අනුපාත / සමානුපාත
 

5. අනුපාත / සමානුපාත

 

නිදසුන :

පළල සෙ.මී. 10 ක් වූ ද, දිග සෙ.මී. 15 ක් වූ ද, සෘජුකෝණාස්‍රාකාර ඡායාරූපයක් පළල සෙ.මී. 22 ක් වන සේ විශාල කිරීමට අවශ්‍ය ව ඇත. පළල හා දිග අතර ඇති අනුපාතය නොවෙනස් ව පැවතිය යුතුය. විශාල කරන ලද ඡායාරූපයේ දිග සෙ.මී. කීයක් විය යුතු ද?


(1) 29  (2) 31  (3) 33  (4) 35  (5) 37


ඡායාරූපයේ පළල හා දිග අතර අනුපාතය             - 10 : 15
                                                             =   2 : 3
පළල හා දිග අතර අනුපාතය වෙනස් නොවේ
..පළල සෙ.මී. 22 වූ විට දිග
                      =   23x3
                                                                                   2
                                                                       
=
සෙ.මී.
33

36. ලේකම්වරු තිදෙනෙකු කිසියම් සුවිශේෂි ව්‍යාපෘතියක වැඩ කළ කාලය 1:2:5 යන අනුපාතයට අනුකූල වේ. තිදෙනා වැඩ කළ මුළු පැය ගණන 112 නම්, වැඩිම කාලයක් වැඩ කළ ලේකම්වරයා වැඩ කළ පැය ගණන කොපමණද?


(1) 90  (2) 85  (3) 80  (4) 75  (5) 70


37. එක්තරා පාසලක පුස්තකාලයේ ඇති සෑම නවකතා පොතක් සඳහා ම විද්‍යා පොත් 2 ක් ඇත. සෑම විද්‍යා පොතක් සඳහා ම ආර්ථික විද්‍යා පොත් 7 ක් ඇත. පහත සඳහන් අනුපාත අතරෙන් කවරක් මෙම පුස්තකාලයේ ඇති ආර්ථික විද්‍යා පොත්, විද්‍යා පොත් සහ නවකතා පොත් අතර ඇති අනුපාතය දක්වයි ද?


(1) 7:2:1            (2) 7:1:2         (3) 14:7:2
(4) 14:2:1          (5) 14:2:7


38. ගොඩනැගිල්ලක් ඉඳිකිරීම සඳහා බදාම මිශ්‍රණය සැකසීමේ දී සිමෙන්ති, හුණු සහ වැලි මිශ්‍ර කළයුතු අනුපාතය 2:3:8 විය යුතු බවට ඉංජිනේරුවා උපදෙස් දී තිබේ. බදාම තාච්චි 65 ක් සකස් කර ගැනීම සඳහා හුණු තාච්චි කීයක් මිශ්‍රණයට එක් කළ යුතුද?


(1) 11  (2) 12  (3) 13  (4) 14  (5) 15


39. පියෙක් රු. 5000/- ක් තම දරුවන් තිදෙනා අතර බෙදීමේ දී බාල පුතා ලබන සෑම රුපියලකටම දෙවන පුතාට රුපියල් 1.50 ක්ද වැඩිමලාට රු. 2.50 ක්ද ලැබෙන ලෙස කටයුතු කළේ නම් දෙවන පුතාට හිමිවන මුදල කොපමණද?


(1) රු. 1500/-  (2) රු. 2000/-
(3) රු. 2500/-  (4) රු. 3000/-
(5) රු. 3500/-


40. නවාතැන්පළක නේවාසිකයින් 15 කට දින 10 කට ප්‍රමාණවත් ආහාර ඇත. නේවාසිකයින් සංඛ්‍යාව 25 දක්වා වැඩි වූයේ නම් එම ආහාර ප්‍රමාණය දින කීයකට ප්‍රමාණවත්ද?


(1) 8  (2) 6  (3) 5  (4) 4  (5) 3

6. ප්‍රතිශත

නිදසුන :
       ආයතනයක සේවකයින් එක් දහසකි. ඔවුන්ගෙන් 25% ගැහැනුන් වන අතර ඔවුන්ගෙන් 40% ක් රාත්‍රි මුරවල වැඩ කරති. ආයතනයේ මුළු සේවක සංඛ්‍යාවෙන් 60% ක් රාත්‍රි මුරයේ වැඩ කරන්නේ නම් රාත්‍රි මුරයේ වැඩ කරන පිරිමි සංඛ්‍යාව කොපමණද?


