ව්‍යාප්තිය වේගවත් කට කථාව
 

ලෝකය සන්නිවේදනයෙන් ක්‍ෂණික වී ඇත. කුඩා වී ඇත. මේ සියල්ලට සාධකය වී ඇත්තේ තාක්ෂණයෙන් අද්විතීය සන්නිවේදනයයි. තාක්ෂණික කරණය වේගවත් වීමේ කාලානුරූප හේතුව ද අභිබවා යාමට වාචික සන්නිවේදනයේ දී කටකථාව සමාර්ථව ඇත. කාලය/ප්‍රතිපාදන/තාක්ෂණය/දුර දිග කිසිසේත්ම කට කථාවට සීමාවක් නොවේ. සීමාවක් නොමැති ඉතාම ක්ෂණික මාධ්‍යය කට කථාවයි.


ත්‍රස්තවාදයක් හා රට අභ්‍යන්තරයේ සිවිල් අර්බුදයක් ප්‍රවෘත්තියක් බවට ඉතා සුළු වේලාවකින් විධිමත් තොරතුරක් වශයෙන් හෝ ජන කැලඹීලි සහගත මතවාදයක් දක්වාම කට කථාව අති ප්‍රබලය.


ප්‍රවෘත්ති නිර්මාණය කරන පාර්ශවය ඉලක්ක කරගත් තවත් සුවිශේෂි පිරිසක් වෙත කණ වැකෙන සුළු තොරතුරක් දෙවන පාර්ශවයට යොමු කරන අතර ඒකී පාර්ශවය එම තොරතුර වැඩිකර හෝ විකෘති කර තවත් පාර්ශවයක් අතට පත් කරයි. එය අදාළ සමාජ පුද්ගලයන් දක්වාම ඉතා වේගයෙන් නමුත් අඩු වැඩිව වෙනස් වෙමින් නොවිධිමත්ව / නිවැරදි කරන තාක් දිග් ගැස්සෙමින් පවතී. කට කථාව අති ප්‍රබලය. ජන මනසට තදින් සන්නිවේදනය වන අතිශය විනාශකාරි සන්නිවේදන උපක්‍රමයකි. ලංකාව වැනි ආරම්භක සංවර්ධන අවධියේ පසුවන ජන සමාජයකට ජනමතය විටින් විට වෙනස් කිරීමේ එක් සුවිශේෂි උපක්‍රමයක් වශයෙන් කට කථාව භාවිතා කෙරේ. මෑත යුගය වනවිට දේශපාලන ප්‍රතිපත්තීන්ගේ ජනප්‍රියතාවය සඳහා ද භාවිත වාචික සන්නිවේදන උපක්‍රමයක් වශයෙන් ලංකාවේ ද කට කථාව උපයෝගි කරගෙන තිබේ. ගැමි ස්වරූපයක ලක්ෂණ පෙන්නුම් කරන කට කථාවට සාක්ෂි පතුරවයි. ඉතා ඉක්මන්, ව්‍යාප්තිය වේගවත්, කටකථාව බුද්ධිමය ජන සමාජයක් තුලද නිර්මාණාත්මක සන්නිවේදන භාවිතාවක් වශයෙන් ද ප්‍රවෘත්තියට නිමිත්ත සපයනු ලබයි. පුද්ගලයන් හමුවීමත් ඔවුනොවුන් කථාවේ යෙදීමත් වේගයෙන් සිදුවන නිසා කට කථාව ව්‍යාප්තිය වේගවත්ය.

වාචික සන්නිවේදනයේ දී වචනය ප්‍රබල හෝ දුර්වල වන්නේ ඇයි?


