නිවේදක : අද මුළු රටම එකම මලගෙයක්. දොර දොර බතක් නොයිදෙන...සියළු ඇස් පුරා කඳුළු කඩා හැලෙන....අද උඩුකුරුව දෙනක තනිවම සයන උතුමාණෙනි....ඔබට සමාදානය
(නායකයා මඳක් සෙලවී රූපවාහිනිය දෙස බලයි)
(එලියට පැමිණ) මට මතකයි...ඔහු ශතවර්ෂ ගානක් ඈත ඉතිහාසයෙන් ඇවිද ආපු ජනප්‍රවාදයක් වගෙයි.
ඔහුගේ පෞඬ හඬින් අපේ කන් පිරිල තිබුනා...ඔහු ගැන හැමෝම කථා කළා...ඔහුගේ රශ්මි ප්‍රභාව දනන් තුඩ තුඩ රාව ප්රතිරාව නැගුවා...කෙසේ වුවත් සත් ලොව සත හට සෙත් සදන්නට පාරමිතා පිරූ ඔබ අද දෙනක සැතපී සිටින්නේ අවැසියෙන්ම රටට උවමනා කළ වේලාවකය. ඔබගේ මරණය අපගේ නෙත අග කඳුළු බිඳුවක් රඳවයි.
නායක : කවුරුන් මැරිලද
(පිරිස ශබ්දය ආ දෙස බලති) (ඉන්ද්‍ර ජනේලය අසලට ගොස් පාර දෙස බලයි)
වාසුකි : පාරේ මුකුත් කලබලයක් නෑ නේද (සුප් කෝප්පයක් සාදාගෙන එයි)
ඉන්ද්‍ර : සාමාන්‍යයයි අඳුරු නීතිය අස්සෙන් මිනිස්සු එකා දෙන්නා පාරේ ඇවිදිනව.
වාසුකි : හොඳ වෙලාවට පොලිසිය මේ පැත්තට ආවෙ නැත්තෙ, කට...කට...(කට බලෙන් අරවා සුප් පොවයි)
විජායි : මැරිල තියෙන්නේ පරවියෙක් වගේ පෙනී හිටපු උකුස්සෙක්. පොලිසිය දන්නව වසවැරැද්දක් කියල. මැරුන පරෙවිය පහුරුගානකොට උකුසු පිහාටු මතුවෙනවා. ඒක ජරමරයක්.
විජායි : මැරිල තියෙන්නේ පරවියෙක් වගේ පෙනී හිටපු උකුස්සෙක්. පොලිසිය දන්නව වසවැරැද්දක් කියල. මැරුන පරෙවිය පහුරුගානකොට උකුසු පිහාටු මතුවෙනවා. ඒක ජරමරයක්.
නිවේදක : මේ මිලේච්ඡ මනුෂ්‍ය ඝාතනය පිළිබඳ පොදු ජන අදහස විමසා බැලීමට අපි පොදු ජනතාව අතරට ගමන් කරනවා.
නිවේදක : මේ මිලේච්ඡ දේශපාලනය ඝාතනය පිළිබඳ ඔබ දකින සමාජ ආර්ථික පසුබිම මෙන්ම රාෂ්ඨ පාලනය දේශද්‍රෝහි ආගමනයන් පිළිබඳ ඔබගේ අදහස්...
පසුබිමෙන් : අපිට හරිම කනගාටුයි.
(නායක රූපවාහිනිය දෙස අවධානය යොමු කරයි....වාසුකි තල්ලු කර නැඟිටියි)
(නායක රූපවාහිනිය දෙස අවධානය යොමු කරයි....වාසුකි තල්ලු කර නැඟිටියි)
නිවේදක : මේ මිලේච්ඡ දේශපාලන ඝාතනය පිළිබඳ ඔබ දකින සමාජ ආර්ථික පසුබිම මෙන්ම
පසුබිමෙන් : අපිටත් හරිම කනගාටුයි.
නිවේදක : මෙම ඝාතන සංස්කෘතිය විසින් පරිහානියට පත්කරන ලද ජාතියේ අධ්‍යාත්මිකය පිළිබඳව....
පසුබිමෙන් : අපිටත් කනාගාටුයි.
නිවේදක : චිරාගත ආකල්ප සම්ප්‍රදායි දෘෂ්ඨීන් සසල කරමින් නව දේශපාලන ප්රවාහයකට අප යොමු කළ ඒ ශූර දේශපාලන ප්රාඥයාගේ වියෝව පිළිබඳව
පසුබිමෙන් : කනගාටු නොවී වෙන මොනව කරන්නද?