(1) 600  (2) 520  (3) 500  (4) 480  (5) 250

ආයතනයේ මුළු ගැහැනු සේවක සංඛ්‍යාව   =  1000 x  25
                                                                        100

                                                        =  250
රාත්‍රි වැඩ කරන ගැහැනු සේවක සංඛ්‍යාව  =  250 x 40
                                                                       100
                                                        =  100

රාත්‍රී වැඩ කරන මුළු සේවක සංඛ්‍යාව     =   1000 x  60
                                                                              100
                                                            =   600


රාත්‍රී වැඩ කරන පිරිමි සේවක සංඛ්‍යාව     =   600 -  100
                                                            =   500

41. 200 කින් සමන්විත ශිෂ්‍ය කණ්ඩායමක, 120 ක් ආර්ථික විද්‍යාව හදාරන අතර, 100 ක් අන්තර්ජාතික සම්බන්ධතා විෂය හදාරති. ශිෂ්‍යයෙක් අවම වශයෙන් මෙම විෂයයන් දෙකෙන් එකක්වත් හැදෑරිය යුතු වේ නම්, ශිෂ්‍යයන්ගෙන් කොපමණ ප්‍රතිශතයක් අන්තර්ජාතික සම්බන්ධතා විෂයය පමණක් හදාරයි ද?


(1) 80%  (2) 60%  (3) 40%  (4) 20%  (5) 10%  


42. මහා මැතිවරණයකට සහභාගි වූ ජන සමූහයකින් 60% ක් තමන් R නමැත්තාට සිය ඡන්දය දෙන බව කීහ. එසේ කියූ අය අතුරෙන් 90% ක් R ට ම ඡන්දය දුන්හ. R ට ඡන්දය දෙන බව නොකියූ අයගෙන් 5% ක් ද R ට ඡන්දය දුන්හ. මේ අනුව ජන සමූහයෙන් R ට ඡන්දය දුන් ප්‍රතිශතය කොපමණ ද?


(1) 52%  (2) 53%  (3) 54%  (4) 55%  (5) 56%


43. එක්තරා විද්‍යාලයක ගුරුවරුන්ගෙන් 70% ක් කාන්තාවන් වන අතර ගුරුවරුන්ගෙන් 60% ක් විවාහකයන් ය. පිරිමි ගුරුවරුන්ගෙන් තුනෙන් දෙකක් අවිවාහක අය වෙත් නම් විවාහක කාන්තාවන් කුමන භාගයක් වේද?


(1) 6  (2) 5  (3) 4  (4) 3  (5) 2
     7        7        7        7       7


44. එක්තරා කර්මාන්ත ශාලාවක පසුගිය මාසයේ නිමැවුම් ප්‍රමාණය 1% කින් ඉහළ ගොස් ඇති අතර ඊට පෙර මාසයේ එය 1% කින් පහළ ගොස් තිබිණ. පහත දැක්වෙන තත්වය අතරෙන් කවරක් නිමැවුම් ප්‍රමාණය පිළිබඳ සමස්ත වෙනස දක්වන්නේ ද?


(1) නිමැවුම් 1% ට වඩා අඩු ප්‍රමාණයකින් පහළ ගොස් තිබේ.
(2) නිමැවුම් 1% ට වඩා වැඩි ප්‍රමාණයකින් පහළ ගොස් තිබේ.
(3) නිමැවුමේ ප්‍රමාණය වෙනස් නොවී පැවතිණ.
(4) නිමැවුම 1% ට වඩා අඩු ප්‍රමාණයකින් ඉහළ ගොස් තිබේ.
(5) නිමැවුම 1% ට වඩා වැඩි ප්‍රමාණයකින් ඉහළ ගොස් තිබේ.

45. වෙළඳ සැල් හිමියෙක් රු: 60/- කට මිළට ගත් භාණ්ඩයක් විකිණීමේ දී 4%ක් වට්ටම් දීමෙන් පසු 20%ක් ලාභ ලැබීමට ලකුණු කළ යුතු මිළ කීයද?

(1) 72   (2) 73   (3) 74    (4) 75    (5) 76

(c) Shilpa Sayura Foundation 2006-2017