ඔබේ කට හඬ හසුරුවා පර සිත් දිනිය හැකිය!
අනුන්ගේ සිත් ඇඳ ගන්නා සුළු කටහඬක් අවශ්‍ය වන්නේ ගායකයින්ට, නළුවන්ට හෝ වේදිකා කථිකයින්ට පමණක් නොවේ. එදිනෙදා ජීවිතයේ අපගේ සැලකිල්ල යොමුවිය යුතු කරුණු අතර කටහඬ ද වැදගත්ය. විනිශ්චයාසනය ඉදිරිපිට තර්ක විතර්ක කරන නීති වේදියාට ද, පැය ගණනක් ලෙඩුන් හා කතා බහ කරන දොස්තරට ද, ළමයින් ගේ මොළ තුලට අදහස් කා වද්1න ගුරුවරයාට ද, බඩු මිළ දී ගන්නන් සමඟ විවිධ දෑ කථා කරමින් සිත් ගන්නා වෙළඳ සේවකයාට ද කටහඬ එකසේ වැදගත් ය. වඩා පැහැදිලිව කියන්නේ නම් අප හැම දෙනාටම අපේ වැඩ කටයුතු සඳහා සිත් ගන්නා සුළු කටහඬක් අත්‍යවශ්‍ය ය.
ඔබේ කටහඬ මගින් ඔබ අනුන්ගේ සිත් තුළ මවා පාන්නේ මොන අන්දමේ චිත්‍රයක් ද? එහි ඇති ජීව හෝ අජීව හෝ තත්වය පිළිබඳ ඔබ සැලකිල්ල යොමු කර තිබේ ද? මේ ප්‍රශ්න ගැන මෙතෙක් ඔබට නො වැටහුණා විය හැක. නො එසේ නම් ඔබ ඒ ගැන නො සිතුවා විය හැක. එහෙත් ප්‍රියංකර කටහඬක් හා එහි ගැලපීමේ ක්‍රමවත් බවක් ඇත්තන් හට ඔබ වඩා ආශාවෙන් හා ඕනෑකමින් ඇහුම්කන් දුන් බව ඔබට අමතක විය නො හැක. ඔබ එසේ කළා නම් අනෙක් අය ද සිත් ගන්නා සුළු කටහඬකට කැමති බව සලකන්න.
කටහඬ අමිහිරි වීමට හේතුවක් තිබිය යුතු ය. ඒ සමහර විට වැරදි ආශ්වාස ප්රාශ්වාසය විය හැක. නැතහොත් මෙහෙයවීමේ හෝ ඒ පිළිබඳ නො සැලකිල්ල හෝ විය හැක.
ඔබේ කටහඬ ක්‍රමවත් කරගත හැකි බව අමතක නොකරන්න. එය අපහසු වැඩක් නොවේ. අවශ්‍ය වන්නේ දිනකට විනාඩි දහයක හෝ පහළොවක ව්‍යායාමයක යෙදීම පමණකි.
පහසුවෙන් කියවිය හැකි නො පැටලෙන වාක්‍ය හෝ කවි සහිත පොතක් ගන්න. හඬ නඟා කියවන්න. දිනපතා මෙසේ කර ගෙන යන විට ඔබට ම ඔබේ ශබ්දය නො පැකිලව පාලනය වනු දැනෙනු ඇත. ඉන් පසු ඔබට හැකියාවක් ඇතොත් ශබ්ද තැටිගත කරන තැනකින් ඔබේ කටහඬ තැටියට නඟන්න. තවත් මසක් පමණ ඒ අන්දමින් දිනකට මිනිත්තු දහයක් හෝ පහළොවක් පෙර කී ව්‍යායාමය කරන්න. යළිත් කටහඬ තැටියට නඟන්න පෙර තැටිගත කළ හඬ හා දැන් හඬ ඔබට විමසා බැලිය හැක. එහි වෙනස ඔබට වැටහෙනු ඇත.
ඔබට නො වැටහෙන දුර්වලතා ඔබේ කටහඬෙහි පවතිනවා ඇත. "එහෙ ගියා ද?" යි ඔබ අසන විට "ඒ කියාද?" යි අනෙක් අයට ඇසෙනවා ඇති. "මොකද කරන්නේ" යි ප්‍රශ්න කිරීම "මොකද කන්නේ" යි "ර" අකුර ලොප්ව හඬ නැඟිය හැක. ශබ්ද ව්‍යායාමයෙහි යෙදීමෙන් එම දුර්වලතා මඟ හැර ගත හැක.
