නිවේදක : ජාතියේ පිනෙන් පහළ වූ වීරෝධාර කාන්තා රත්නයට අපගේ භක්ති ආදර ප්රණාමය පිලිගන්වමු.
(නිවේදක පිටුපසට හැරේ. ඔහුගේ පිටුපස ගැහැණියක මතුවේ)
නායක : (රූපවාහිනිය දෙස බලා සිට නැඟිට ඉදිරියට එයි. වික්ෂිප්ත වූ සෙයකි...එදෙසට ඇඟිල්ල දිගුකර ප්රේක්ෂකාගාරය දෙස බලා) අචිරවතී....මේ උඹ... උඹ ඔතන...මං මෙතන... ඇයි...උඹ තනියම ඔතන...මං මෙතන (ඉන්ද්රගෙන්) ඇයි මම මෙතන...මගේ ගෑනී.
ඉන්ද්ර : (සිනාසී) හරී....හරියට හරි (කෑගසා) මේ මිනිහ තමයි.
නායක : ඇයි
ඉන්ද්ර : දැන් කල්පනා කරල බලන්ඩ ඔහේ කවුද
නායක : මම කවුද?
නායක : (මඳක් නිහඬව සිට කල්පනා කරයි) මං කවුද, ඔව්...මට මතක් වෙනවා.....මට මතකයි...දැන් මට මතකයි....මං තමයි රාජ්ය නායකයා....මං හිටියෙ ලොකු පුටුවෙ...රජෙක් වගේ...කෝ මගේ පිරිවර....ආරක්ෂක ජාලය..වහාම ආරක්ෂක මණ්ඩලය කැඳවනවා...මං උසස්වීම් දුන්නු ලොක්කෝ...කැඳවනවා. ඇමති මණ්ඩලය
ඉන්ද්ර : පොඩ්ඩක් සන්සුන් වෙන්න
නායක : සන්සුන්...මම උඹලව අත්අඩංගුවට ගන්නවා...රාජ්ය නායකයා බලෙන් රඳවා ගැනීම බරපතල වරදක්....උඹල කප්පමට කීයක් ඉල්ලුවද...ඒවා ගෙවයි....ඒවා ගෙවයි....කීයක්ද උඹලට ඕනේ ...සල්ලි දෙන්න පුළුවන් ඕන තරම්....
විජායි : කරුණාකරල වාඩිවෙන්න
ඉන්ද්ර : අපිට කියන්න ඔහේට කනගාටුදායක පණිවිඩයක් තියෙනවා.
විජායි : කරුණාකරල වාඩිවෙන්න
ඉන්ද්ර : අපිට කියන්න ඔහේට කනගාටුදායක පණිවිඩයක් තියෙනවා.
නායකයා : මොකක්
වාසුකි : ඇත්තටම ඔහේ දැන් මැරිල
නායක : මැරිල...මම මැරිල...පිස්සුද...(තමාම අතපත ගා බලයි) කවුද කියන්නේ...බොරුකියන්න එපා....එතකොට තමුසෙලා කවුද ....
ඉන්ද්ර : අපි
වාසුකි : (පත්තර කීපයක් ගෙනත් දෙයි) ඔය තියෙන්නෙ ඔහේගේ රාජ්ය අවමඟුල් උත්සවේ පත්තරේ
නායක : (පත්තර එකින් එක ඉක්මනින් බලයි. පුටුව උඩට දමයි. නැවත ගෙන බලයි) නායකයා බෝම්බයෙන් ඝාතනය වෙයි....බෝම්බයට බිලිවුන යුග පුරුෂයා....නායකයා බිලිවුන බෝම්බය කඩාකප්පල්කාරින්ගේ වැඩක්....මොකද්ද මේකේ තේරුම. මට මොකවත් තේරෙන්නේ නෑ....මට මොකවත් මතක් වෙන්නේ නෑ. මුං ඔක්කොම කියනව. පත්තර කාරයොත් කියනවා. ඒත් මම මැරිල නෑ.
ඉන්ද්ර : හොඳට මතක් කරල බලනව....ඔහේට මතකද සර්වජන නිදහස් ජුබිලිය.
ඉන්ද්ර : හොඳට මතක් කරල බලනව....ඔහේට මතකද සර්වජන නිදහස් ජුබිලිය.
