සාමූහිකව සන්නිවේදනයේ යෙදෙන විවිධාකාර වූ ජන කණ්ඩායම් අතර දියුණු වාචික සන්නිවේදන විධික්‍රමයක් වශයෙන් ජනකථාව අපට හැඳින්විය හැකිය. ජාතක පොත, බණ කථා, ගැමි කථා, ඕපාදූප, කට කථා, ගැමි ව්‍යවහාර මීට විවිධාකාරයෙන් ආශ්‍රිතව දියුණු ජන සමාජවලට ආවේනික වූ සමාජ ලක්ෂණයක් වශයෙන් ද ජන කථාව ප්‍රබල වේ. දකුණු ලක ගජමන් නෝනාගේ කථා හා අන්දරේගේ උපහාසාත්මක කථා මෙන් ම ජාතක කථා සංග්‍රහය විස්තර කරන ධර්ම භාතකයන්ගේ බණ කථා ලංකාවේ බුද්ධිමය සමාජ ලක්ෂණ ගෙනහැර දක්වන්නට ශේෂව පවතින උදාහරණ වේ.
තවත් ආකාරයට වැඩිහිටියෙක් කුඩා දරුවන්ට කවි කතන්දර කියා දීමේ ඓතිහාසික සමාජ ලක්ෂණයක් පැවතුණි. රෑ ඇඳිරි වැටෙන විට ගෙයි අගුපිලේ, රාත්‍රී හේනේ පැල් රකින විට, කමතේ දහවල් ඇඹුලේ දී, හා ගොවි කයිය වලදී, ජන කථාව ගැමි සමාජයත් සමඟම එකට බැඳී පැවතුණි. මෙම කථා හඳුන්වන්නේ "එකෝමත් එක රටක" යනුවෙන් ඇරඹීමෙනි. චීන උපමා කථා / මල් ගුඩි කතන්දර / අරාබි ජනකථා / පෝලන්ත ජනකථා ලංකාවේ ජනමාධ්‍ය අතර ද මතු වෙමින් පවතී. දැනට ජනකථා ඉතිහාසය හා ඒ සම්බන්ධ උනන්දුවක් දක්වන අයකු වශයෙන් මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර මහතා නම් කළ හැක.
"එකෝමත් එක රටක" කථාව නිවසින් බැහැර වූයේ රූපවාහිණි පෙට්ටගම මහ හඬකින් ජනකථාවට ප්‍රවිශ්ඨ වීමත් රූපවාහිණියේ ඇඳ වැටීමත් සමඟ ඊට ගොදුරුව පැවති ගමේ සමාජ ලක්ෂණ පෙන්නුම් කරන ග්‍රාහක ජන කණ්ඩායම් සාමූහික ලාංකික පවුලෙන් ඉවත් වීමයි. දැනට බණකථා වලදී ධර්ම ශාස්ත්‍රීය උදාහරණ ගෙන බුදුන්ගේ දේශනාව පසකට තල්ලු කරමින් ධර්ම කථිකයාගේ දේශනාව/උපදේශනය වීම හේතුවෙන් නූතන වාචික සන්නිවේදන ස්වරූප යයි. බණ කථා මෙන්ම ජන කථාව ද එකම අච්චාරුවක් වී ඇත. ජනකථාව සාහිත්‍යමය වශයෙන් ඉදිරිපත් කිරීමට අතීත ජන සමාජයේ කථා නායකයා තුල සුවිශේෂි කුසලතාවයක් පැවතිණි. නූතන සමාජයේ තරුණ පිරිස අතර ජන කථාවක් නොවූනත් ඉන් බිඳී ආ සමාජ ලක්ෂණයක් වශයෙන් කුඩුකේරුවට කියන "ගැටවර කථා" උපසංස්කෘතික සමාජ ලක්ෂණයක් වශයෙන් නූතනයට බිඳී ආ පවතී.
