(ඉන්ද්‍ර සහ වාසුකි පුටු දෙකක වාඩිවෙති)
වාසුකි : මට නම් පව් කියලත් හිතෙනවා. සද්දන්ත කුලේ ඇතෙක් වගේ හිටිය මිනිහ අද මී පැටියෙක් ගානට වැටිලා
ඉන්ද්‍ර : ඕනෙම රූස්ස ගහක් බිම වැටෙන දවසක් එනවා
වාසුකි : විජායිනන්ද එයාව අතහැරලා ආවම එයාට මොනව වෙයිද ඉන්ද්‍ර
ඉන්ද්‍ර : මොනව හිරි වෙයි.
වාසුකි : වච්චි සිද්ධි ටික වැස්සක් වැහල පෑව්ව වගේ
ඉන්ද්‍ර : තව ටිකෙන් වැහි වතුරේ අපිත් ගහගෙන යනව.
වාසුකි : අපි මොනවද කලේ කියල හිතන්න...ඇත්තටම අපිත් හරිම පිස්සෝ
ඉන්ද්‍ර : මට හිතෙනව වාසුකි ...මෙහෙ හිටිය දැන් ඇති කියල
වාසුකි : ඇයි යන්නද
ඉන්ද්‍ර : කොහෙටද කියල දන්නෙ නෑ...හරියටම ඒ වුනත් යන්න ඕනෙ...
වාසුකි : යන්න...මං දැන ගෙන හිටිය ඔයගොල්ල කවදහරි මාව දාල යනව කියල. මට කට ඇරල කියන්න බෑ ඉන්ද්‍රගුප්ත ඉන්න කියල....මොකද මම කවුද කියල මම දන්නව
ඉන්ද්‍ර : නෑ එහෙම නෙමෙ ඔයත් එක්ක
වාසුකි : මාව.. ඇයි විජායිනන්ද ...
ඉන්ද්‍ර : අපි ඔක්කොම .. මං කිව්වෙ නගරයෙන් ඈතට
වාසුකි : මට බෑ...ඉන්ද්‍රගුප්ත ... ඔයගොල්ල යන්න...මොකද මගෙ රස්සාව තියෙන්නෙ මෙහෙ...
ඉන්ද්‍ර : ඒ රස්සාව අතඅරින්න
වාසුකි : බෑ... මම දන්නෙ එච්චරයි...
ඉන්ද්‍ර : රස්සාවක් ඕනෙ ජීවත්වෙන්න... ආත්මෙ විකුණන්න නෙමේ..මං කැමති නෑ...වාසුකි ඔය රස්සාව කරනවට
වාසුකි : ඇයි
(ඇගේ අතින් අල්ලා ගනියි ඇය මඳක් කලබලවෙයි)
ඉන්ද්‍ර : දැන් ටවුමට ගියාම ටිකක් පරිස්සමින් ඉන්ඩ වෙයි...වැරදිලාවත් හඳුනාගත්තොත්..(යමක් දැක)
විජායි : මොකද ඉන්ද්‍රගුප්ත අපි දැන් කරන්නේ
විජායි : නෑ ඔයා යන්නම ඕනෙ
නායක : නෑ යන්නෙම නෑ
විජායි : බහිනවද නැද්ද එලියට
නායක : (හඬයි) මානව හිමිකම් කඩකිරීමක්...හදිසියේ පුරවැසියෙක් සරණාගතයෙක් කරන්න බෑ...මම මතුකරනවා රීති ප්‍රශ්නයක්
විජායි : රීති...මූ දැන්මම දෙශපාලන කථා කියන්න හදනවනේ...
ඉන්ද්‍ර : හරි හරි දෙන්නා රණ්ඩු කරන්න එපා දැන්...විජායිනන්ද එයා තවම පොඩි ලමයනෙ. අපි පුළුවන් විධියකට එයා බලාගමු. මොකෙක් වුනත් මිනිහ කාලයක් රටේ ප්‍රධාන පුරවැසියාව හිටියනේ
වාසුකි : එයාව තවත් වෙහෙසන්න එපා
ඉන්ද්‍ර : කාලයක් මිනිහ අපිට කරදරයක්. ඊට පස්සේ මිනිහව කවුද මරන්නෙ කියල අපි ඇඟිලි ගැන්නා. කවුරු හරි මිනිහව මැරුව...අපි ඇර මුළු රටම ඒක දැනගෙන උන්නා...ඊට පස්සෙ අපි මිනිහව මැරුව...ඒත් අන්තිමේදී මොකද වුනේ...මං හිතන්නේ මිනිහ අපි එක්ක හිටපුවාවෙ
විජායි : මං විරුද්ධයි. මේක කවදාහරි අපි ගස් යන වැඩක්
වාසුකි : මට නම් හිතෙන්නේ..මෙයාත් අපේ පවුලේ කෙනෙක් වාගේ...අපි පුළුවන් විධියකට මෙයාව බලාගමු විජායිනන්ද
විජායි : මට තේරෙන්නෙ නෑ. උඹල ඇයි මෙහෙම හිතන්නෙ දැන්
ඉන්ද්‍ර : අපිට බැරිද මිනිහව...මිනිහෙක් කරන්න...ඉස්සර හිතුවට වඩා වෙනස් විධියකට හිතන්ඩ පුළුවන් මිනිහෙක් කරන්ඩ
(අඳුරුවේ)