1. හෑඟීමෙන් කථා කිරීම
දුකක් හෝ සතුටක් ඇති වූ අවස්ථාවක එම අදහස ප්‍රකාශ කිරීමේ ආකාරයක් වශයෙන් හැඟීමෙන් කථා කරයි.
2. ආවේගයෙන් කථා කිරීම
ඉවසාගත නොහැකි වේදනාවක් ද දුර්වල වූ / ආත්ම පාලනය කරගත නොහැකි අවස්ථාවක තම චිත්තවේග ප්‍රකාශ කිරීමේ විධි ක්‍රමයක් වශයෙන් ආවේගයෙන් ප්‍රකාශ කරයි. මෙම අවස්ථාවේ දී පුද්ගලයා ආවේගය තම ඇඟට ගෙන කථා කරන අතර භාවිතා කරන වචනවල අදහස අනුව ක්‍රියාවේ ප්‍රතිඵල දරුණු විය හැක.
3. ඉවසීමෙන් කථා කිරීම
බොහෝමයක් කලබලකාරි අවස්ථාවකදී පවතින තත්වය අනතුරුදායක නම් ඉවසීමෙන් කථා කිරීම ඉතා වටී. ඒ තුළ අවධානම පාලනය වීමක් ඇති වේ.
4. සංයමයෙන් කථා කිරීම
විවිධ බාධා එල්ක වූවත් තමාගේ කතාව පිළිවෙළට පියවරෙන් පියවරට තැන්පත්ව කරනු ලබයි නම් එය සංයමයෙන් කථා කිරීමයි. මෙහිදී ඒ සඳහා පුද්ගලයාගේ බුද්ධිය මත මෙහෙය වන ප්‍රකාශන ශෛලියක් වශයෙන් සංයමයෙන් කථා කිරීම හැඳින්විය හැක.
5. තැන්පත්ව කථා කිරීම
5. තැන්පත්ව කථා කිරීම
අනෙක් පුද්ගලයා විමසා සිටින අදහසට අදාළව කථා කිරීමත් සංවර වූත් ආකර්ෂණිය වූත් විධි ක්‍රමයක් වශයෙන් තැන්පත්ව කථා කිරීම දැක්විය හැකිය. මෙය වැදගත් විධියට කථා කරයි යනුවෙන්ද හඳුන්වයි.
6. කෝපයෙන් කථා කිරීම
ඕනෑම ස්ථානයක පුද්ගලයකු යම් මොහොතක දී වරදකරුවකු වශයෙන් අනෙකා තීරණය කිරීමත් තම තමන් අතර වරදින් නිදොස් වීමට පුද්ගලයාගේ සිත තුල නිවැරදිකරු වීමේ කෝපයක් හටගනී. එය ප්‍රකාශ කිරීමේදී, කෝපයෙන් කථා කරයි.
7. කරුණාවෙන් කථා කිරීම
වාසනාවන්ත ගෘහනියක් තම දරුවන්ට අමතන ආකාරය අනුව දරුවාගේ ගොඩනැඟීමත් සිදුවේ. හුරතලේට කථා කරන දරුවන්ට නිසි හඬින් උච්චාරණය කරණ වචන පැහැදිලි දෙබස් පුරුදු කරයි. දරුවාගේ ආරම්භයත් නිවසේ සිටින ගෘහනියටත් වචන හා හඬ බොහෝ දුරට බලපානු ලබයි. එය පසුකාලීන දරුවාගේ ඉගෙනීමටත් මනාසේ ඵලදායි වේ.
