විස්තරාත්මක ගැටලු 2
 

29. නියත වේගයකින් ජලය සපයන විට එක්තරා හිස් පිහිනුම් තටාකයක මුළු ධාරිතාවෙන් 3/5 ක් පිරවීමට ගතවන කාලය පැය 8 කි. තටාකය සම්පූර්ණයෙන් පිරවීම සඳහා තව කොපමණ කාලයක් වැය වේද?


(1) පැය 5 මිනිත්තු 32                        (2) පැය 5 මිනිත්තු 20
(3) පැය 4 මිනිත්තු 48                        (4) පැය 3 මිනිත්තු 12
(5) පැය 2 මිනිත්තු 54


30. ගුවන් ගමනක් සඳහා සැලසුම් කරන මගියකුට පිළිවෙළින් A,B සහ C නමැති ගුවන් තොටුපොළවල දී තමා ගමන් කරන ගුවන් යානා වෙනස් කිරීමට සිදුවේ. ගමනේ පළමුවැනි අදියරෙහි දී පෙරවරු 8.00 ට පටන් ගෙන පැයෙන් පැයට A ගුවන් තොටුපොළෙන් පිටත්වන ගුවන්යානා B ගුවන් තොටුපොළට පැමිණෙන්නේ පැය දෙක හමාරකට පසුවය. B ගුවන්තොටුපොළෙන් පෙ.ව. 8.00 ට පටන් ගෙන සෑම මිනිත්තු 20 කට වරක් ගුවන් යානාවක් පිටත් වී C ගුවන් තොටුපොළට මිනිත්තු 70 කින් පැමිණෙයි. පෙ.ව. 8.45 ට පටන් ගෙන, සෑම පැයකට වරක් ගුවන් යානාවක් C ගුවන් තොටුපොළෙන් පිටත් වෙයි. සියලු ම ගුවන් ගමන් නිසි වේලාවට සිදුවේ නම්, ගමන ඇරඹීමෙන් පසු එම මගියාට ගුවන් තොටුපොළවල රැදී සිටීමට සිදුවන අවම කාලය කොපමණ ද?


(1) මිනිත්තු 55   (2) මිනිත්තු 65 
(3) මිනිත්තු 75   (4) මිනිත්තු 85
(5) මිනිත්තු 95


IV. වේගය

4. A සිට B තෙක් දුර ප්‍රමාණය කි.මී. 14 කි. සරත් A සිට B දෙසට ඇවිදීමට පටන් ගෙන පැයකට පසුව නිමල් එම පාරෙන්ම B සිට A දෙකට ඇවිදීමට පටන් ගනී. සරත් පැයකට කි.මී. 2 ක වේගයෙන් ද නිමල් පැයකට කි.මී. 4 වේගයෙන් ද ගමන් කළේ නම් ඒ දෙදෙනා මුණ ගැසෙන අවස්ථාව වන විට නිමල් කි.මී. කීයක් ඇවිද තිබේද?

(1) 10  (2) 8  (3) 6  (4) 4  (5) 2









 
ඉහත ආකාරයට දී ඇති දත්ත සටහන් කර ගැනීමෙන් පහසුවෙන් පිළිතුර ලබා ගත හැකිය. එමගින් පිළිතුරේ නිවරද්‍යතාවය ද ඔප්පු වේ. සරත් ගමන ආරම්භ කර පැයකට පසුව එනම් 2 ස්ථානයේ සිටී. එවිට නිමල් 14 ස්ථානයෙන් ගමන අරඹයි. පළමු පැය අවසානයේ දී නිමල් 10 ස්ථානයට පැමිණේ. එවිට සරත් 4 ස්ථානයේ සිටී. ඊළඟ පැය අවසානයේ දී දෙදෙනාම 6 ස්ථානයේදී මුණ ගැසේ. එවිට කිනිමල් පැය 2 කදී කි.මී. 8 ගමන් කර තිබේ. පිළිතුර = කි.මී. 8


31. මෝටර් රථයක් පැයට කි.මී. 40 ක වේගයෙන් ගමන් කරන විට ඉන්ධන ලීටරයකින් කි.මී. 20 ක් ගමන් කරයි. එම රථය පැයට කි.මී. 50 ක වේගයෙන් ගමන් කරන විට ඉන්ධන ලීටරයකින් ගමන් කරන දුර ප්‍රමාණයෙන් 10% ක් අඩු වෙයි. මෙම රථයට ඉන්ධන ලීටර් 11 කින් පැයකට කි.මී. 50 ක වේගයෙන් කොපමණ දුර ගමන් කළ හැකිද?

(1) කි.මී. 220   (2) කි.මී. 210
(3) කි.මී. 198   (4) කි.මී. 174
(5) කි.මී. 165


32. කි.මී. 450 ක ගමනක් ගිය බසයක් එම ගමන ගිය සාමාන්‍ය වේගයට වඩා පැයකට කි.මී. 5 කට වැඩි වේගයෙන් ගියේ නම්, එම එම ගමන සඳහා ගතවන කාලය පැයකින් අඩුවනු ඇත. යථෝක්ත ගමන සඳහා බසයේ සාමාන්‍ය වේගය පැයට කි.මී. කීයක් වූයේද?


(1) 50  (2) 45  (3) 40  (4) 35  (5) 30


33. පිහිණුම්කරුවෙක් ගඟ පහලට කි.මී. 12 ක් පැය කදී පිහිනයි. ගඟ ඉහළට එම දුරම පිහිනීමට පැය 6 ක් ගතවේ. ගඟ ගලන වේගය පැයට කි.මී. කොපමණද?


(1) 2  (2) 4  (3) 6  (4) 8  (5) 10


34. පාපැදිකරුවෙක් දහවල් 12 x නැමති ස්ථානයට ළඟාවිය යුතුය. ඔහු පැයට කි.මී. 10 ක වේගයෙන් ගමන් කළ හොත් පැයකින් ප්‍රමාද වේ. පැයට කි.මී. 15 කින් ගමන් කළහොත් පැයකට කලින් ළඟා වේ. නියමිත වේලාවට ළඟාවීම සඳහා ඔහු කොපමණ වේගයකින් ගමන් කළ යුතුද?


(1) 11  (2) 12  (3) 13  (4) 14  (5) 15

35. කෙළින් පිහිටා ඇති මහා මාර්ගයක් ඔස්සේ එක් දිසාවකට පදවනු ලබන මෝටර් රියක්, පෙ.ව. 10 ට ඒ දිසාවට යන ට්‍රක් රථයක් පසුකරයි. ට්‍රක් රථයේ වේගය පැයට කි.මී. 50 ක් වන අතර, මෝටර් රියේ වේගය පැයට කි.මී. 65 කි. පස්වරු 2 ට මෝටර් රිය සහ ට්‍රක් රථය අතර දුර කොපමණද?


(1) කි.මී. 50    (2) කි.මී. 55  
(3) කි.මී. 60    (4) කි.මී. 65
(5) කි.මී. 70

(c) Shilpa Sayura Foundation 2006-2017