නිදසුන :
ප්‍රශ්න 50 කින් යුත් ප්‍රශ්න පත්රයකට පිළිතුරු සැපයූ ශිෂ්‍යයකුගේ පිළිතුරු පත්‍රයක් සඳහා පරික්ෂකවරයෙක් ලකුණු 38 ක් දුන්නේය. පරික්ෂකවරයා මෙම ලකුණු දීමට තීරණය කළේ වැරදි පිළිතුරු සංඛ්‍යාව දෙගුණ කොට එය නිවැරදි පිළිතුරු සංඛ්‍යාවෙන් අඩු කිරීමෙනි. ශිෂ්‍යයා ප්‍රශ්න 50 ට ම පිළිතුරු සපයා තිබුණේ නම් නිවැරදි පිළිතුරු සපයා තිබුණේ ප්‍රශ්න කීයකට ද?
(1) 19 (2) 38 (3) 41 (4) 44 (5) 46
වැරදි පිළිතුර සඳහා අඩු කළ ලකුණු ප්‍රමාණය = 50 - 38
= 12
වැරදි පිළිතුරු සංඛ්‍යාව = 12/2
= 6
නිවැරදි පිළිතුරු සංඛ්‍යාව = 50 - 6
= 44
21. මා හිමාලිට වඩා අවුරුදු දෙකක් වැඩිමල්ය. මා ඇය හඳුනාගත්තේ දැනට වසර 10 කට පෙර කොළඹ විශ්ව විද්‍යාලයේ ඉගෙන ගනිද්දීය. එවකට අපේ වයස්වල ගුණිතය 483 ක් විය. දැන් ඇගේ වයස අවුරුදු ීයක් විය හැකිද?
(1) 31 (2) 32 (3) 35 (4) 36 (5) 42
22. ප්‍රදීප්ට සෑම වසරේදීම 10% ක පඬි වැඩිවීමක් සිදුවේ. ඔහුගේ ආරම්භක මාසික වැටුප රු. 10000/- ක් වේ නම් වසර 3 කට පසු ඔහුගේ මාසික වැටුප කොපමණද?
(1) රු. 12,100/- (2) රු. 12,120/-
(3) රු. 13,310/- (4) රු. 13,610/-
(5) රු. 14,120/-
23. ක්‍රිකට් තරඟාවලියක් අදියර දෙකකින් යුක්ත ය. පළමුවන අදියරේ දී කණ්ඩායම් සමාන භාණ්ඩ දෙකකට බෙදන ලද අතර එක කාණ්ඩයකට අයත් සෑම කණ්ඩායමක් ම අනෙක් සියලු ම කණ්ඩායම් සමඟ තරඟ කළ යුතුය. දෙවන අදියරේ දී සෑම කාණ්ඩයක ම ජයග්‍රහකයන් පරාජිතයා ඉවත් කිරීමේ පදනමින් තරඟ කළේය. මේ අදියර ය. අර්ධ අවසාන පූර්ව තරඟ හතරකින් සමන්විත වූයේ නම් තරඟාවලියට සහභාගි වූ කණ්ඩායම් ගණන කොපමණ ද?
(1) 8 (2) 20 (3) 32 (4) 44 (5) 60
24. පියල් ලඟ වර්ග 4 ක කාසි තිබේ. සෑම වර්ගයකින් ම ඇත්තේ සමාන කාසි ගණනකි. ඔහු ළඟ ඇති මුළු මුදල ශත 72 නම් කාසි ගණන කොපමණද?
(1) 14 (2) 16 (3) 20 (4) 24 (5) 30
25. සේවකයින් 100 කින් සමන්විත කම්හලක සෑම සේවකයෙකු ම හඳුනාගැනීම සඳහා අංක 1 සිට 100 දක්වා නිකුත් කිරීමට කළමනාකරුට අවශ්‍ය වී ඇත. එහෙත් කිසිම සේවකයෙක් සේවක අංකයේ ඉලක්කම්වල එකතුව 13 නම් එය භාර ගැනීමට අකමැතිය. එවැනි සේවක අංක ලැබිය හැකි සේවකයින්ගේ සංඛ්‍යාව කොපමණ ද?
(1) 16 (2) 12 (3) 8 (4) 6 (5) 4
3. කාලය
නිදසුන :
යන්ත්‍රානුසාරයෙන් ක්‍රියාකරන මගේ අත ඔරලෝසුව සෑම පැයකදීම විනාඩි 2 ක අඩුවීමක් දක්වයි. අද ප.ව. 6 ට මා මගේ ඔරලෝසුවේ වේලාව නිවැරදිව සකස් කළේ නම් මා නැවත නිවැරදිව වේලාව සකස් නොකළහොත් ඊළඟට නිවැරදි වේලාව පෙන්වනුයේ කොතරම් කාලයකට පසුවද?
(1) දවස් 10 කට (2) දවස් 15 කට
(3) දවස් 20කට (4) දවස් 25 කට
(5) දවස් 30 කට
ඔරලෝසු මුහුණතේ එක් රවුමක් (පැය 12 ක්) තුළ අඩංගු වන විනාඩි ප්‍රමාණය - 60x12
සෑම පැයකටම අඩුවන විනාඩි ප්‍රමාණය = 2
එනම් එක් දිනකට (පැය 24 කට)
අඩුවන විනාඩි ප්‍රමාණය - 2x24
= 48
..නැවත නිවැරදි වේලාව පෙන්වීමට
ගතවන දින ගණන - 60x12
48
= 15
26. සෑම දිනකම තමන් කරන වැඩ වෙනුවෙන් රවීට රුපියල් 30 ක් හෝ ඒවා ඉතා හොඳින් කළ විට රුපියල් 50 ක් හෝ ලැබෙයි. දවස් 10 ක් වැඩ කළ පසු රවීට රුපියල් 360 ක් ලැබිණි. රවී දවස් කීයක් තම වැඩ ඉතා හොඳින් කර තිබේද?
(1) 3 (2) 4 (3) 5 (4) 6 (5) 7
27. දුම්රියක් Aනගරයක සිට B නගරයට පැයට කිලෝමීටර 60 ක සාමාන්‍ය වේගයකින් පැය 3 විනාඩි 30 ක දී ධාවනය වෙයි. දුම්රිය ආපසු පැමිණීමේ දී පැයට කි.මී. 50 ක සාමාන්‍ය වේගයකින් ධාවනය වෙයි. ආපසු ගමනට කොපමණ කාලයක් ගතවේ ද?
(1) පැය 2 විනාඩි 55 (2) පැය 3 විනාඩි 40
(3) පැය 4 විනාඩි 12 (4) පැය 4 විනාඩි 32
(5) පැය 4 විනාඩි 40
28. රූප සටහනේ දැක්වෙන සදොස් ඔරලෝසුවේ කටු ඒකාකාර වේගයකින් චලනය වන නමුත් එසේ වන්නේ වාමාවර්ත අතටය. සෑම පැය 6 කට වරක්, 6 ට සහ 12 ට එය නිවැරදි වේලාව පෙන්නුම් කරයි. මේ සදොස් ඔරලෝසුව 4.45 ලෙස වෙලාව පෙන්නුම් කරන විට, නිවැරදි වේලාව පහත දැක්වෙන ඒවායින් කවරක්ද?