පස්වන දර්ශනය (දෙවන කොටස)
 

වාසුකි : විජායිනන්ද


විජායි : මොකද ඒ ගමන


වාසුකි : අර බලන්න (දෙදෙනාම බලති)


විජායි : (ජනේලයෙන් ඈත් වෙමින්) කොහොම වුනත් ආයෙත් ප්‍රශ්නෙ මුලට ආවා
(ඉන්ද්‍ර සහ නායකයා ඇතුළු වේ. ඉන්ද්‍ර, නායක තරහින් ගෙතුලට තල්ලු කරයි)


ඉන්ද්‍ර : ආයෙත් එළියට බැස්සොත් බලාගන්න පුළුවන්.


නායක : මට මෙතන ඉන්න බැහැ. මෙතැන ඉන්න ඕනෙත් නැහැ.


ඉන්ද්‍ර : කොහොම වුනත් ඔහේට මෙහෙන් යන්න ලැබෙන්නේ නැහැ


නායක : මම යනවා


ඉන්ද්‍ර : නෑ යන්නෙ නැහැ


නායක : යනවා... ගිහින් කෑගහලා කියනවා මුළු නගරෙටම ඇහෙන්න උඹලා තමයි බෝම්බෙ තිබ්බෙ කියලා. මුළු ලෝකෙම දැනගනීවි මිනීමරුවො කවුද කියලා. උඹලා තමය නගරය විනාශ කලේ. බෝම්බෙ තිබ්බ පාහටයෝ
(ඉන්ද්‍ර පැන නායකයාගේ කට වැහීමට උත්සාහ කරයි. ඉන්ද්‍ර සහ නායකයා අතර අරගලයක් ඇතිවේ. එහිදී ඉන්ද්‍රගේ පහරක් වැදී ඔහු බිම වැටෙයි)


ඉන්ද්‍ර : වහපන් කට මම දන්නව මොනවද කරන්න ඕනෙ කියලා. (ඉන්ද්‍ර ටියුබයක් සහ සලින්ජරයක් ගෙන යම්කිසි කාර්යයකට සැරසෙයි)


විජායි : මේ පෝරිසාදයා ආයෙත් මේ මිනිහව මරන්නද හදන්නේ


වාසුකි : මරන්න තව සැරයක්


(ඔහු ඉන්ජෙක්ෂන් එක නායකයාට එන්නත් කරයි)


නායක : අම්මෝ....
(නායක සෝපාව මත ඇදවැටෙයි. ඉන්ද්‍ර සිලින්ජරය පසෙක දමා පලපුරුදු වෛද්‍ය වරයෙකු මෙන් බේසමකින් අත් සෝදමින් තුවායකින් පිස දමමින් සිනාමුසුව ඉදිරියට එයි)


ඉන්ද්‍ර : ඔක්කොම හරි.....ඔක්කොම හරි...


විජායි : මේ පෝරිසාදය ඒ ගමනට මොනවද කලේ


වාසුකි : මොකද්ද මේ කලේ...මෙදා ගමනත් මම නෑ කිසිම දේකට...අපි දැන් කීපාරක් පාඩම් ඉගෙන ගත්තද .. කෝ තවමත් නම් හැදිල නෑ


වාසුකි : (ඉන්ද්‍ර අසලට ගොස්) මම යනවා...ඔය තියෙන්නේ තනියට මලමිනියක්.
(වාසුකි කේන්තියෙන් පිටවෙයි...මදක් වික්ෂිප්ත වන විජායිනනද කළයුතු දෙයක් නොදැන එකලමෙකල වෙයි)


විජායි : මං හිතන්නේ....උඹට මීට වඩා හිතන්න තිබුනා...චන්ද්‍රගුප්ත..එක අතකින් මේ වාසුකි කියන කථාව හරි..උඹ හරිම අකීකරු ශිශ්‍යයෙක්...මට නම් කොහෙත් එකයි...ඒ වුනත්


(විජායිනන්ද පිටවී යයි. ඉන්ද්‍ර පොතක් රැගෙන කියවීමට පටන් ගනියි. ආලෝක ලපය මත නායක තනිවේ. ඔහු වේදනාවෙන් ඇඹරෙමින් අතීතයට ගමන් කරයි)


සංගීතය


(ඉන්ද්‍ර නැඟිට ඔහු නිරීක්ෂණය කරයි. සතුටින් ජනේලය අසලට යයි. කෑගසයි)


ඉන්ද්‍ර : වාසුකි ... විජායි ... (අතින් සන් කරයි)

(වාසුකි විජායි ඇත‍ලුවේ....පුදුමයෙන් නායක දෙස බලා සිටියි)


නායක : (නැඟිට ඔවුන් දෙස බලා) මේ යන්න එපා ... මට පාළුයි ... එන්න .... එන්න

(වාසුකි සහ ඉන්ද්‍ර පුදුමව බලා සිටියි)


විජායි : මොකද කලේ ඉන්ද්‍ර....


