයි අධර්මයෙන් ධර්මයට
(අඳුරුවේ)