නායක : ඔව් මම රතු පලස උඩින් ආවා උත්සවයට
ඉන්ද්ර : කථාවක් පැවැත්තුව
නායක : දිය කථාවක්
ඉන්ද්ර : පිපුරුවා බෝම්බෙ
නායක : (කලබල වී) බෝම්බෙ
ඉන්ද්ර : ඔව් වේදිකාව උඩ ඉන්නකොට
නායක : මට මතකයි...එක පාරටම ලොකු සද්දයක්....එච්චරයි ඊට පස්සෙ
ඉන්ද්ර : ඊට පස්සේ ඔහේ මැරුණ
නායක : නෑ
ඉන්ද්ර : ඔව් ඔහේ මැරුණෙ නෑ
නායක : ඒක තමයි. මං දැනගත්තා
ඉන්ද්ර : නෑ....ඔහේ මැරුණ
නායක : නෑ....මැරිණෙ නෑ...මැරිණෙ නෑ
ඉන්ද්ර : ඔව් ඇත්තටම මැරුණෙ නෑ....මුනගැහුන අපිට...මරණ මංචකයේ දී...අපි ඔහේට හොඳට සාත්තු කළා....බේත් හේත් දුන්නා...කෑම බීම දුන්නා.
නායක : බොහොම ස්තූතියි...ඒ වුනත් ඇයි එහෙම කළේ...ගෙනියන්න තිබුනා ඉස්පිරිතාලයකට
නායක : බොහොම ස්තූතියි...ඒ වුනත් ඇයි එහෙම කළේ...ගෙනියන්න තිබුනා ඉස්පිරිතාලයකට
ඉන්ද්ර : මොකටද..
නායක : මොකටද කියල අහන්නෙ
ඉන්ද්ර : අපිට ඔහේ ඕන නිසා.....අපි එහෙම කළේ නෑ...
විජායි : අපිට බේරගන්න ගණුදෙනුවක් තියෙන නිසා
නායක : විකාර .... ඒවගෙන් කමක් නෑ ...මට දැන් යන්න ඕනෙ...
වාසුකි : කොහෙ යන්නද
නායක : ගෙදර
ඉන්ද්ර : වැඩක් නෑ.....
නායක : ඇයි
ඉන්ද්ර : මේ ලෝකෙන්ම ඔහේ මැරුනෙ නෑ කියල දන්නෙ අපි හතර දෙනා විතරයි. ඒ වුනත් මළු රටම ... මුළු ලෝකෙම විශ්වාස කරල ඉවරයි ඔහේ මැරුන කියල. දැන් තේරෙනවනේ ඔහේගේ ආර්යාව අද උදේ දිවුරුම් දුන්න අලුත් නායිකාව හැටියට.
නායක : ඒක වෙන්න බෑ... මම තවම මැරිල නැහැ...ඒක එහෙම වෙන්න බැහැ.
ඉන්ද්ර : ඒක එහෙම තමයි වුනේ.
(වාසුකි රූපවාහිනිය ක්රියාත්මක කරයි)
නිවේදක : (ප්රවෘත්ති කියන ආකාරයෙන්) අද උදෑසන දිව්රුම් දීමෙන් අනතුරුව ජාතිය ඇමතූ නව රාජ්ය නායිකාව තම ස්වාමියා වුවද හිටපු රාජ්ය නායකයාගේ පාලන කාලයේදී සිදුවූ සමහර ඉනතා විරෝධි සිදුවීම් දැඩි ලෙස හෙලා දැක්කාය.
නායක : ඒක වෙන්න බෑ... මම තවම මැරිල නැහැ...ඒක එහෙම වෙන්න බැහැ.
ඉන්ද්ර : ඒක එහෙම තමයි වුනේ.
(වාසුකි රූපවාහිනිය ක්රියාත්මක කරයි)
නිවේදක : (ප්රවෘත්ති කියන ආකාරයෙන්) අද උදෑසන දිව්රුම් දීමෙන් අනතුරුව ජාතිය ඇමතූ නව රාජ්ය නායිකාව තම ස්වාමියා වුවද හිටපු රාජ්ය නායකයාගේ පාලන කාලයේදී සිදුවූ සමහර ඉනතා විරෝධි සිදුවීම් දැඩි ලෙස හෙලා දැක්කාය.