ගණක / දාදු කැට
 

නිදසුන :


* මෙම ප්‍රශ්නය පහත සඳහන් දෑ මත පදනම් වෙයි.











ඉහත සඳහන් ආකාරයට ලකුණු කරන ලද දාදු කැටයක් සමචතුරස්‍ර 25 ක් ඇති ලෑල්ලක වම් අත පැත්තේ වූ කොණෙහි වූ P සමචතුරස්‍රය මත තබා ඇත. දාදු කැටය Q සමචතුරස්‍රයට ළඟාවන තුරු තිත් රේඛාව දිගේ පෙරළනු ලැබේ.


Q පිහිටුමෙහි දී දාදු කැටයෙහි උඩ පැත්තේ වන සංඛ්‍යාව කුමක්ද?










ඉහත දී තිබෙන දාදු කැටයේ අවස්ථා 4 හි දර්ශනය වන අගයන් අනුව අපිට එක් එක් අගයට ප්‍රතිවිරුද්ධ පැත්තේ අගයන් සොයා ගත හැක.


I,II හා III අවස්ථා අනුව 1 අගයට ආසන්න පැති හතරේ අගයන් වනුයේ 2,3,4 හා 5 වේ. ඒ අනුව 1 අගයට ප්‍රතිවිරුද්ධ පැත්තේ අගය 6 වේ. එමෙන්ම II,III හා IV අවස්ථා ගත්විට 4 අගයට ආසන්න පැති හතරේ අගයන් වනුයේ 1,2,5,6 වේ. ඒ අනුව 4 අගයට ප්‍රතිවිරුද්ධ පැත්තේ අගය 3 වේ. I හා II අවස්ථා අනුව 2 අගයට ප්‍රතිවිරුද්ධ පැත්තේ අගය 5 වේ. ඉහත තොරතුරු අනුව දාදු කැටයේ ප්‍රතිවිරුද්ධ පැති දෙකක අගයන්ගේ එකතුව 7 ක් වේ. ඒ අනුව P අවස්ථාවේ දාදු කැටය පියවරෙන් පියවර Q දක්වා පෙරළා යන විට එහි පෙනෙන පැති වල අගයන් අනුව නොපෙනෙන පැතිවල අගයන් තීරණය කළ හැක. පහත ආකාරයට අවස්ථාවන් ඒ ඒ දිශාවන්ට පෙරලීමෙන් පිළිතුර ලබා ගත හැක.













* ප්‍රශ්න අංක 61 හා 62 පහත රූප සටයනේ දක්වා ඇති පරිදි කුඩා ගණන 64 කින් සමන්විත වූ විශාල ගණනය මත පදනම් වී ඇත.











මෙම විශාල ගණකයේ මුහණත් හයේ තීන්ත ආලේප කරන ලදී. අනතුරුව කුඩා ගණන 54 එකිනෙකින් වෙන් කරන ලදී.


* මෙම ගණක අතුරෙන් ඇතැම් ගණකවල මුහුණත් තුනක සායම් ආලේප වී තිබිණි.
* ඇතැම් ගණකවල තීන්ත ආලේප වී තිබුණේ මුහුණත් දෙකක ය.
* ඇතැම් ගණකවල තීන්ත ආලේප වී තිබුණේ එක මුහුණතක ය.
* ඉතිරි ගණකවල කිසිම මුහුණතක තීන්ත ආලේප වී නොතිබිණි.


61. මුහුණත් තුනක සායම් ආලේපිත කුඩා ගණක සංඛ්‍යාව කොපමණද?

(1) 4  (2) 8  (3) 10  (4) 12  (5) 16


62. එක මුහුණතකවත් සායම් ආලේප වී නොතිබුණ කුඩා ගණක සංඛ්‍යාව කොපමණද?

(1) 8  (2) 10  (3) 12  (4) 16  (5) 18


* ප්‍රශ්න අංක 63 සහ 64 පදනම් වන්නේ පහත දැක්වෙන තොරතුරු මතය.

ඝන ද්‍රව්‍යයකින් සකසා ඇති ගණකයක දාර දොළහක් තිබේ. එහි මුළු දෙකකින් කපා ඉවත් කරන ලදී. එක කුඩා ගණකයක් විශාල ගණකයේ එක මුල්ලකින් ඉවත් කිරීමෙන් පසු මුල් ගණකය පෙනෙන ආකාරය රූපයෙන් දැක්වේ.










(c) Shilpa Sayura Foundation 2006-2017