නිවේදක : (මානව ශිෂ්ඨාචාරය අර්බුදයකට යොමු කිරීමට කිසිම අයුරකින් සම්මාදන් නොවූ ධර්මධරයාගේ වියෝව පිළිබඳව
නිවේදක : (මානව ශිෂ්ඨාචාරය අර්බුදයකට යොමු කිරීමට කිසිම අයුරකින් සම්මාදන් නොවූ ධර්මධරයාගේ වියෝව පිළිබඳව
අපිත් ඉතිං කනගාටු වෙනවා
නිවේදක : (නිවසේ සිටින අයගෙන්) මේ ගැන ඔබගේ අදහස්
තිදෙනා : අපිටත් හරිම කනගාටුයි...දුකයි
නිවේදක : (මයික්‍රපෝනය ඉවතට හරවා ප්‍රේක්ෂකාගාරය දෙසට) මේක නම් හරිම වැඩක්. මේ මනුස්සය රට පාලනය කරන කොට හැමෝටම ඕන වුනේ මිනිහව මරන්ඩ. දැන් කනගාටුවෙනවා හැමෝම සැදී පැහැදී එකාමෙන්.
ඉන්ද්‍ර : වාසුකි... මමත් දැන් හැංගිලා හිටිය ඇති...දැන් කාට බයේ හැංගෙන්නද
වාසුකි : කමක් නෑ තව ටික දවසක් ඔහොම ඉන්න...ඇදිරි නීතිය තව දවසක් දෙකක් තියෙයි. මේ මරණයත් මිනිස්සුන්ට සාමාන්‍ය මරණයක් වෙයි.
වාසුකි : කමක් නෑ තව ටික දවසක් ඔහොම ඉන්න...ඇදිරි නීතිය තව දවසක් දෙකක් තියෙයි. මේ මරණයත් මිනිස්සුන්ට සාමාන්‍ය මරණයක් වෙයි.
විජායි : මටත් දැන් ඔය මොනව මොනව හරි කරල කීයක් හරි හොයාගන්න පුළුවන් වෙයි. දැන් කාටවත් මාව මතක නෑ....
නිවේදක : ආර්යාව මේ මිලේච්ඡ ඝාතනය පිළිබඳව ශෝක වන සියළුම රටවැසියන්ට සිය ශෝකය ප්‍රකාශ කිරීමට සූදානම්
(යලිත් ශෝකී සංගීත හඬක් රූපවාහිනියේ කිසිවක් නැත. මෙය දකින නායකයා නැඟීසිටිමින් අත පය එහා මෙහා කරමින් කෑගැසීමට උත්සාහ කරයි. හඬ පිට නොවේ. පිරිස ඔහු දෙසත් රූපවාහිනිය දෙසත් කලබලයෙන් බලති. මඳ වේලාවක් දගලන ඔහු සෝපාව මත සිහිසුන්ව ඇද වැටේ. ඉන්ද්‍ර ඔහු අසලට යාමට සූදානම් වෙයි. වාසුකි ජනේලය අසලට ගොස් පාර බලයි. ඇය යමක් දැක කලබල වෙයි)
ඉන්ද්‍ර : වාසුකි වතුර
වාසුකි : ඉන්ද්‍රගුප්ත අර
ඉන්ද්‍ර : (ජනේලයෙන් බලයි) ඒ පාර මොකද ...මාලා
(කලබල වී කරන දෙයක් වටහා ගත නොහැකිව එකල මෙකල වෙයි)
(කලබල වී කරන දෙයක් වටහා ගත නොහැකිව එකල මෙකල වෙයි)
විජායි : ඒ පාර මොකද
(ඉන්ද්‍ර ඔහුට ජනේලය පෙන්වයි. ඔහුද එබී බලයි)
(ඉන්ද්‍ර ඔහුට ජනේලය පෙන්වයි. ඔහුද එබී බලයි)
විජායි : චා...චා...
ඉන්ද්‍ර : වැඩේ ඔක්කොම අවුල්
වාසුකි : මේ පැත්තටයි එන්නේ.
වාසුකි : මේ පැත්තටයි එන්නේ.
(ඔවුන් සෝපාව අනෙක් පසට හරවති) (දොරට ගසන හඬ වාසුකි දොර අරියි)