කෙසේ නමුත් ජනකථාව සමාජ අත්දැකීමට අදාළව ජන සමාජයේ විශේෂයෙන් කාන්සිය මකන සාහිත්‍ය අංගයක් වශයෙන් දැක්විය හැක. අවසානයේ සමාජයේ පුද්ගල ජානමය ලක්ෂණයන්ටද ජනකථාව කොතෙක් සමීපව ඇත්දැයි පැවසුව හොත් රටේ විදුලිය කැපූ අවස්ථාවල අසල්වාසි නිවෙස්වල කටහඬ ජන කථාව සේම ප්‍රබලය. ඒවායේ ජනකථා ලක්ෂණ ගෙන හැරේ.
කවිය
කවිය යනු රසවත් කියමනකි. වෘත්තයක් ඇතත් නැතත් රසවත් ප්‍රකාශය කවියකැයි කියනු ලැබේ. වෘත්තයක් ඇති තෑන පද්‍ය නමින් ද නැති තැන ගද්‍ය නමින් ද හැඳින්වේ.
ශබ්ද රසය
ශබ්ද රසය
කවියෙහි මුල්තැන ගන්නා වූ රසය ශබ්දරසය හා අර්ථ රසයයි දෙවෑදෑරුම්ය. ශබ්දය එනම් පද පෙළ කවියෙහි ශරීරය වන අතර අර්ථය එහි ජීවය වේ. මේ අනුව අර්ථ රසය වඩා වැදගත් වුව ද කවියෙක රසය මතු කරන්නේ ශබ්දයයි. කිසිම තේරුමක් නැති පද්‍ය කීපයක් මිහිරට ගයනු අසා සිටින බිළිඳා ඉන් වශීව නින්දට සැපත් වන්නේත් මහ රෑ මදුරුවන් තළමින් සීතලේ තනිවම පැල් රකින ගොවියා තම ජීවිතයේ දුක්බර ගතිය අමතක කොට දමා සැනසිලි ලබා ගන්නෙත් පද්‍යයෙහි ඇති මේ ශබ්ද රසයේ බලයෙනි.
වෘත්තය
වෘත්තය
ශබ්දය රසවත් කරන්නේ වෘත්තයයි. වෘත්තය (විරිත) යනු මාත්‍රා අඩුවැඩි නොවන සේ ගැයීමයි. කවියක මාත්‍රා හෝ වර්ණයන් යෙදිය යුතු ක්‍රමය දැක්වෙනුයේ මේ වෘත්ත අනුවය. වෘත්ත මෙතෙකැයි සීමා කළ නොහැකිය. කනට මිහිර දැනෙන සේත් අරුත් රසය මතු වන සේත් අලුත් අලුත් විරිත් තනාගැනීම කවියාගේ දක්ෂතාව අනුව කල හැක්කකි.
තම චිත්‍රය දකින්නන් ගේ නෙත් අදනා පරිදි ඇඳීමෙහි දී දක්ෂ සිත්තරා ඒ ඒ තැනට සුදුසු වර්ණය තෝරා ගන්නාක් මෙන් උසස් කවියා ද තම අදහස කියවන්නාගේ තිස තුළ සිතුවම් කිරීම සඳහා ඒ ඒ තැනට ඉතාම සුදුසු වෘත්තය තෝරා ගනියි. ගුත්තිල පඬිතුමන් ගේ වීණා නාදය අනුව නටන්නට පටන් ගත් දිව්‍ය ස්ත්‍රීන්ගේ විලාසය වෑත්තෑවේ හිමියන් වනන්නේ මෙසේය.
රූ රැසේ අඳනා ලෙසේ අත් ලෙළ දිදී විදුලිය පබා
රන් රසේ එක් වන ලෙසේ වෙණ නාදනූ පා තබ තබා
කම් පසේ දෙන සැර ලෙසේ දෙස බල බලා නෙතඟින් සබා
මම් කෙසේ පවසමි එසේ වරසුර ළඳුන් දුන් රඟ සුබා
මෙම විරිතේ එක් පදයෙක මාත්‍රා විසි හයෙකි. මාත්‍රා හතෙන් හතට යතිය (විරාමය - සැතැප්ම - නැවතීම) සිටින සේ පද යෙදීමත් උචිත වචනයන් ගේ ගැළැපීමත් නිසා ඉන් අප්සරාවන් ගේ මනහර නැටුමෙක සිත්තමක් කියවන්නා ගේ සිත්හි අපූරුවට ඇදේ.