කථා කිරීමත් පුරුදු පුහුණුවෙන් කල යුතු දෙයකි
කථා කිරීමත් පුරුදු පුහුණුවෙන් කල යුතු දෙයකි
අතිමහත් වාචාල සමාජයක රික්තය / අවකාශය / නිදහස / විරාමය හෝ නිහඬියාව ගරු කරන්නා වූ ඇහුන්කන් දීම ප්‍රගුණ කළ පුද්ගලයා අනිවාර්යයෙන්ම වාචික සන්නිවේදනය ප්‍රගුණ කළ අයෙකි. අහුන්කන් දීම, ප්‍රගුණ කළහැකි සෑම පුද්ගලයාටම සිතන්නට හැක. ඒ හෙයින්ම ඉවසීමත් යෙදිය යුතු වචනයක් නිසි අර්ථයක් බාහිර පුද්ගලයාගේ අදහස තීන්දු කලහැකි මටිටමේ පෞරුෂයකින් තමා සමඟ සම්මුඛ වූ පුද්ගලයාට තීරණ දීමට සමත් වචන ඔහු හොඳින් දැනසිටී.
දිව, දත් කුට්ටම අතර මැදිව ජීවත්වන අතර තම සිරුරේ එම ආදර්ශමය ගෙන සමාජ පුද්ගලයා තම වචන යෙදීම සමාජය තුල සිදුකල යුතුබව මාගේ අදහසයි. කුඩාකල සිට ම දිව හසුරුවන ආකාරය අනුව වචන ගොත හෝ පැටැලවෙන අතර ඉතා තදින් අඬන ළදරුවාගේ උගුරේ ස්වර තන්ත්‍ර හැඩිදැඩි වන අතර හුරතල් වචන සමාජ ආකර්ශනයක පැවතියත්, වැඩිහිටි සමාජයේ දී නිවැරදි වචන භාවිතා කිරීමට පෙර පුහුණුවක් ලබා දේ.
මෙම විෂයේ සාරාංශ ඡේදයට පැමිණි මේ මොහොතේ,
1. ඇහුම්කන් දීමට විවේකයක්
2. ශබ්දයට අවධානයක්
3. බුද්ධියට අදාළ වචන
4. ප්‍රතිඵලදායක අර්ථ සම්පන්න අදහස්, පුද්ගලයාව තීරණය කරනු ලබයි.
2. ශබ්දයට අවධානයක්
3. බුද්ධියට අදාළ වචන
4. ප්‍රතිඵලදායක අර්ථ සම්පන්න අදහස්, පුද්ගලයාව තීරණය කරනු ලබයි.
එනම්, සම්මුඛ පරීක්ෂණයට යන පුද්ගලයා පවා අසාමාන්‍ය ආකාරයෙන් වාචික සන්නිවේදනය විධි විශේෂයෙන් ප්‍රගුණ කළ යුතු වේ. එමගින් බාහිර පුද්ගලයා තීරණය කිරීමේ හැකියාව ඔහුගේ වචන හැසිරවීමෙන් ප්‍රදර්ශනය වීම වන බවයි.
මානසික රෝග රෝගයක් වශයෙන් ප්‍රදර්ශනය වීමත් පුද්ගලයා හෑල්ලුවීම හෝ ඔහුගේ අවාසනාව තීරණය වීම ඔහු භාවිතා කරන වචන වලින් තීන්දු වේ. ඒවා පුද්ගල වචන යනුවෙන් හැඳින්වේ.
වචන භාවිතාව විස්තර කලයුතු තැනේදී ප්‍රබලවත් අනෙකා කියවන විට විවේකිව ඉවසීමෙන් ඔහුව තීන්දු කිරීමත් අඩු වචන ප්‍රමාණයකින් සම්මුඛ වීමත් විනෝදාස්වාදයේ දී වාචාල වීම හෝ සිදු කෙරෙන්නේ අදාල පුද්ගල වචන සහිත පුද්ගල පෞරුෂ ඇති පුද්ගලයාටය.
අවසාන වශයෙන් සටහන් තබන්නේ මුල්‍යකරණය හෝ භෞතිකකරණයෙන් පුද්ගලයාව තීරණය කරනු ලබයි නම් ඔහුගේ ආකල්ප ප්‍රදර්ශනය වන්නේ පුද්ගල වචන නොහොත් වාචික සන්නිවේදන ස්වරූපයෙනි.