හිවල් හාමි මද වේලාවක් ඈත් ව සිට කලබලයක ලකුණු නැති හෙයින් සෙමෙන් සෙමෙන් ළං වූයේ ය. අලි රාළ හාමි ගේ ඇස් තදින් ම පියැවී තුබුණේ ය. හාමිනේ වරින් වර ඇස් ඇර බලයි. එහෙත් හිවල් හාමි ඇයගේ ඇසට නො වැටුණේ ය. අන්තිමේ දී හිවල් හාමි පෙනෙන්නට ම ආයේ ය. අලි හාමිනේ ඔහු දැක නැගී සිටියා ය.
" ඇති ගුණයක් නෑ. හිවල් හාමි "
" ඉතින් ඒ වෙද කම් ම ද, කරන්නේ ?"
" ඔව්. වෙන වෙදකමක් අසා ගන්නට යි සිටියේ. දැන් වෙද හාමි හාමිනේ ද සමඟ මෙහි ආවා. ටික වෙලාවයි හිටියේ. අපේ රාළ හාමිට නිකම් පිස්‌සුවක් ආවා, මහ හඬ නැගුවා, නැගී සිටියා, බමරයක් වගේ කැරකැවුණා. දිවුවා කැලේ බිඳගෙන. වෙද හාමිත් හාමිනේත් කොයින් ගියා ද කියා පෙණුනේ නෑ."
" ඇයි ඒ ?"
" අනේ මා දන්නේ නෑ, ඊයේ රෑත් එ පමණයි. ඇහැ පියන්නට ලැබුණේ නෑ."
" ඉතින් බලා ඉන්නට හොද යැ ? වෙන වෙද කමක් වත් කරන්නයට ඕනෑ නොවෙ ද ?"
"ඔව් හිවල් හාමි, මෙහෙම බලා ඉන්නට බැහැ. අනේ කියන්න හොඳ වෙදකු දන්නවා නම්. "
" වෙන වෙදෙක් මෙහි නෑ. මා අර ගමේ නැතිව ටි කලක් ගෙවුනා නොවෙ ද ? ඒ කාලේ මා සිටියේ බොහෝම සමර්ථ වෙදකු ළඟ.
අපේ වර්ගයේ වෙදකු ළඟ නොවේ. මිනිසුන් ගේ වෙදකු ළඟ. එ කාලයේ හොද හොද වෙදකම් මා ඉගෙන ගත්තා. මා පිට වෙදකම් කරන්න ගියේ නෑ. අපේ ගෙදර ලෙඩක් වූණාට වෙන වෙදුන් ගෙන්වන්නේ නෑ. මා දන්නා වෙද කමුයි කරන්නේ.
හාමිනේ මා මුළදී ම කියන්නට හිටියා, බැරි වුණා. කමා කරන්න. මා හිටියේ හාමිනේත් එක්‌ක එන්න. ඊයේ රෑ හාමිනේ ට ඇඟ සළිත කොට උණ ගැනුණා.
ඇඟේ වී ටිකක් මා දැමුවා විතරයි, පොරි වුණා. එ තරම් සැරයි උණ ය. එ නිසායි අනේ හාමිනේ අප දෙන්නාට ම එන්නට බැරි වුණේ."
" හා, උණ තියෙද්දී එන්නේ කෙසේ ද ? තවම උණ අඩු නැද්ද ?"
”" දැන් නම් මගේ ගුරුවරුන්ට පින් සිද්ද වෙන්නට උණ නෑ. ඒත් දැන්ම ගෙයින් පිටවන්නට හොද නෑ."
" ඉත්න් උණ බැස ගියේ කෙසේ ද ?"
" පොඩි වෙදකමක් කළා."
" ඉතින් කියන්න. කුමක් කළා ද ?"
" එ සේත් කියනවා ද ? හාමිනේ. වෙද කම් ?"
" අපේ රාළ හාමිට ත් වෙද කමක් කරන්නට බැරි ද ?"
" ඇයි බැරි ? ඕනෑ නම් මේ ලෙඩ සික’;රට ම හොද වන බෙහෙතක් කළ හැකි."
හිවල් හාමි මෙසේ කීවා විතරයි, අලි රළ හාමි මර හඬ නාගා ගෙන නැගී සිටියේ ය. කරකැවුණේ ය. බිම පෙරැලුණේ ය. ඇස් තදින් පියා ගත්තේ ය. කෙඳිරි ගාන්නට වූයේය. අලි හාමිනේ ද තමාට පුරුදු හැටි කළේ ය.
හිවල් හාමි වෙදකම් මතක නැති කොට බොහෝ තැන් දිව ගොස් යන්තම් හොඳ සිහිය එළවා ගෙන හැරී බැලුවේ ය. අලි රාළ හාමි තමා පස්‌සේ නො එන බව දැන ගසකට මුවා වී බලා සිටියේ ය.
දැන් අලි රාළ හාමි නිසොල්මන් ය. කෙඳිරි ගෑම නම් නො නැවතුණේ ය. අලි හාමිනේ හොද සිහිය ලැබූ පසු හිවල් හාමි සොයා නො දැක වට පිට බලන්නට වූයේ ය. හිවල් හාමි මේ අවසරය ලැබ සෙමෙන් සෙමෙන් ළඟට ම පැමිණියේ ය.
" බය වුණා ද, හිවල් හාමි ?"
