නූතනයේ භාවිත වාචික සන්නිවේදනයේ සමාජ ප්‍රවනතාවය
 

මේ යුගය අද්විතීය සන්නිවේදන යුගයකි. සියල්ල විද්‍යූත්කරණය වී ඇත. එසේ නමුත් පුද්ගලයාගේ ශාරීරික නිරෝගිතාවය මත ඔහුගේ බුද්ධිය තීරණය කරයි. පුද්ගලයාගේ බුද්ධියේ අවසාන ප්‍රතිඵලය අදහස් ප්‍රකාශවීම වන අතර ඉන් එක් පාර්ශවයකි සන්නිවේදනය.


නූතන ජන මනසේ ප්‍රවණතාවය, අතිශයෝක්තිතාවයකි. මෙහිදී විජ්චූර්ණ / ආටෝප සාටෝප / හිස් බොල් / පැටලුණු සන්නිවේදනයක් වාචිකව ප්‍රකාශ කෙරේ. ප්‍රසිද්ධ ජනමාධ්‍ය ආයතනවල පවා ප්‍රසිද්ධ වැරදීම් කරනු ලබයි. ඒවා නිවැරදි කිරීමක් ද නොවේ. යොදා ගන්නා පුද්ගලයන්ගේ ද මාධ්‍ය නායකත්වයට සුදුසු ජන විඤ්ඥානයට බුද්ධිමය ප්‍රවනතාවයක් ඉදිරිපත් කළ නොහැකි කුසලතාවයෙන් අඩු පුද්ගලයෝ වෙති.


නිතර නිතර වැරදිව වාචිකව සන්නිවේදනයක් හට ගැනීමෙන් පුද්ගලයාගේ මානසික පරිසරය දූෂණය වේ. මෙවැනි තත්වයක් පොදු සමාජ තත්වයට හානිදායක වේ. ගෙදර කථා කරන වචනද / කලහාකාරි කෑකෝ ගැසීම් / පරුෂ වචන භාවිතාව සෙසු සාමාජිකයන්ගේ මානසික විකෘතියට ද හේතු වී පවතී.


වාචිකව සිදු කරන සන්නිවේදනය ශ්‍රවණ ඉන්ද්‍රීය ගෝචර වන අතර සීමාව ඉක්ම වීමේදී මානසික අවගමන ඇතිවීමට හේතු වේ. කියන හැම දේ ඇසීමටත් / ඇසෙන සැමදේ සිතීමටත්, මිනිසා පෙලෙඹවීමෙන් ඔහුට අදාළ තොරතුරු පමණක් ගෝචර වීම වඩාත් යෝග්‍ය වුවද නූතනයේ නිහඬිතාව වෙනුවට අතිමහත් ගෝෂාවකි. මීටම සටහන් තැබීමේදී මනස විකෘති රෝගියාගේ ලක්ෂණද අධ්‍යනයේදී පෙනී යන්නේ කොටසක් තම සිතේ රඳවා ගෙන තවත් කොටසක් ඉදිරිපත් කිරීමයි. සාමාන්‍ය පුද්ගලයාගේ පියවරයන්ගෙන් බැලූ කල රෝගියා ඉහලම මානසිකත්වයක පවතිනු නොවූවත් එහි එහි සන්නිවේදනයේදීත් සමාජ විද්‍යාවේදීත් විශ්ලේශණය කිරීමේ දී පෙනී යන්නේ මානසික රෝගය ප්‍රදර්ශනය වීම ඇරඹෙන්නේ වාචික සන්නිවේදනයක් තුලින් වන බවයි.

තමාට අදාල දෙයටත් / අදාල නොවන දෙයටත් මැද්දට පනිමින් කලබලයෙන් කරන ඝෝෂාකාරි වාචික සන්නිවේදනයක් පොදුවේ සමාජ ප්‍රවනතාවයකි. විශ්ව විද්‍යාල දේශකයාගේ සිට නිවසේ කුස්සිය දක්වාම දවස ඇරඹුමේ සිත අවසානයටම ඇසෙන්නේ වාචාල වාචික සන්නිවේදනයකි. තවත් ආකාරයකට එක් අදහසක් ප්‍රකාශ කරමින් පැමිණි කථිකයෙක් ඒ අදහස ප්‍රතික්ෂේප කරමින් කථාව කර අවසානයේ මුල් අදහසම මතු කර දක්වා එය තදින් තීරණය කොට කිව්වේ මොනවාද? තේරුණේ මොනවාද? රට පටලවන කපටි වාචික සන්නිවේදනයක යෙදේ.

