(වම් ආලෝක ලපයේ නිවේදක සිටියි)
ගීතය
වෛරයේ ගිනි පුපුරින්ද
ඇවිලුනේ මේ මහා ගිනි කඳ
ලෝදිය වරුසාවේ
අපි තවම සොයමින් යමු
පරනොවූ මල - මෙලෙක නොනැසුන
සොහොයුරේ මට කියන් එය කොහිවේදෝ
සංසාර නිර්ථ යාත්‍රාවේ
යනෙන දුර ගමන නිම් හිම් සොයා
පිරූ චිතක නොව නුරා නෙතක වුව
නොවේ සොයනා ප්‍රාර්ථනා
වෛරයේ ගිනිසිළුවෙන් නොමැලවුන
ඒ පුෂ්පය කොහිවේදෝ
කියන්න
සත්තෙන් එය කොහිද
සිටුවරයන්ගේ පය පුටුවට පෑගීදෝ
පුලිනතලේ දුවපනිනා සාවිට
ඔච්චම් කල තෘණ මලමේදෝ
ගිනිකඳු හිස මත එමල පිපෙනදා
නිවේව් මේ ගිනිදැල්
සත්තයි නිවේවි මේ ගිනිදැල්
(දර්ශනය ආරම්භයේදී ඉන්ද්‍ර, වාසුකි, විජායි, නායක වාඩිවී සිටිසි. මඳ නිහැඬියාවකි)
නායක : මට දැන් යන්න දෙන්න. මෙහේ හිටිය ඇති. මෙතනින් යන්න ඕනෙ.
ඉන්ද්‍ර : නෑ දැන්ම යන්නෙ නෑ.
නායක : යන්නෙ නෑ...එහෙම කොහොමද? කවුද මගේ මූලික අයිතිවාසිකම් ගැන කථාකරන්නේ, මේක මානව හිමිකම් උල්ලංඝනය කිරීමක්
ඉන්ද්‍ර : ඒක තීරණය කරන්නේ අපි, කොහොම වුනත් ඔහේ යන්නෙ නෑ.
විජායි : ඔය ගැන මම නම් හිතන්නේ ඔහොම නෙමෙයි.
ඉන්ද්‍ර : මට හිතෙන්නේ ඒක එහෙම වෙන්න ඕනෙ
නායක : ඒ කියන්නේ මට යන්න දෙන්නෙ නෑ
ඉන්ද්‍ර : මම සැරයක් ඔහේට කිව්වා.
විජායි : (විජායි වේදිකාවේ පසෙකට යයි) ඉන්ද්‍ර, වාසුකි, මෙහාට එන්න. (තිදෙනාම එක තැනකට එක්වෙයි)
විජායි : අපි මිනිහව යවමු
ඉන්ද්‍ර : ඒක කොහොමත් කරන්න බෑ
විජායි : නැතුව කොහොමද අපි මේකෙන් කොහොම හිරි නිදහස් වෙන්න ඕනෙ.
වාසුකි : ඉන්ද්‍ර කියන්නේ මිනිහ අපිව පාවා දෙයි කියලද
නායක : මටත් යමක් කථා කරන්න දෙන්න. ඒක මගේ අයිතිවාසිකමක්...මෙහෙම මිනිස්සු හිරකරන්න බැහැ නිස්කාරනේ...මොකද්ද මේකේ තේරුම
ඉන්ද්‍ර : මම ආයෙත් ඔහේට කියන්නෙ නැහැ (තිදෙනාම එක්ව සාකච්ඡා කරන අවසරයෙන් නායක දොරෙන් පිටවෙයි)
අමතක කරන්න එපා වාසුකි ඒ ගොල්ල කියනදේ කවදාවත් කරන්නේ නෑ. අනික අද කියපු දේ හෙට වෙනස් කරනවා.
අමතක කරන්න එපා වාසුකි ඒ ගොල්ල කියනදේ කවදාවත් කරන්නේ නෑ. අනික අද කියපු දේ හෙට වෙනස් කරනවා.
විජායි : මේක දේශපාලකයින් ගැන විචාර කරන වේලාවක් නෙමේ...අපි හිතන්න ඕනෙ අපි ගැන
ඉන්ද්‍ර : අපි ගැන හිතන නිසා තමයි මේ මිනිහව හිරකරගෙන ඉන්නෙ....නැත්නම් ගියගමන් අපි ඔක්කොගෙම ජීවිත අනතුරේ. විශේෂයෙන් මගේ. අන්න ඒ නිසා මම කොහෙත්ම කැමති නැහැ මිනිහා යනවට (වටපිට බලා) විජායිනන්ද කෝ මිනිහා
විජායි : ඈ..කෝ ඇත්තට මිනිහා
වාසුකි : මේ දැනුත් හිටියනේ
ඉන්ද්‍ර : වාසුකි බලන්න ගේ ඇතුලේ
වාසුකි : (ගෙතුලට ගමන් කර ඇතුලේ සිට) මේ පැත්තෙ නම් නැහැ. (පැමිණ ජනේලයෙන් බලා) ඒයි අන්න මිනිහා වීදිය දිගේ පහලට බහිනවා...(ඉන්ද්‍ර, විජායි ජනේලය අසලට දිව එයි) අන්න මිනිහෙක් එයා දිහා පුදුමයෙන් වගේ බලනවා. ඒ මිනිහා අනික් මිනිහට මොනවද කිව්වා...මිනිස්සු දෙන්නම දුවනවා.
ඉන්ද්‍ර : බල බලා ඉඳල හිරියන්නේ (පිටවේ)
විජායි : ඉන්ද්‍ර ඔහොම හියපන්, ඌන් ගියා...දැන්නම් මොකක් හරි ජංජාලයක් වෙනවා
වාසුකි : හරි වැඩක් විජායි ආන් බලන්න, මිනිහා වටේ මිනිස්සු ටික ටික පිරෙනවා...මිනිස්සු පුදුම වෙලා. පොඩි කලබලයක්.
ඉන්ද්‍ර : කලබලයක්..චා..වස වැරැද්දක් වුනේ.