ගීතය :-


කවුරුත් ප්‍රිය කරන සංගීතයට සංගීතඥයෙක් සංගීත සංයෝජනයක නිරත වෙද්දී ඊට ප්‍රතිභාපූර්ණ ගායකයෙකු හෝ ගායිකාවක කටහඩින් ගී පද මාලාවක් ගිලිහෙද්දී ඇතිවන රසඤ්ඤතාවය ඉතාම ලයාන්විතය. ලයාන්විත මෙම සංගීතය ගීතය ද අතිප්‍රබල වාචික සන්නිවේදන විධි ක්‍රමයකි. අතීතයේ ගුත්තිල, මූසිල සංගීත මාදූර්ය අසා සිටි මවුවරුන් අතින් දරුවන් පවා ගිලිහුණු බව ජනප්‍රවාදයේ පවතී. එනම්,

හඬ / වචනයට මුසුකොට / වචනය සාහිත්‍යට එක්කොට / සංවේදිතාවය සියුම් හැඟීමෙන් ද රිද්මයට මුසුකොට ගීතය ජනහදට සමීප කරයි. එනම් නිසි තැනට නිසි වචන යෙදීමත් / නිසි අර්ථයට නිසි හඬ එකතු කිරීම ගීයෙන් සිදු කරයි. මේ සියල්ල වාචිකව හඬ සමඟ සිදු කරන ප්‍රතිභාවන්ය. ඊට කවුරුත් ප්‍රිය කරයි. ඊට ග්‍රහණය වේ. ගීය / සංගීතය වාචික සන්නිවේදනයේ අති ප්‍රබල අවස්ථාවන්ය.

හඬ නළුව :-

 

1. ගැඹුරු හඬ
2. ලයාන්විත ස්වරය
3. ප්‍රවේසම් සහගත උච්චාරණය
4. විශ්වාසනීය ඉදිරිපත් කිරීම
5. අතිප්‍රබල කථා වස්තුව


ගව්ගනන් ඈත සිට ග්‍රාහකයා බොහෝ වේලාවක් එක එල්ලේ ම ගුවන් විදුලියට දැඩිව බැඳ තබා ගෙන ඉන් ඉවත් නොවීමට තරම් ගුවන් විදුලි නාටකය / හඬනළුව ග්‍රාහකයා ඇඳ බැඳ තබා ගැනීමට තරම් ප්‍රතිභාවෙන් පොහොසත්ය. එයද වාචික සන්නිවේදන අද්විතීය අවස්ථාවකි.

හඬකැවූ වැඩසටහන් :-


තවත් ආදේශන වැඩසටහනක් වශයෙන් වචනය ප්‍රබලව හසුරුවන අවස්ථාවකි. පුද්ගල කුසලතාවයක් මත මෙහෙය වන හඬ කැවීමේ වැඩසටහන සුවිශේෂි තාක්ෂණික මෙවලම් සහිත මැදිරියක දී පටිගත කරයි. කරන කියන දේ.


1. සිහියෙන් කිරීමත්
2. ප්‍රතිභාත්මක ඉදිරිපත් කිරීමත්
3. හඬ ප්‍රවේශමෙන් හැසිර වීමත්
4. හඬ හා ස්වරය උස් පහත් කරමින් ඉදිරිපත් කිරීමෙත්
5. තාක්ෂණික ප්‍රයෝග යෙදීමත්
6. පැහැදිලි නිෂ්පාදන මෙහෙයවීම


ආදී වශයෙන් පුද්ගල නිපුනතාවයක් සහිත පුද්ගලයන් මේ සඳහා යොදා ගැනේ. ඔවුන් මාධ්‍ය ක්‍ෂේත්‍රයේ සුවිශේෂි පුද්ගල පෞරුෂයක් නිපුනතාවයක් දරයි. මෙම කෘතියේ වාචික සන්නිවේදනය පිළිබඳ හැඳින්වීමේ දී හඬ හා කථාව දෙබස් කැවීමේ ප්‍රබලයකු වශයෙන් ටයිටස් තොටවත්ත ශූරීන් අමතක නොකොට සටහන් කරනු වටී.


(c) Shilpa Sayura Foundation 2006-2017