ඉන්ද්‍ර : ගෑනු දරුවෝ-පොඩි දරුවෝ ලේ පෙරාගෙන දුවන්න පටන්ගත්තා....
(දොරට තට්ටු කරන හඬ)
ඉන්ද්‍ර : (ඉදිරියට යෑමට ගොස් නැවත නවතී) දොර අරින්න එපා - පොලිසියෙන් ද දන්නෙ නැහැ?
වාසුකි : (දොර දෙසට යමින්) පොලිසියෙන් නම් මම කියනව අපේ මූලික ප්‍රශ්නය කෑම කියල...මානුෂික නැහැ එගොල්ලො අපි හිතනවට වඩා.
(ඉන්ද්‍රගුප්ත ඇගේ අතින් ඇඳ නවතා, තමාම ගොස් දොර අරියි)
විජායිනන්ද : (ඉන්ද්‍රගුප්ත පසුකරගෙන වාසුකි වෙතට ගොස් යමක් විමසන ලෙසින්) සමාවෙන්න...මට දැනගන්න පුලුවන්ද නොම්මර විසිදෙක කොහෙද කියල ආදිපාද වීදියෙ
වාසුකි : (අතින් ඇඳගෙන පසෙකට යයි) මේක තමයි ගෙදර
විජායිනන්ද : (නලලට අත ගසා) වැරදුනා... චා..චා.. හැමදාම එන තැන, හැමදාම වරදිනවා...(මඳක් ඇවිද ඉන්ද්‍රගුප්ත අසලට ගොස් උස් හඬින්) ආරංචිද තත්වෙ.... අයෙත් පටන් අරන් යුද්දෙ.... මං දන්නව උඹල කියයි.... යුද්දෙ නපුරුයි.... යුද්දෙ කුරිරුයි.... යුද්දෙ භයානකයි....කියල. ඒ වුනාට ඒව්වා අපිට මොන කෙහෙම්මලකටද.... අපි - අපි නීතිගරුක පුරවැසියෝ.... අපි හොරකම් කරන්නෙ නෑ. අපි මිනී මරන්නෙ නෑ.... අනුන්ගේ දේ ගිනිබත් කරන්නේ නෑ.
ඉන්ද්‍ර : විජායිනන්ද (තදින්)
(දෙදෙනා මඳ වේලාවක් මුහුණ බලා සිටියි)
ඉන්ද්‍ර : (මෘදු ලෙස) විජායිනන්ද ..... ඉඳගන්න (වාඩිවෙයි) - වාසුකි දෙන්න විජායිනන්දට බේත්....
(වාසුකි ජනේලයෙන් පිටත සිදුවන යමක් බලා සිටියි) වාසුකි //
(තවම පිටත බලාසිටියි) - (තමාම ඒ දේ කරයි)
(වතුර සමඟ බේත් පෙති කීපයක් බොන්නට දෙයි... විජායිනන්ද ටික වේලාවක් පුටුවේ වාඩිවී සිට සැහැල්ලුවෙන් නැගිටියි)
වාසුකි : අඳුරු නීතියක් දාලා....තේරෙනවද මේ වෙලාවේ රටම අරාජිකයි.
(තාලයකට කිසියම් ගීතයක් ගයයි)
(දෙදෙනා තරඟයට මෙන් ගී ගයමින් නටති. ඉන්ද්‍ර කිසිවකට සම්බන්ධ නොවේ. එය නුරුස්සනා අයුරකි)
වාසුකි : ඇයි එයාට මොනවද වෙලා තියෙන්නේ....මේක ඇත්තටම අපි සතුටු වෙන්න වෙලාවක් නෙමෙයිද... අපි නිදහස් වුනේ ලොකු බරකින් නෙමෙයිද...මිනිස්සු ඔක්කොම ජීවත්වුනේ බයෙන් මිරිකිලා....(ඉන්ද්‍ර දෙෂස බලා) හොඳයි නෑ කියන්නේ කව්ද?
වාසුකි : ඉන්ද්‍රගුප්ත ඔයාට මොනවද ඉතුරුවුනේ....නැතිවුනා මිසක්....අපිට මොනවද නොවුනෙ.... ඉතිං ඇයි තවමත් ඒ ගැන
හිතන්නේ නැත්තේ.... ඇයි ඒ මැරුන මිනිහ ගැන දුක්වෙන්නේ.