(ආලෝකමත් වන විට විජායිනන්ද සහ නායක වේදිකාවේ සිටිති. අන් අය නැත. විජායිනන්ද ගුරුවරයෙකු ලෙසද නායක ගෝලයකු ලෙසද වෙති. ඔවුන් පාඩමක් කරති)
විජායි : අද මුල්ම පාඩම තත්කාලීන පඬිවරු සහ සමකාලීන ග්රන්ථ
නායක : දිග වැඩියි
විජායි : ඒ මොකද
නායක : දිග වැඩියි...මාතෘකාව එහෙම පිටින්ම දිග වැඩියි
විජායි : ලියාගන්නවා..කව් සිළුමිණ...විසුද්ධි මාර්ග සන්නය...වන විනිස සන්නය...කුදුසින සන්නය...සම්බන්ධ චින්තා සන්නස...සුබෝධාලංකාරය...
නායක : (ලියාගන්නේ නැත)
විජායි : මොකද කරන්නේ
නායක : අංකල් (ගීතයක තාලය අල්ලමින් මේසයට තට්ටු කරයි)
විජායි : ඔය මොකද කරන්නේ
නායක : (තාලයට) බුත්සරණය කන්න...කාල අමාවතුර බොන්න අන්න ගුරුළුගෝමි පියාඹනවා..යමු බලන්න එන්න
විජායි : මොනවද කියන්නේ ... මූ එදත් සාහිත්‍ය කෑව...අදත් සාහිත්‍ය කනව (බෙල්ලෙන් අල්ලා ගනියි)
නායක : සාහිත්‍ය කෑමෙන් ජාතිය පෝෂණය වේ.
(ඉන්ද්‍ර ඇතුළු වෙයි. ඔහු අරගලය දකියි)
(ඉන්ද්‍ර ඇතුළු වෙයි. ඔහු අරගලය දකියි)
ඉන්ද්‍ර : මොකද මොකද මේ පොඩි ළමයි වගේ.
විජායි : එක්කෝ මම මෙයාට උගන්නන්න ඕනෙ...නැත්නම් මෙයා මට උගන්නන්න ඕනෙ
නායක : මෙයා එනවා මගේ බෙල්ලෙන් අල්ලන්ඩ .. එහෙම වුනොත් මම ලියනව මානව හිමිකම් සංවිධාන වලට
ඉන්ද්‍ර : පිස්සු නැතිව ඔහොම ඉඳගන්නවා
නායක : එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්රඥප්තිය. එකසිය දහතුන සී.
ඉන්ද්‍ර : මොනවද විජායිනන්ද මිනිහට ඉගැන්නුවේ
විජායි : අති කථාකලා තත්කාලීන පඬිවරු සහ සමකාලීන ග්රන්ථ ගැන
ඉන්ද්‍ර : බර වැඩි නැද්ද
නායක : බර වැඩියි එහෙම පිටින්ම බර වැඩියි...
විජායි : අවබෝධයක් නැතිකම...බලන්ඩ කවි සමයේ සම්භාවිත උපමා..ලෝක ව්‍යවහාර සහ ගැමි බස...මේ සෑම අංශයකම නෛපුණ්යත්වයක් අපේ කතුවරු ඔවුන්ගේ භාෂා ශෛලිය සියලු රසයෙන් පෝෂණය වූ නිඩා නොවේද මෙතරම් රසභාව පූර්ණව ඇත්තේ
නායක : රසය වැදගත්...ඇයි අපි අපේ දේශපාලන හා පරිපාලන ක්‍රමය පිළිබඳ මහජන විශ්වාසය යලි ගොඩනැඟීමං ක්‍රියා පටිපාටිය ක්‍රියාවට නොනඟන්නේ
විජායි : පටිපාටිය...අවබෝධයක් නැති උද්දච්ච නූගත් මැට්ටා
ඉන්ද්‍ර : (නායක පසෙකට කැඳවාගෙන යයි) මෙහෙම හැමදාම රණ්ඩු කර කර ඉඳල හරියන්නෙ නෑ. ඔයා හැමදාම ඔහොම ඉඳල මොනවද කරන්න යන්නේ. මිනිහෙක් වුනාම ඉගෙන ගන්න ඕනෙ. අනාගතයක් තියෙන්න ඕනේ. රස්සාවක් තියෙන්න ඕනෙ.
නායක : ඉතිං ඔයාටත් නෑනේ
ඉන්ද්‍ර : (නායක පසෙකට කැඳවාගෙන යයි) මෙහෙම හැමදාම රණ්ඩු කර කර ඉඳල හරියන්නෙ නෑ. ඔයා හැමදාම ඔහොම ඉඳල මොනවද කරන්න යන්නේ. මිනිහෙක් වුනාම ඉගෙන ගන්න ඕනෙ. අනාගතයක් තියෙන්න ඕනේ. රස්සාවක් තියෙන්න ඕනෙ.
නායක : ඉතිං ඔයාටත් නෑනේ
ඉන්ද්‍ර : මම ළඟදීම යන්නයි ඉන්නේ හොඳ රස්සාවකට... විජායිනන්ද උත්සාහ කරන්නේ ඔයාට උගන්නන්න
නායක : එයා උගන්නන්නේ සංඥාක විඥානය...බර වැඩියි.
විජායි : මොකද එහෙම කියන්නේ....උදාවන හිරුගේ රක්ත වර්ණ වූ රශ්මි ධාරාව කසුන් රිටි වැටකට සංසන්දනය කිරීම වනාහි
නිවේදක : වෙසඟන තුගු තන යුග රොන් කොකු මගර
පිස එන මද පවන හැඳ විල් ලිහිණි සර
තොප අලුයම සපඟතුරු සවනතෙහි කර
ඇස නිඳිගැට හැර නැඟී සිටු උදා ගිර
පිස එන මද පවන හැඳ විල් ලිහිණි සර
තොප අලුයම සපඟතුරු සවනතෙහි කර
ඇස නිඳිගැට හැර නැඟී සිටු උදා ගිර
(පාදඩ ඇතළු වෙයි. නිවේදක පිටවෙයි)