නමුත් / ගැඹුරක් / නිසල බවක් / බුද්ධියක් / ඉවසීමත් විධිමත් වූ ප්‍රකාශ ප්‍රගුණ කළ ගුරු කුලයක් ද දැනට ලංකාවේ නැත. කපටින්ට / තක්කඩින්ට / මෝඩයින්ට / නූගතුන්ට සීමා වූ ආචාරධර්ම වලට පටහැනි සමාජ සමායෝජනයට අසමත් වාචික සන්නිවේදනයක් සිදු කෙරේ. ඒ ඒ සමාජවලට ගැලපෙන අදාල භෞතික හා මූල්‍ය ක්‍රමයට යටත් වුණු දුර්වල අසුභවාදී පුද්ගලයන්ටම අදාල වුණු වාචික සන්නිවේදනයකි. ඔවුන් සකල සමාජ ක්‍ෂේත්‍රයම ආක්‍රමණය කරමින් එකිනෙකා අතර ඝෝෂාකාරි වාචික සන්නිවේදනයක දුර්වලව යෙදේ. මෙහිදී මෙම සමාජ ඝෝෂාවෙන් මිදීමට නොහැකි තරමට වාචික සන්නිවේදනය අවිධිමත්ව ව්‍යාප්තිව පවතී. වාචාල බව, දොඬමළු වීම දක්වා හෝ සංවර්ධනය වීම. ඊළඟ සංවර්ධනාත්මක පියවරයි.

වාචික සන්නිවේදන ක්‍රියාව - ප්‍රකාශ කරන විධි


1. එක එල්ලේ වචන කීම


බොහෝ විට අනෙක් පුද්ගලයාට රිදවීමේ අරමුණින් හෝ අදහස තදින් කාවැද්දවීම උදෙසා නොයෙක් දෙනා ප්‍රකාශ කරනු ලබයි. ප්‍රතිපත්තිමය වශයෙන් නිවැරදි පුද්ගලයෝ වෙත් නම් විවිධාකාර මාර්ග අනුගමනය කිරීම වෙනුවට එකඑල්ලේ සිය අදහස ප්‍රකාශ කිරීමට වචන භාවිතා කරයි. එම වචන ඉතා ප්‍රබල අතර ඇහුම්කන් දෙන පුද්ගලයාට පැහැදිලිව තේරුම් ගත හැකි අතර එම අදහස තේරුම් ගැනීමෙන් පසු එක එල්ලේම ක්‍රියාව ප්‍රතිඵලදායක වචන සහිත සෘජු සන්නිවේදනයකි.

2. ව්‍යංගාර්ථ ප්‍රකාශ


එක එල්ලේ ප්‍රකාශ නොවූවත් නිර්මාණාත්මක භාවිතාවක් වශයෙන් හෝ එසේත් නැත්නම් ස්වඅර්ථය සඳහා කෙරෙන ප්‍රකාශ විධි ක්‍රමයකි. මෙමගින් එක් අදහසක් ප්‍රකාශ වන අතර තව අදහසක් ව්‍යාංගාර්ථයෙන් හැඟේ. බොහෝ දෙනා අතර පුද්ගලයන් මඟහැර යාමට හෝ නීතිමය සීමාවන්ට හසු නොවන ආකාරයට කිසියම් ග්‍රාහක කුලයකට පමණක් දැනෙන ආකාරයේ සැඟවුණු අර්ථ සිහිත ප්‍රකාශ ව්‍යාංගාර්ථ ප්‍රකාශයක් වශයෙන් අදහස් වේ.

3. අසත්‍ය ප්‍රකාශ


ප්‍රතිපත්ති ඌනතාවය සමඟ සමාජයක බොරු ප්‍රකාශ කිරීම් බහුල අතර පෞද්ගලික ආකල්පයන්ගේ දුර්වලතාවය මත බොහෝ විට සිදු කරයි. මෙහිදී ගැටළුවට පැටැලවීමත් ගැටළුවට එක් එක් පුද්ගලයා මුහුණ දෙන ආකාරයත් ලැජ්ජාශීලිතාවය අනුව හෝ වැදගත් අවැදගත්කම අනුව සිදුවේ. හාස්‍යයට කණ්ඩායම් සන්නිවේදනය අතර නිතර සත්‍ය ප්‍රකාශ නොවූවත් අසත්‍ය ප්‍රකාශය මහත් වූ අවුලක් අනෙක් පුද්ගලයා රිදවීමත් ආත්මාර්ථය නිසාම සිදුවන නිර්ලැජ්ජා ප්‍රකාශයකි.

4. හාස්‍ය ප්‍රකාශය


සමූහ ජන සන්නිවේදනයේදී නිර්ණාත්මක භාවිතාවකට යොදාගන්නා අතර විනෝදාස්වාදය සඳහා මෙන්ම දියුණු සන්නිවේදන විධි ක්‍රමයක් වශයෙන් පුද්ගල කුසලතාවය මත සිදු කරයි. සාමූහික හැඟීම් හා පොදු සතුට උදෙසා හාස්‍ය ප්‍රකාශ වේ. පුද්ගලයකු හෑල්ලූ කිරීමත් තමාට අදාළ පුද්ගලයන් දිනාගැනීමටත් එකම මොහොතේ හාස්‍යයෙන් ප්‍රකාශ කරන අතර එහි දී ද්වේශ සහගත ස්වභාවයක් ද පවතී. කෙසේ නමුත් හාස්‍ය ප්‍රකාශය හුදු සතුට සඳහාම චාවිතා කරන දියුණු සන්නිවේදනයකි.

(c) Shilpa Sayura Foundation 2006-2017