(පාදඩයා ඇතුළු වෙයි. නවීන ඇඳුම් වලින් සැරසී සිටින ඔහු අත නවීන පන්නයේ අවියකි. එය උරුක්කරගෙන නිවසේ සිටින අය දෙස ගැඹුරු ලෙස බලන ඔහු බර අඩි තබමින් වේදිකාවේ අන් පසට ගමන් කරයි)
පාදඩයා : දණ ගහණව ඔක්කොම.....වෙන කව්ද ඉන්නෙ ගෙදර.
(වාසුකි දන ගසන අතර අනික් දෙදෙනා මඳක් පැකිලෙති)
(වාසුකි දන ගසන අතර අනික් දෙදෙනා මඳක් පැකිලෙති)
පාදඩයා : මොකද බලන්නේ දණ ගහනව.
(දණ ගසා සිටින තුන්දෙනා අසලට ගොස් විපරම් කරයි. වාසුකි දැක ඒ අසල ගැවසෙයි)
(දණ ගසා සිටින තුන්දෙනා අසලට ගොස් විපරම් කරයි. වාසුකි දැක ඒ අසල ගැවසෙයි)
ම්..මේ ඔහේ...එහෙනම් මෙහෙයි ඉන්නෙ...කොහෙන්ද කන්නෙ ආ....
(සෙමෙන් වටපිට බලයි)
පාදඩයා : (උස් ස්වරයෙන්) කවුරුත් දන්නවද කවුද කියල අපේ ලොක්කට බෝම්බ සැට් කළේ. දන්නවද... දන්නවනං... දන්නව මං කරන්න ඕන දේ...කොහොම වුනත්...කොහොම වුනත් ඒව කැත වැඩ (විජායිනන්ද අසලට ගොස්)
පාදඩයා : (උස් ස්වරයෙන්) කවුරුත් දන්නවද කවුද කියල අපේ ලොක්කට බෝම්බ සැට් කළේ. දන්නවද... දන්නවනං... දන්නව මං කරන්න ඕන දේ...කොහොම වුනත්...කොහොම වුනත් ඒව කැත වැඩ (විජායිනන්ද අසලට ගොස්)
විජායි : මම මේ කියන්නේ.....
පාදඩයා : (අවි බිම හප්පා) කවුරුත් කථා කරන්නෙ නෑ ... මමයි කථා කරන්නේ (මඳක් නිහඬව වටපිට බලයි) හ්ම්, නැඟිටල ඉඳගන්න පුළුවන්...අපි මිනීමරුවෝ....ඇත්ත. පාදඩයෝ ඇත්ත....බේබද්දෝ...ඇත්ත....මංකොල්ලකාරයෝ...බොරු ඒ ඔක්කොම හරි...ඒ වුණාට අපේ ලොක්කා අපිට අම්ම තාත්තවගේ එහෙව් රත්තරං කඳක් නේද අද අර පෙට්ටියේ දැපල ඉන්නෙ.
විජායි : හරිම ගුණ යහපත් මනුස්සය..
පාදඩයා : කියල වැඩක් නෑ...තව තියෙනවා...අපිට ඇඩෙනවා...දොරේ...අම්මප මේ කඳුළු ...(විජායි ළඟට ගොස්) අම්මප මේ බලනව ඕයි මේ කඳුළු.
පාදඩයා : පපුව වාවන්නෙ නෑ....ලොක්කා...මීට පස්සෙ කවුද අපිව බලාගන්නෙ. කවුද අපිව ආරක්ෂා කරන්නේ.
නායක : අම්මෝ....
පාදඩයා : (කලබල වී...ආයුධය සූදානම් කරගනියි) කව්ද යකෝ අඬන කොට මට කිංඩිය දාන්නේ...(නිවස පිරික්සීමට යයි) ලොක්ක හැමදාම කියනව වගේ මේ මානව අයිතියද මොකද්ද එකක් රකින ලෝකයේ හොඳම රට...අපට අඬන්න අයිතියක් තියෙනවා...අපට අඬන්න අයිතියක් තියෙනවා.
නායක : අම්මෝ....(ඉන්ද්‍ර ඒ අසලට දිවීමට තැත් කරයි. පාදඩයා ඔහු වළක්වා පිස්තෝලයක් ඇඳගෙන ඒ දෙසට ගමන් කරයි. සෝපාවේ ඇති නායකයාව දකියි. එහෙත් හඳුනානොගනී. විමතියට පත්ව තුවක්කුව තිදෙනා දෙසට එල්ල කරගෙන ඔවුන් වෙත ගමන් කරයි)

පාදඩයා : අත් උඩට...මූ...මොකාද මේ....ඔතල..ඔතල ඔතල
විජායි : ම් ම්...මමියක්
විජායි : ඔව් දන්නෙ නැද්ද මේ ගැන අවුරුදු දහස් ගණන් සොහොන් ගැබ් ඇතුලෙ.
පාදඩයා : ඒ කියන්නේ මේ ඇන්ටික් බඩුවක්
විජායි : ඇත්ත පෞරාණික වටිනාකම ඉහලයි.
ඉන්ද්‍ර : ඒ කියන්නේ මේ පිළිබඳ
ඉන්ද්‍ර : ඒ කියන්නේ මේ පිළිබඳ
පාදඩයා : (තදින්) කථාකරන්නේ නෑ...හිටපු තැනට...හිටපු පිළිවෙලට ... දණ ගසා... අත් පස්සට .. හිස කෙලින් ... (විජායි දෙස බලා) ඉතින්...
විජායි : (කලබල වී) මේක මමියක්...
පාදඩයා : මමියක් නෙවේ දිමියෙක් වුනත් කමක් නෑ...මට කියනවා කොහෙන්ද මේක
විජායි : මිසරයේ නයිල් ගඟබඩ පාලු සොහොන් කොතකින්. අන්දකාර පිරමීඩයක් ඇතුලෙන්...දොරවල් හතක් පසුකරගෙන ගියාම
අවසාන ප්‍රාගනභූත පදාර්ථයෙන්...
අවසාන ප්‍රාගනභූත පදාර්ථයෙන්...
පාදඩයා : අම්මප නියම බඩුවක් වගේ මේක...ඇන්ටික් - පුරාවස්තු... මට දෙනවකෝ ගෙදර ගෙනියන්ඩ
නායක : (හිස ඔසවා අසීරුවෙන්) බැල්ලිගේ පුතා
පාදඩයා : චී..චී...හරිම අසභ්‍ය මමියක්...අනික අනික මේ ඒරියා එකේ කිසිම අයිය කෙනෙක් මට පාට් දාල නෑ...(විජායිනන්ද ඔහු ඇදගෙන වේදිකාවේ පසෙකට යයි) බලනව ලොක්ක මැරුන ගමන් කොල්ලො බල්ලො විතරක් නමේ දිමියොත් අපිට පාට් දානවා. ..මට ඇත්ත කියනවා කොහෙන්ද මේක.
(විජායි පාදඩයා පසෙකට කැඳවාගෙන යයි) නැත්නම් මම තමුසෙගෙ ඔලුව කුඩු වෙන්න තියනවා.
(අඳුරුවේ)