අලි හාමි කෙලින් ම ගියේ ගොවි හාමි සමුවන්නට ය. එහෙත් කෙසේ සමුවිය හැකි ද ? ගොවි ගෙදරට යෑම නොසිතිය හැකිය. ගොවි ගෙදර තිබියේ වා. ගොවි පළේ මායිම ට ළං වීම ද සනිපයට හොද නොවේ. ඇයි ? අර කරදර කාර බලු හාමි හැම තැනකම පෙනේ.
හොඳ සුවඳක් ලද්දා සේ නාසය බිම ඔබාගෙන දුවන බලු හාමි ට හිවල් හාමි අසලකට වත් පැමිණිය හොත් වහා දැනෙයි. ඉතින් ළඟට වත් එන්නේ කෙසේ ද ?
හිවල් හාමි බොහෝ වේලා ඒ මේ අත ඇවිද්දේ ය. ඒ ඇවිද්දේ කොහි ද ? කුමක් කරන්නට ද ? සනීපය රැක ගන්නට නම් ගොවි පළට ළං විය යුතු ප්‍රමාණය හිවල් හාමි හොඳ හැටි දනී.
දැන් ඇවිදින්නේ ගොවි පළට වදින්නට සුදුසු වේලාව බලමින් නොවේ. ගොවි හාමි
කැලෑ පාරෙන් එයි දැ, යි බලමිනුයි. හෝරාවක් ගියේය. දෙකක් ගියේ ය. තුනක් ගියේ ය. එහෙත් ගොවි හාමි නො එයි.
හිවල් හාමි ගේ ඉවැසිලි දැන් කෙළවර ය. මේ ව්‍යාපාරය හරි නොයන ලෙස ය දැන් පෙනෙනු යේ. එ හෙයින් හිවල් හාමි දිග සුසුමක් හෙළා පපුවට මඳ ඉවැසිල්ලක් දෙන්නට උත්සහ කොට, කරට උඩින් ගොවි පළ දෙස බලා පෙර දැක පුරුදු ළා එළු පැටවුන් ගේ මසෙ හි ඇති විය යුතු මෙළෙක් බව ගැන සලකා දෙතුන් විටක් ම තලු ගසා ගෙදර යන සිත ඇති කෙළේය.
බිම ඇන ගෙන සිටි පසු භාගයම මහත් උත්සහයෙන් සෙමෙන් සෙමෙන් එසැවී ය. හිස මඳක් සලා යළිදු ගොවි පළ දිසාවට ඇස් හැරවී ය. ඉක්‌බිති සැබැවින් ම එක්‌සිත්
සිතා ගෙන වම් ඉදිරි පය පෙරට තැබී ය.
" තඩි " යන මහ හඬෙක් වනය මැදින් නැගුණේ ය. හිවල් හාමි සතර පයින් ම රියනක් පමණ අහසට ගියේ ය. බිමට බට කලැ ඔහුගේ දෙකොන මාරු විය. හේ වෙන කිසිවක් නො සලකා ම හිස් කොන හැරුණ අතට දුවන්නට ඉඟිළුනේ ය. එහෙත් තමා කරන්නට පැමිණි ව්‍යාපාරය ? එය හරි ගියහොත් ලැබෙන එළු පැටවු ? උන් ගේ මසෙහි මෙළෙක ? අර ඇසුණු බියකරු හඬ නිසා දෝ මේ සියල්ල ලහත්කාරයෙන් මෙන් හිවල් හාමි ගේ සිතට පෙරැළී ආයේ ය.
එහෙත් ගොවිපළ කවර දිසාවෙහි දැයි සොයන්නට හිස හැර වූ ඔහුට බඩ අල්ලා ගෙන හඬ නොනඟා සිනා සෙන ගොවි හාමි පෙණූනේ ය. හිවල් හාමි ගේ හිතට වැළැඳූණු ලජ්ජාව වැඩි වන්නට පෙර ගොවි හාමි දෙඩී ය. " ආයිබොවන් හිවල් හාමි, අලි දළ දෙක තව ම තිබුණු තැන ද ?"
" ආයුබොවන් රාළ හාමි, ඒ දෙක එතැනමයි. එහෙත් දැන් උගුලන කාලය ළඟ යි."
" උගුළන කාලය ද? ඉගිලෙන කාලය ද ?"
" උගුළන කාලය, රාළ හාමි. දැන් අපේ අලි රාළ හාමිට ලෙඩක් වැළඳී බොහෝ ම අමාරු යි. ඇස් දෙකට කන්නාඩියක් දමා දළ උගුළන්නට වෙද හාමි නියම කළා.
ඉතින් අපේ ව්‍යාපාරය හරියන්නට යි එන්නේ ?"