හැමටම පෙර ඔබ කියන්නට යන දේ ගෑන වැටහීමක් ඇතිව, ශබ්දය නො මරා කතා කරන්න.

සුප්‍රසිද්ධ නාට්‍යාචාර්ය ජෝන් කැපරේ කටහඬ ගැන මෙසේ කියයි. "ඔබ කිසිවෙක් හා කතාවේ යෙදෙන විට ඊට ඔබේ මුළු සිරුරේ ම සහයෝගය දෙන්න. "මෙයින් අදහස් කරන්නේ කතා කරන විට සිරුර වෙහෙස ගැනීම නොවේ. නිරෝගි ශක්තියකින් හා ධෛර්යමත් සිතකින් ලැබෙන අනුබලය ප්‍රියංකර කතාවකට අත්‍යවශ්‍ය ය. කථාවෙහි ප්‍රාණවත් බව සුරකිනු වස් ශරීර ශක්තිය අවශ්‍ය වේ.
වෙහෙසට පත් දුබල කටහඬ නිරෝගි නොවූ තෙහෙට්ටුවට පත් සිරුරකින් නැඟෙන දෝංකාරයකි. එහි ජීවයක් නොමැත. වචන පාවිච්චියට ගැනීමේ දී ඒවායේ නියම තේරුම් ගැන සිතා බලන්න. තේරුම් ගැන සිතා නො බලා පාචිච්චි කරන වචන ආපිට යන්නේ ඔබට අයහපතක් ද කරමිනි.
හොඳ කථිකත්වයක් පුරුදු පුහුණු කරගැනීමට නම් හොඳින් සක්මන් කිරීමට ද හොඳින් සිට ගැනීමට ද පුරුදු විය යුතුය. ක්‍රමවත් සෘජු සක්මනෙහි දී ඔබේ මොළයේ හා ශරීරයේ ක්රියාකාරිත්වයෙහි ඒකාබද්ධ පාලනයක් හටගනී. ඉන් වඩාත් ව්‍යක්ත කතාවකට ඔබේ සිරුර යෝග්‍ය වෙයි. සිට ගැනීමේ දී සෘජු වීමෙන් ඔබේ කථාව කෙරෙහි ඔබේ ආත්ම විශ්වාසය දියුණු කිරීමේ ශාරීරික තත්ත්වයක් ඇතිවේ.
කිසියම් කථාවක් අප්‍රාණිකව නොඅරඹන්න. තියුණු බුද්ධිමත් සංවාදයකට හෝ සභාවක් අමතන විට හෝ කිසියම් උසස් බලාපොරොත්තුවකින් යුක්තව අමුත්තෙකු හා කතා කරන විට හෝ වෙහෙසට පත් ගතියෙකින් ඉඳිරිපත් නොවන්න. එසේ වුවහොත් ඔබ කිව යුතු දේ නොකියා අනන් මනන් දොඩනු ඇත.

ඔබේ කට හඬ දුබල වීමට තවත් හේතුවකි ඔබ තුළ ඇති බිය. බිය නිසා ඔබේ සෑම ක්‍රියාවක් ම, හැඟීමක් ම නොමඟ ගොස්, ඔබේ විලාසය ද අප්‍රිය බයාදු ගතියකින් යුක්ත විය හැක. බොහෝ දෙනා කතාවෙහි දී පැකිලෙන්නේ ගොත ගසන්නේ මේ අස්ථාන බිය නිසා ය.
අවසාන වශයෙන් කිව යුත්තේ ඔබේ කටහඬ ඔබ කවරෙක් ද යනු අනුනට ඉබේ ම අවබෝධ වන එක් මඟක් බවයි. ඔබේ අභ්‍යන්තරය කෙබඳු ද, කටහඬ ද ඊට අනුකූලව සැකසී පවතිනු ඇත. අනවශ්‍ය බියෙන් නොසැලී, එඩිතරව කතා කරන තැනැත්තාගේ පද මාලාවේ ගැලපීම ද කටහඬ ද සිත් ගන්නා සුළු වනු ඇත.