(තිරය ඇරෙන විට නැටුමකට සූදානම් වූ යෞවනියන් වේදිකාවේ සිටියි. නිවේදක ඔවුන් අතරින් ඉදිරියට එයි)
නිවේදක : (හිස නමා) හැමෝම අසුන්ගෙන සතුටින්...අග්නි ආර්යයේ තෙවැනි නාලිකාව වෙනුවෙන් යලිත් අපි මුනගැහී සිටිනවා...අප නැවත හමුවූ මේ සුන්දර වසන්තයයි.... බලන්න මනරම් තුරු වඳුළු මත පිපුනු මල් ගොමුව හාත්පස ලොව සුවඳ කරනවා. වියලි පත් හැරදමා එම වෘක්ෂයන් ඵල දරන්නට කල් යල් බලනවා...වසන්තය ආයෙත් ආවේ කොයි තරම් කාලෙකට පස්සෙද...අපි කියමු වසන්තය හැමදාම අපි සමඟම ඉන්න...එහි සුන්දරත්වය රාව ප්රතිරාව නගන්න... මල්සමයට සුපිපෙන්න ඉඩදෙන්න....වෛවර්ණ තුරුලියෙන් හා පුෂ්පයෙන් විසිතුරු වූ වන පෙත්හි පියාඹන කුරුල්ලන් සේ අපි සෛවරීව හැසිරෙමු. ඒ වෙනුවෙන් පබැඳූ ගීත වෙන නදින් සුමුසුව ගායනා කරමු....යොමන්න...ඔබේ නෙත් යොමන්න වසන්තයේ සෞන්දර්ය චාරිකාවට
(නැටුම අවසාන වන විට විදුලිය ඇණහිටියි)
ඉන්ද්ර : ලයිට් ගියා නේද, ඔය ටී.වී.එක නිවලා දාන්න
විජායි : වාසුකි ඉටිපන්දමක් ගේන්න.
වාසුකි : කොහෙද ඉටිපන්දම් තියෙන්නේ
ඉන්ද්ර : ඔය මේසෙ උඩ තිබුනා
වාසුකි : හරි හරි මම අරන් එන්නම්
ඉන්ද්ර : හරිම වෙලාවක ලයිට් ගියේ මේ ජරමර අස්සේ. අපි මොකද කරන්නේ මේ මලමිනියට ?
වාසුකි : ඇත්තමයි මොකද කරන්නේ
වාසුකි : ඇත්තමයි මොකද කරන්නේ
විජායි : ඇත්තටම අපිට ඒක අමතක වුනානේ...කල්පනා කරල බලමු හොඳ අදහසක්
(තිදෙනාම නිහඬව කල්පනා කරති)
විජායි : වත්තෙ වළක් කපල වලලල දාමු
ඉන්ද්ර : කෝ ඒකට උදැල්ලක්...කාගෙන් හිරි ඉල්ලන්න ගියොත් සැක හිතන්න පුළුවන්...
වාසුකි : මෙතන වලක් කපනකොට හැමෝටම පේනවා.... මං කියන්නම් ගෝනියක දාල ගඟට දාමු
විජායි : කෝ ඒකට වාහනයක්..... අපිට උස්සගෙන යන්න පුළුවන්ද - අනික ගඟ ළඟට කොච්චර දුරද
(තිදෙනාම නිහඬව කල්පනා කරති)
විජායි : වත්තෙ වළක් කපල වලලල දාමු
ඉන්ද්ර : කෝ ඒකට උදැල්ලක්...කාගෙන් හිරි ඉල්ලන්න ගියොත් සැක හිතන්න පුළුවන්...
වාසුකි : මෙතන වලක් කපනකොට හැමෝටම පේනවා.... මං කියන්නම් ගෝනියක දාල ගඟට දාමු
විජායි : කෝ ඒකට වාහනයක්..... අපිට උස්සගෙන යන්න පුළුවන්ද - අනික ගඟ ළඟට කොච්චර දුරද
ඉන්ද්ර : රෑට පාරේ කොහෙන් හරි තියල එමු.
විජායි : ඒක කරන්න බෑ.....කොච්චර රෑ වුනත් මුළු නගරෙම නිදියනවද....එකෙක් හරි දකියි. අනික අඳුරු නීතිය අයින් කලා විතරයි.
ඉන්ද්ර : අපිට කොහොම හරි රේල්පාර ගාවට ගෙනියන්න පුළුවන්නම් පාළු හරියකදී කෝච්චියට තියන්න තිබුනා.
වාසුකි : අමාරුම දේ කාටවත් නොපෙනී ගෙනියන එක
විජායි : මට නම් මොනවත් ඔලුවට එන්නෙ නෑ. (ආලෝකය එයි)
ඉන්ද්ර : හරි මට මතක් වුනා.... අපි පොලිසියට ටෙලිෆෝන් කරමු.
වාසුකි : පොලිසියට
ඉන්ද්ර : අපි කියමු....මංකොල්ලකාරයො වගයක් මේ මනුස්සය පස්සේ පන්නගෙන ආව මිනිහ අපේ ගෙට රිංගුව...... එතනදී ඌ මිනිහව මැරුව කියල කියමු.
