ඉන්ද්‍ර : උඹල හිතාගෙන ඉන්නවනම් මගේ හිතේ කිසිම වෛරයක් නෑ කියල මිනිහ ගැන සහසුද්දෙන්ම ඒක වැරදියි.
වාසුකි : ඔයා තරම් වෛර කලේ නැතුව ඇති කවුරුවත් ...
වාසුකි : ඔයා තරම් වෛර කලේ නැතුව ඇති කවුරුවත් ...
විජායි : මට තේරෙනවා පුතා.... එහෙම නැත්නම් මම තවම තේරුම් ගන්න උත්සාහ කරනවා... උඹේ වයසේදී මමත් විශ්ව විද්‍යාලේ....අපිත් එදා රැඩිකල්වාදී.... අතිධාවනකාරී..... හැම දෙයක්ම දැක්කේ නුහුරට.... කොටින්ම අපේ මහාචාර්යතුමා අපිට මිල්ටන්, වර්ඩ්ස්වර්ත්....ෂෙලිගෙ කව් ගැන බොහොම උජාරුවට කියනකොට අපි ඒව අගය කළේ නෑ.... අපි අගය කලා අපි වීරත්වයෙන් සැලකුවා....ජොසුවේ කාර්දුර්සිගේ ඕඩ් බාර්ධාරි ඒ කියන්නේ මිවේජ්ඡ ගීත වගේ දේවල්වලට.
ඉන්ද්‍ර : මොන කෙහෙම්මලක්ද..... මේක කවි ගැන කථා කරන වෙලාවක්ද.....විජායිනන්ද පොඩ්ඩක් නිවිහැනහිල්ලේ ඉන්ඩ...
විජායි : මට කියන්න ඕන වුනෙ... රැඩිකල්වාදී ... අතිධාවනකාරි තාරුණ්‍යයේ උඹේ භූමිකාව ගැන පුතා.
ඉන්ද්‍ර : (තරහින්) අපි කමකට නැති තරුණයෝ...ඉතිං තව මොනවද කියන්න ඕනෙ
විජායි : (ඉන්ද්‍ර ළඟට ගොස්) මේ බෝම්බෙ තියන්න උඹත් එක්ක වෙන කවුද සම්බන්ධ වුනේ.
විජායි : පුතා කේන්තිගන්න කාරණාවක් නෑ....මං දන්නව උඹ ප්‍රගතිශීලි රැඩිකල්වාදි සංවිධානත් එක්ක සම්බන්ධකම් තිබුන... උඹ විශ්ව විද්‍යාලෙට ආවේ වෛද්‍යවරයෙක් වෙන්න... වෛද්‍ය ශිෂ්‍යයෙක් හැටියට...ඒ වුනත් එතනින් නෙරපන කොට මධ්‍යම රජයට උඹ හිරිහැරයක්.
ඉන්ද්‍ර : මං ඒ සම්බන්ධකම් අතහැරල හුඟක් කල්
වාසුකි : අපි ඕක අමතක කරමු ඉන්ද්‍රගුප්ත මැරුන එකා මැරුන...ඒත් අපි තවම ජීවත් වෙනව.
(විජායි සහ වාසුකි විමතියෙන් එකිනෙකාගේ මුහුනු බලති)
ඉන්ද්‍ර : ඒක කාගෙ හරි නාඳුනන එකක් වෙන්න ඇති.
විජායි : උඹට මොකද්ද ලොකු පටලැවිල්ලක්...නැත්තං මොකක් හරි ප්‍රෝඩාවක්.
(ඉන්ද්‍ර සාලයේ එක් කෙලවරකට ගොස් අන්පසට හරවා ඇති සැටිය ප්‍රේක්ෂකාගාරය දෙසට හරවයි. මුළුමනින්ම වෙලුම්පටි වලින් ආවරණය කල සේලයින් බෝතලයක් එල්ලන ලද මිනිසෙක් එහි වෙයි. ඉන්ද්‍ර ඔහු කෙළින් අතට හිඳුවයි. ඔහු මියනොගිය රාජ්‍ය නායකයාය)
විජායි : සුලං තමයි.... සඳ බබලයි... බල්ලො බල්ලො.