ඉන්ද්‍ර : මම එක්පෙරිමන්ට් එකක් කලා. එයාගේ මතකය අවුල් කලා...ඒක හුඟාක් ඈතට අරන් ගියා...දැන් එයාගේ මතකය පූර්ව ළමා අවධියේ... මතකය ටික .. ටික ලැබෙයි...ඒ බේතෙන් මොලයට ලොකු හානියක් වෙන්නෙ නෑ...නමුත් නියම මතකය එන්න ටික කාලයක් යාවි...හරියට කියන්න බෑ...කොච්චර දවසක්ද කියල..


විජායි : හරියටම කියන්න අමාරුයි?


ඉන්ද්‍ර : අමාරුයි...කොහොම වුනත් මේක අපිට මේ උගුලෙන් ගැලවෙන්න හොඳම උපක්‍රමයක්. හැබැයි එයා කවදාහරි දැනගනීවි...මම තමයි මැරිලත් ජීවත්වෙන ආඥාදායකයා කියල


විජායි : උඹ නම් යකෙක් ඉන්ද්‍ර
(ඉන්ද්‍ර, විජායි, වාසුකි නායක අසලට එති. මඳක් විපරමින් බලා සිටිති)


ඉන්ද්‍ර : මේ කීයද ?


නායක : දෙකයි


ඉන්ද්‍ර : මේ කීයද, බබා


නායක : තුනයි


ඉන්ද්‍ර : දෙකයි තුනයි එකතු කළාම


නායක : තුනෙන් දෙකයි
(ඉන්ද්‍ර, විජායි පැත්තකට කැඳවාගෙන යති) (වාසුකි සහ නායකයා කථාකරමින් සිටිති)

ඉන්ද්‍ර : දැන් තමයි අපිට බේරෙන්න තියෙන හොඳම වෙලාව....ඔයා මෙයාව අරන් යන්න...ටවුමට ...ඉස්සෙල්ලා හොඳට කන්න දෙන්න දෙන්න ඉල්ලන දෙයක්... ඊට පස්සේ ටිකක් සෙනඟ ඉන්න තැනක් බලලා..මේ ඇරල එන්න...


විජායි : මට කරන්න පුළුවන් වෙයිද මනද...


ඉන්ද්‍ර : බය වෙන්න එපා..මම දැන්ම ටවුමට යන එක ඒ තරම් හොඳ නෑ...


විජායි : දැන්ම ගිහින් දාන්න ඕනෙද


ඉන්ද්‍ර : නැතුව ඉතින් තියාගෙන හුරතලේට හදන්නයෑ.. අනික මේ වගේ බෝම්බයක් බඩේ බැඳගෙන අපි කොහොමද අපේ වැඩ කරන්නේ.


වාසුකි : මට නම් හිතෙන්නේ පූස් පැටියෙක් වගෙ කියල


ඉන්ද්‍ර : පූස් පැටියෙක් වුනොත් හොඳයි ගිරා පැටියෙක් නොවී...එහෙම වුනොත් වමාරන්න ගනියි..අලගිය මුලගිය තැන්
ඔක්කොම.වාසුකි..(වාසුකි පැමිණෙයි)අපි මෙයාව ගෙනිහින් දාන්නයි යන්නෙ කොහාට හරි


වාසුකි : අනේ පව් ඉන්ද්‍ර


ඉන්ද්‍ර : පව් පිං බලන්න පුළුවන් වැඩේ ගැස්සුනොත්...අමකත කරන්න එපා කවදාහරි දවසක එයාගේ සුපුරුදු තැනට එනවා... එදාට ඉස්සෙල්ලා අපි එයාගෙන් ඈත්වෙන්න ඕනේ..


විජායි : වාසුකි ගන්න ඔය මොනව හරි මෙයාට අන්දවන්න. මෙයා මෙහෙම ෙගනියන්න බැහැ ඒක හරි මදි.
(ඔවුන් ඔහුට විවිධ ඇඳුම් දන්දවති. හැඩ බලති)


වාසුකි : දැන් නම් හරිම ලස්සනයි


විජායි : යමු


නායක : කොහෙද


විජායි : අම්ම බලන්න


නායක : අම්මා...කොහෙද අම්ම ගියේ ඇත්තටම


විජායි : ඇත්තටම අම්ම ඔයා නැතිවෙලා කියල හොයන්ඩ ගියා


නායක : කොහාටද


විජායි : අතීතයට


නායක : අතීතයට


විජායි : ඔව් .. අපි දැන් යමු...(ඔවුන් පිටවෙති)

(c) Shilpa Sayura Foundation 2006-2017