" හොඳා. අලියා ගේ ද ළඋගුලන්නේ කවරෙක් ද ?"
" රාළ හාමි ට තේරෙන්නේ නැද් ද? එ කාරියට හපනා රාළ හාමි ම තමා. වෙද හාමි නියම කළේත්මේ රාළ හාමි ලවා ද ළඋගුළුවා ගන්නට යි. රාළ හාමි ගැන වෙද හාමිත් හොඳට දන්නවා. මෙබදු සියුම් කටයුතු වලට හරි හපනා බව මාත් අසා ඉන්ද දීම කිවුවා."
ගොවි හාමි ගේ හිස මඳක් කෙළින් විය. තමා ගැන එ තරම් උසස් තැනැත්තන් පවා දන්නා බවඅසන්නට ලැබීම ඔහුට ප්‍රීතියකි. එහෙත් ඔවුන් කියන තරම් හපන්කම් තමන් කෙරෙහි ඇද්ද යන්න යනු ඔහුටම නිශ්චය වශයෙන් නොකිය හැකිය.
" ඉතින් හිවල් හාමි අලි හාමි ගේ දළ ඉගිළීම අලි හාමි කෙනෙකුන් විසින් කළ යුතු නොවේ ද ?"
" එසේ කළත් වරදෙක් නොවේ. එහෙත් අලි හාමිනේ ගේ ආදරය වැඩි කම නිසා එබඳු කටයුත්තක් කරන්නට බැරිලු. ඒ දෙදෙනාගේත් කැමැත්ත රාළ හාමි ලවා ම මේ කටයුත්ත කරවා ගන්නට යි."
" මගෙන් බාධාවක් නෑ. එය කරන්නේ කෙසේ ද ?"
" මට පුදුමයි, රාළ හාමි දක්‌වන බොළඳ කම ගැන, රාළ හාමි ගේ ගෙයි යට ලී නැද් ද ?"
" තිබෙනවා "
" කවුළු නැද් ද ?"
" තිබෙනවා "
" දිග කඹ නැද් ද ? "
" තිබෙනවා "
" ඉතින් අලි සිය දෙනෙකු ගේ දළ උගුලන්නට බැරි ද, රාළ හාමි ඒ ගැන සිතන්නට එපා. රාළ හාමි ට දළ දෙක. මට එකක්‌වත් එපා. මට එළු පැටවුන් දෙන්නා හරිද ?"
" ඔව් ඉතින් දළ ඉගිළීම කරන්නේ කෙසේ ද ?"
හිවල් හාමි මෙහි දී අලි දළ උගුළන පිළිවෙල පැහැදිලි කොට කියා දුන්නේ ය. ගොවි හාමි මහත් ප්‍රීතියට පැමිණියේ ය.
වෙන කිසි තැනෙක නැති තරම් විශාල අලි දළ දෙක තමාට ලැබුණ සේ ම සිතා ගත්තේ ය. සිවල් හාමිට පමණක් යම්කිසි අඩුවක් ඇති සේ පෙනිණ. හේ ඒ අතට ඇඹැරෙයි. මේ අතට ඇඹෙරෙයි. ගොවි හාමිනේ මුහුණ බලයි. ගොවි හාමිට ඒ කිසිවක් නො තේරේ.
" රාළ හාමි "
"” ඇයි, හිවල් හාමි ?"
" අර ගණනින් බාගයක් වත් මට දැන් දෙන්න. අපේ ව්‍යාපාරය හරි ගියා වගේ ම නොවේ ද ?"
" කවර ගණනින් ද ?"
" මට දෙනවා ය යි කී ගණනින් "
" හා, එළු පැටවුන් දෙ දෙනාගෙන්. නෑ, හිවල් හාමි බඩු නොලබා මිල දීමෙන් මා රැවටුණු වාර අනනතයි. මෙහි දී ඒ රැවටීම මට එතරම් නොදැනේ. මම ඔබේ මිත්‍රයෙක් මි. ඉඳ හිට ලා වත් සමු වී දෙඩීම මේ ව්‍යාපාරයෙන් නැති වී ගියොත් ?"
" ඇයි රාළ හාමි, එය නැති වී යන්නේ ?"
" ගන්නට ඉන්නා බඩුවට කලින් මිල දුන්නාම එවැනි දේ බොහෝ විට සිදු වෙනවා."
හිවල් හාමිට කාරණය තේරුණේ ය. එ හෙයින්, දත් ඉඟිළීමට පසු දින එන බව ද. ගෙයි යට ලීය ද. කවුළුව ද, කඹ ද, එළු පැටවුන් ද සකස් කොට තිබිය යුතු බව ද කියා සමු ගෙන ගියේ ය.