වාසුකි : කොහොමද මැරුවෙ
වාසුකි : කොහොමද මැරුවෙ
ඉන්ද්ර : බෙල්ල මිරිකල
වාසුකි : එතකොට අපි
ඉන්ද්ර : ඌ අනේ ආයුධ තිබුනා අපිට හෙල්ලෙන්නවත් දුන්නෙ නෑ
විජායි : ඒ ඇත්ද//
ඉන්ද්ර : කිසිම සැකයක් ඇති නොවන විධියකට අපේ කට උත්තරය හදාගන්න ඕනෙ. ඒක අපි හොඳට සාකච්ඡා කරන්න ඕනෙ.
(දොරට තට්ටු කරන හඬ. තිදෙනාම කලබල වෙති)
පාදඩ : (පිටතින්) දොරේ මේ මම අරින්ඩ දොර
(ඔවුන් ඉක්මනින් මරාදමන ලද නායකගේ සිරුර පසෙකට ඇඳගෙන යති)
(ඔවුන් ඉක්මනින් මරාදමන ලද නායකගේ සිරුර පසෙකට ඇඳගෙන යති)
පාදඩ : ආ....නංගී කෝමද ..... නෑනෙ මුකුත් කලබල ... අපේ ලොක්කා නැතිවුනාට ආර්යාව එන්ටර් වුනා. කොහොමද වැඩ... අන්න එහෙමයි ආණ්ඩුව...මොකද නිකං කට්ටිය තක්බීර් වෙලා.
විජායි : නෑ මේ වෙච්ච සිද්ධි වලට අපි නිකං මේ...මේ...
පාදඩ : අඥ්ඥකොරොස් වෙලා
විජායි : ඔව්...ඔව්...එහෙම වුනා
පාදඩ : බයවෙන්න එපා....ඒවා ඔක්කොම ප්ලෑන් කරල තියෙන්නේ, අපේ නෝනා අපිට පුල් ෂුවර් - එලකිරි වගෙ.
විජායි : ඒක හොඳයි එළකිරි වුනත් ඇඟට ගුණයි නේ
පාදඩ : මොනාද මේ කතා....ඔන්න ආයෙත් අපේ කාලේ හොඳ වේගෙන එනවා...මොනව හරි ප්රශන තියෙනව නම් ඕන වෙලාවක කියන්න. අපි ඉන්නව ඕන එකකට එවර්රෙඩි...
විජායි : කොහෙද මේ යන්නේ
පාදඩ : අපි යනව මේ අපේ ආර්යාවගේ පත්වීම ගැන පොඩි සංගීතයක් දාන්න.... දෙන්න ඕන හොල්මන් වෙන්න වැඩේ...ලොක්කා මැරුනම ඔක්කොමලා හිතුව වැඩේ ජෝන් බාස්ට ගියා කියල. දන්නවනේ අපේ අනික් පැත්නෙ ඉන්න අයියලා.....අන්න උන් තමයි දුන්නෙ ගේම...නැද්ද - නැද්ද මං අහන්නේ... අපි ඒව බලාගන්නවා ලගදීම ... දතට දතක්...ඇහැට ඇහක් අපි නැතුව මේ ඒරියා එකේ ගණන් ගෙනියන්නේ කවුද... නැද්ද නංගි - අපි යනව පොඩි සංගීතයක් දාන්න.
වාසුකි : ඇත්ත - ඇත්ත
පාදඩ : (වාසුකි වටේ දගර නැටුමක් නටයි)
විජායි : මරණයේ උණුසුම යන්නත් ඉස්සෙල්ලා හොඳද ඒ වගේ සින්දු
පාදඩ : (නැටුම නවත්වයි)
(මඳක් කල්පනා කර ඉන්ද්ර අසලට ගමන් කරයි. ඔහු තවමත් ඇත්තේ වික්ෂිප්තවය)
(මඳක් කල්පනා කර ඉන්ද්ර අසලට ගමන් කරයි. ඔහු තවමත් ඇත්තේ වික්ෂිප්තවය)
පාදඩ : මොකක් හරි අබ්ලික් එකක් වෙලා...කියන්න දොරේ ඕක සපෝට් එකක් දෙන්නම්
ඉන්ද්ර : මංකොල්ලකාරයෝ ඉන්නවද පහල වීදි වල
පාදඩ : මංකොල්ලකාරයො මෙහෙ. පිස්සු කථාකරනවද බලු නකුටෙක් නෑ. මංකොල්ලකාරයෙක් හොයාගත්තොත් බේතකට හරි මට ඉජු ඉජු කියල කථාකරන්ඩ.
ඉන්ද්ර : මං අහන්නේ මංකොල්ලකාරයො පහල විදීයෙද් කවුරු හරි මිනිහෙක්ව මැරුවද...නැත්තං මරන්ඩ එලවගෙන ගියාද...
ඉන්ද්ර : මං අහන්නේ මංකොල්ලකාරයො පහල විදීයෙද් කවුරු හරි මිනිහෙක්ව මැරුවද...නැත්තං මරන්ඩ එලවගෙන ගියාද...
පාදඩ : බොස්ට පිස්සුද...(අන් අය දෙස බලා) කිසිම දෙයක් සිද්ධ වුනේ නෑ.
ඉන්ද්ර : එහෙම මිනිහෙක් මරණ බයේ දුවනවත් දැක්කේ නෑ.
පාදඩ : නෑකිසිම සිද්ධියක් නෑ .. ඇයි...