ඉන්ද්‍ර : නෑ මම හිතුව එහෙම සිද්ධියක් වෙලාද කියල...එහෙම වුනානම් පොලිසියට තිබුන මංකොල්ලකාරයො අල්ලගන්ඩ. එහෙම අහිංසකයා මරන්ඩ බෑනෙ.
පාදඩ : ඇයි දැක්කෙ නැද්ද ටී.වී. එක
වාසුකි : ඇයි මොකද වුනේ....
පාදඩ : හෙට දවල් දොලහ වෙනකම් ආයෙ අඳුරු නීතිය දැම්ම
විජායි : ඒ මොකද ආයෙ
පාදඩ : ඇයි අපේ ආර්යාවගේ උත්සවේනෙ... වෙච්ච දේවල්වල හැටියට කාවද විශ්වාස... සේරම ගෙවල්වල එහෙ වැඩේ කෙරෙන්ඩ ඇති පිළිවෙලකට
ඉන්ද්‍ර : එතකොට කිසිම මිනිහෙක් නෑ. මංකොල්ලකාරයෝ අතින්
පාදඩ : පිස්සු ද බොස් බලන්ඩකෝ පොඩ්ඩක්..බලු බල්ලෙක් නෑ පාරේ....එහෙනම් අපි ගියා...දන්නවනෙ අපි පොඩ්ඩක් සපෝට් එක දෙන්න ඕනෙ...අපේ වැඩේනේ...එහෙනම් අපි ගියා...(පිටවෙයි) නංගී..මෙහාට එන්න...මෙයාට පොඩ්ඩක් අප්සට් වගේ. හොඳ ඩොක්ටර් කෙනෙකුට පෙන්නන්න. (පිටවෙයි)
ඉන්ද්‍ර : හෙට දවල් දොලහ වෙනකම්
විජායි : ඒකත් ඉවරයි
(ඔවුන් කිසිම කථාබහක් නැතුව නිහඬව සිටිති)
(විජායි නැගිට ඉන්ද්‍ර අසලට එයි)
(ඔවුන් කිසිම කථාබහක් නැතුව නිහඬව සිටිති)
(විජායි නැගිට ඉන්ද්‍ර අසලට එයි)
විජායි : උඹ තමයි අපිවත් මේ කරදරේ දැම්මේ... බලපං මොකද්ද අපිට වුනේ... මොන කෙහෙම්මලකටද මිනිහො උඹ ඌව මෙහෙ ගෙනාවෙ...
ඉන්ද්‍ර : මගෙ වැරැද්ද.....මං හිතුව
විජායි : මිනිහෙක් මරල රටක් වෙනස් කරන්න. ඒ මිනිහ මැරුන කියල මැරිච්ච මිනිස්සුන්ට ආයෙ පණ එන්නෙත් නෑ...ඒ මිනිහ වෙනුවට ඒ මිනිහගේ ගෑනි... අපිට මොකද වුනේ... අපි මලමිනියක් එක්ක ප්‍රශ්න ගොඩක... බලාගෙන යනකොට උඹත් මහ පිස්සෙක්.
ඉන්ද්‍ර : ඔක්කොම ඒ මිනිහව මරන්න පොරකෑව...හැමෝටම ඒ වෙලාවේ හේතු තිබුනා... පිරිමහගන්ඩ වෛර තිබුනා.. දැන් මලමිනිය මට බාරදීලා.
වාසුකි : ඉන්ද්‍රගුප්ත මේක වෙලාව නෙවෙයි සණ්ඩු කරන්ඩ...නාස්තිවෙන්නෙ අපේම ඉරණම තීන්දු වෙන කාලෙ...අපි
තේරුම්ගනිමු...හෙට දවල් දොලහ වෙනකොට මේක නරක් වෙයි. එතකොට අපි කොහොමද බේරුම්කරගන්නෙ ප්‍රශ්නෙ.
තේරුම්ගනිමු...හෙට දවල් දොලහ වෙනකොට මේක නරක් වෙයි. එතකොට අපි කොහොමද බේරුම්කරගන්නෙ ප්‍රශ්නෙ.
විජායි : කිසිම බේරුමක් නෑ. තුන්දෙනාම ගස්..එච්චරයි මං දන්නේ...
ඉන්ද්‍ර : මම මේ මිනිහ තනියම මරන්ඩ යනකොට මොකටද ඔහේ පැන්නේ
විජායි : මේ මිනිහ මෙහෙ ගෙනාවේ නැත්නම් ... මොන කරදරයක්වත් නෑනේ.
ඉන්ද්‍ර : ඒ මිනිහ මරන්න මට උවමනාවක් තිබුන කාලෙක ඉඳල - මම ඇඟිලි ගැන්නේ ඒක මමම කරන්න ඕනෙ කියල... මම ප්‍රාර්ථනා කළේ ඒ අවස්ථාව මට ලැබෙන්න කියල... මම දැනගෙන හිටිය සහසුද්දෙන්ම ඒ මිනිහ මරණ ඕනෙම කෙනෙක් අවිවාදයෙන්ම ජාතික වීරයෙක් වෙන බව.
විජායි : ඒ කියන්නෙ ඉන්ද්‍රගුප්ත ඔහේ කියන්නෙ...ඔහේ දැන් ජාතික වීරයෙක්...මං හිතන්නෙ මිනිහ මැරුනෙ මගෙ අතින්
විජායි : ඒ කියන්නෙ ඉන්ද්‍රගුප්ත ඔහේ කියන්නෙ...ඔහේ දැන් ජාතික වීරයෙක්...මං හිතන්නෙ මිනිහ මැරුනෙ මගෙ අතින්
ඉන්ද්‍ර : ඇත්තද ... දැන් ඔහේට ඕනෙ වීරයෙක් වෙන්න.
විජායි : ඔව්... මම කැමතියි එහෙම හිතන්න...එතකොට අර මගෙ පපුවෙ තිබුන වෛරයේ ගනුදෙනුව ඒකෙන් බේරගන්න පුළුවන්.
ඉන්ද්‍ර : මට ඉඩදෙන්න ඒ වෛරයේ සුන්දරත්වය විඳින්න...ඒ ජාතික මෙහෙවරේ ප්‍රධාන කොටස්කාරය වෙන්න.
වාසුකි : මම හිතන්නෙ ඒ ගනුදෙනුව දැන් ඉවරයි. වෛරය හිඳුන.. මිනිහ මැරුණ... අපි කවුරුත් සන්තෝෂ වුනා ... දැන්
ඉන්ද්‍ර : අපි හංගන් ඉන්නෙ වටිනා රහසක්...ඒක දැනගත්තාවේ මුළු ලෝකෙම...මම කැමතියි...ඒ සාපලත් ආඥාදායකය මැරුවෙ මම කියල හෙමෝම කථාකරනව බලන්න...මාව මරාදැම්මත් ඉතිහාසයේ වීරයෙක් වගේ ජීවත්වෙන්න....
වාසුකි : මොකද මේ වෙලා තියෙන්නෙ
ඉන්ද්‍ර : මාව මාංචු දාල උසාවියට ගේනකොට මිනිස්සු උසාවිය පිරිල ඉඳීවි... ජනතා පුත්‍රයා නිදහස් කරනු...වීරයාට අතනොතබනු ... ඒ වගේ සටන් පාඨ ලියපු බෝඩ් අල්ල ගත්තු මිනිස්සු වටරවුම වල පිකටින් කරාවි.