තොරතුරු සොයා යෑමේදී කවියේ රස 18 කි.
ස්පර්ශන ශෘංගාර රසයට පහත කවිය උදාහරණය කල හැක.
තම චිත්‍රය දකින්නන් ගේ නෙත් අදනා පරිදි ඇඳීමෙහි දී දක්ෂ සිත්තරා ඒ ඒ තැනට සුදුසු වර්ණය තෝරා ගන්නාක් මෙන් උසස් කවියා ද තම අදහස කියවන්නාගේ තිස තුළ සිතුවම් කිරීම සඳහා ඒ ඒ තැනට ඉතාම සුදුසු වෘත්තය තෝරා ගනියි. ගුත්තිල පඬිතුමන් ගේ වීණා නාදය අනුව නටන්නට පටන් ගත් දිව්‍ය ස්ත්‍රීන්ගේ විලාසය වෑත්තෑවේ හිමියන් වනන්නේ මෙසේය.
රූ රැසේ අඳනා ලෙසේ අත් ලෙළ දිදී විදුලිය පබා
රන් රසේ එක් වන ලෙසේ වෙණ නාදනූ පා තබ තබා
කම් පසේ දෙන සැර ලෙසේ දෙස බල බලා නෙතඟින් සබා
මම් කෙසේ පවසමි එසේ වරසුර ළඳුන් දුන් රඟ සුබා
මෙම විරිතේ එක් පදයෙක මාත්‍රා විසි හයෙකි. මාත්‍රා හතෙන් හතට යතිය (විරාමය - සැතැප්ම - නැවතීම) සිටින සේ පද යෙදීමත් උචිත වචනයන් ගේ ගැළැපීමත් නිසා ඉන් අප්සරාවන් ගේ මනහර නැටුමෙක සිත්තමක් කියවන්නා ගේ සිත්හි අපූරුවට ඇදේ.
තොරතුරු සොයා යෑමේදී කවියේ රස 18 කි.
1. ශෘංගාර රසය | 10. වීර රසය |
2. දර්ශන ශෘංගාර රසය | 11. භයානක රසය |
3. ශ්‍රවණ ශෘංගාර රසය | 12. බීහත්ස්‍ය රසය |
4. ආඝ්‍රාණ ශෘංගාර රසය | 13. අද්භූත රසය |
5. සායන ශෘංගාර රසය | 14. ශාන්ත රසය |
6. ස්පර්ශන ශෘංගාර රසය | 15. වත්සල රසය |
7. හාස්‍ය රසය | 16. කුහුලුරු රසය |
8. කරුණා රසය | 17. නුවළු රසය |
9. රෞද්‍ර රසය | 18. උපහාස රසය |
ස්පර්ශන ශෘංගාර රසයට පහත කවිය උදාහරණය කල හැක.
උදා :-
අත් පොඩි දෙකෙක සියුමැලි බව ගෙලට දැනී
උණුසුම් හැඟීමක් හදවත වැලැඳ ගති
එකෙනෙහි ආදරය පෙළහර නඟනු වැනී
සංගීතයක් තොල් අතරින් පිටට පනී
(කුඩලිගම කවියා)
අත් පොඩි දෙකෙක සියුමැලි බව ගෙලට දැනී
උණුසුම් හැඟීමක් හදවත වැලැඳ ගති
එකෙනෙහි ආදරය පෙළහර නඟනු වැනී
සංගීතයක් තොල් අතරින් පිටට පනී
(කුඩලිගම කවියා)
උදා :-
වහලේ පිදුරු අතරින් වැහි බිඳු බේරේ
ගොම මැටි නො ගෑ බිම පොඩි වළවල් හෑරේ
කටුමැටි බිත්තියේ පොළොවට බර තීරේ
මැටි ගැලවිලා දිය කඳ යයි ගෙය පාරේ
(කේයස් කිවිඳු)
ගොම මැටි නො ගෑ බිම පොඩි වළවල් හෑරේ
කටුමැටි බිත්තියේ පොළොවට බර තීරේ
මැටි ගැලවිලා දිය කඳ යයි ගෙය පාරේ
(කේයස් කිවිඳු)