" නෑ. හාමිනේ, මෙ ටිකක් ඉඩ මදි නිසා මා මග හැරියා විතරයි. ඝා බය ගන්නේ කුමකට ද ? මේ ලෙඩේ මා හොදට දන්නවා. කීප දෙනෙකුට මේ ලෙඩේ සැදී මා සුව කළා."
" හිවල් හාමි, අනේ හිවල් හාමි, අපේ රාළ හාමිටත් වෙද කමක් කරන්න."
" ඉතින් හාමිනේ රාළ හාමි සමඟ නො දොඩා වෙද කම් කරන්නේ කෙසේ ද ?"
මෙහි දී අලි හාමිනේ රාළ හාමි ගේ ඇඟ අත ගා දෙඩුවා ය.
" නිදි ද ? මේ බලන්න, අපේ හිවල් හාමි ට පුළුවන් ලු මේ ලෙඩේට වෙදකම් කරන්නට.ඉතින් ටිකක් ඇස අරින්න."
අලි රාළ හාමි මහත් කොට කෙඳිරි ගා ඇස ඇර බැලුවේ ය. හිවල් හාමි මුල පිරුවේ ය.
" ඉතින් රාළ හාමි බොහොම අමාරු හැඩයි."
" ඔව්. අනේ, හිවල් හාමි ඉවසන්නට නම් බැහැ."
" රාළ හාමි කියනවා නම් මාත් මේ ලෙඩ පරික්‍ෂා කර බලන්නා."
" ඉතින් බලන්න."
හිවල් හාමි ලෙඩා බලන්නට වූයේ ය. නාසය බැලුවේ ය. ඇස ඇරවා බැලුවේ ය. බලා කට කොනෙකින් සිනා සුණේ ය.
" රාළ හාමි මේ ඉතා සුළු ලෙඩක්. මීට කන බොන බෙහෙත් ඕනෑ නෑ. ඉතාම සුළු ගුරුකමෙකින් මෙය සුව කළ හැකි යි."
" එ ගුරු කම."
" කණ්‌නාඩියක් දමන්නට ඕනෑ. මේ ඳළ දෙක උගුලා දමන්නට ඕනෑ."
අලි රාළ හාමි සිනා සෙන්නට උත්සාහ කළේය.
" එත් වෙද කමක් ද හිවල් හාමි.?"
" රාළ හාමි එසේ කියන්නට එපා. ක්‍ෂාළ හාමි ට තේරෙන්නේ නෑ. අලුත් පිළිවෙලේ වෙද කම් තමා මේ."
" මගේ ඇගේ අමාරුවක් නෑ. මගේ දළේ අමාරුවක් නෑ."
" එ දෙ පෙළේ අමාරුවක් නො දැනෙන එක හැබැ යි. ලෙඩේ තියෙන්නේ ඇඟේත්, දළෙත්. ධ නිසයි, කන්නාඩියක් ලන්නටත් ද ළ
උගුල්ලන්නටත් නියම කෙළේ."
" කන්නාඩිය කියන්නේ කිමෙක් ද ?"
" රාළ හාමි එය දන්නේත් නැ. ඒත් වෙද කම සුළු කොට සිතනවා. හිටින්න රාළ හාමි මා මොහොතකින් ගුණ පෙන්නන්නට."
මෙසේ කියා හිවල් හාමි ළැහැබකට ගොස් දිග වැළක් කඩා ගෙන, වළලු දෙකක් ගසා එ දෙක එක් කොට වැල් කැබැල්ලක් බැඳ, ගෙන අවුත්, වලු දෙක අලිරාළ හාමි ගේ දෑසට සිටින්නට තබා තවත් වැල් පටක් ගෙන වළලු දෙක නොවැටෙන සේ රාළ හාමි ගේ හිසට අල්ලා බැන්දේ ය.
" හිටින්න රාළ හාමි, මේ තමා කන්නාඩිය. මීට මතුරන්නටත් ඕනෑ." මෙසේ කියා සිවල් හාමි හයියෙන් මතුරන්නට වන්නේ ය."
" ඕං නමෝ මා කී දේ අසා පන්, කල බල නො කරන්, නිසොල්මන් ව සිටින්, කාරිය සිදුවෙයි, ඒකාන්ත යි ස්‌වා හා" පුදුමයෙනුත් පුදුමයකි. නාසය ඇතුළ කැසිල්ල අඩුව ගියේ ය. වරින් වර ඉඳකටු අනින්නාක් මෙන් දැනීම ද නැති විය. අලි රාළ හාමි ප්‍රීතියෙන් නැගී සිටියේය.
" ඉතින් හිවල් හාමි, මෙයින් ම ලෙඩේ සුව වේද ?"
" නෑ, නෑ, රාළ හාමි සුව වන්නේ දළ ඉගුළුවාම යි."
" ද ළඋගුලන්නේ කෙසේ ද ?"
" මා ඊට ගුරුකම යොදනවා. හොද නැකතක් බලා ගන්න ඕනෑ."
" හුඟක් රිදේවි ද ?"
" නෑ රාළ හාමි, රිදුනත් එක මොහොත නොවේ යැ ? රාළ හාමි බිය ගන්නට එපා. මා එය හොද හැටි කරනවා. දිනයක් වේලාවක් නියම කැර ගෙන මා දන්වනවා."
මෙසේ කියා, අලි දෙ මහල්ලන් නවතින්නට කියද්දී හිවල් හාමි නික්‌ම ගියේ ය.
