සරල සම්ප්‍රදායි ශ්‍රවණ උපාංග
 

1. යක් බෙරය
2. තන් මැට්ටම
3. ගැට බෙරය
4. දවුල
5. හොරණෑ/වෙනත් නලා වර්ග/හේවිසි
6. පාලම් පොට
7. පෙර අපර දිග සංගීත වාදන භාණ්ඩ


මෙකී නොකී සම්ප්‍රදායික ශ්‍රව්‍ය උපාංග පවා එක්වරක් ඇසීමට පෙර නූතනයේ දී විද්‍යූත්කරණයට ග්‍රහණව පවතී.


මෙහිදී (හූ...මිටි දීම)/(අඬහැරය) වැනි ගැමි වාචික සන්නිවේදන විධි පවා නූතනයේ තාක්ෂණයට යටත්ව පවතී. මේවා සෘජු වාචික සන්නිවේදන විධි වශයෙන් අතීතයේ පැවතියත් තාක්ෂණික උපක්‍රමදැයි පවා නොදැනෙන ආකාරයට ගැමි බවෙන් අලුත්ව තාක්ෂණයෙන් ම සංකීර්ණව පවතී.

සම්ප්‍රදායික වාචික සන්නිවේදන විධි


1. හූ මිටි දීම


සමූහයක් කැඳවා ගත හැකි ගැමියකු හේනේ පැලේ සිට හෝ ගහක් වැනි උස් අතු පැලක සිට අවට ප්‍රදේශයට කරනු ලබන උගුරේ වේගවත් සංඥා හඬ හූ මිටි දීමය. මෙයින් ගැමි සමාජයට අදාළ පුද්ගලයන්ගේ අදහස් සෘජුව සන්නිවේදනය කරයි. මෙය ප්‍රධාන කොට ගැමි කයියක්/ශ්‍රමදානයක්/පැලක්/හෙවිලිමක්/ගොඳුරක් බෙදාගැනීමක් වැනි සමූහකාර්යට යොදා ගනී.

ධීවර සමාජය තුලද මෙවැනිම හූමිටි දීමේ සන්නිවේදන ක්‍රමයක් නිවසින් පිටත් වීමේදී සමූහයට සංඥාවක් වශයෙන් සන්නිවේදනය කරයි. ඔරුව දියඹට යාමේදීත් අභින සමඟ ගොඩට ඇදෙන ඔරුව පිළිගැනීමට ගොඩවැල්ලේ නායකයා ඔරුව පිළිගැනීමට හූ මිටි දීම සෘජු සන්නිවේදන ක්‍රමයක් වශයෙන් භාවිතා කරයි. මෙය සාමූහිකත්ව සන්නිවේදන සංඥාවකි. තව කෙනෙකුගේ කථාවට හූ මිටි දීමේ ක්‍රමයක් ද දුර්වල සමාජයේ අදත් පවතී


2. සංගායනාව


රහත්/විනයධර වූ භික්ෂූන් වහන්සේලා සමූහයක් සුවිශේෂි ධර්ම කථිකාවක් උදෙසා පවත්වනු ලබන වාචික සන්නිවේදනයකි. ඉතිහාසයේ වරින්වර තුන්වරක් සංගායනා පවත්වා ඇත. 

3. අඬහැරය


සම්ප්‍රදායි ගොවිබිම්වල (කමත ආණ්ඩු කිරීමේදී) ගොපල්ලෝ කමතේ කෘෂිකාර්මික කටයුතුවල නියැලෙමින් ගොනුන් හසුරුවන අවස්ථාවකි. ප්‍රධාන කොට සුවිශේෂිතව කෘෂිකාර්මික වාචික සන්නිවේදන අවස්ථාවක් වශයෙන් භාවිතා කෙරේ. මෙහිදී උගුරේ හඬ වෙනස් කරමින් සන්නිවේදනයේ යෙදේ.

මළ ගෙවල් වල වෙස්සන්තර ජාතකය මහා හඬින් ගායනා කිරීමත් තවත් විධික්‍රමයකි.


වාචික සන්නිවේදනයේ භාවිත අති ප්‍රබල ජනසන්නිවේදන ක්‍රමවේදය ගුවන් විදුලියයි


ඉංග්‍රීසින් විසින් බ්‍රිතාන්‍යයේ (B.B.C) සේවය සමඟ සමකාලීන ගුවන් විදුලි සේවයක් වශයෙන් ලංකා ගුවන් විදුලි සේවය පිහිටවනු ලැබීය. වසර 60 ආසන්න ඉතිහාසයේ අති විශාල තාක්ෂණික සවියක් සමඟ ගමන් ඇරඹූ ගුවන් විදුලිය මෙසේ ග්‍රාහක ප්‍රතිචාරයෙන් බිඳවැටෙමින් පවතී. එසේ නමුත් සුභාරති සංවාද මණ්ඩපය/ශාස්ත්‍රීය සංග්‍රහය/අතීතයෙන් ඇසපණු ගී වැනි වැඩසටහන් තවමත් ජනතාව අතර ප්‍රචලිත ය. දුර්වලතාවයකට පවතිනුයේ තරඟකාරි FM ආයතන සමඟ ජනප්‍රිය මට්ටමේ වැඩසටහන් ඉදිරිපත් කිරීමට නම්‍යශීලි නොවීමයි. තවද ජන සමාජය සංවිධානය කිරීමේ මාධ්‍ය ව්‍යූහයකට ප්‍රවිෂ්ඨ වීමට ලංකා ගුවන් විදුලි සේවය අපොහොසත් වී ඇත.

 

ගුවන්විදුලි සේවාවක උපයෝගි වාචික සන්නිවේදන විධි


හඬපට / ගීත / සංවාද / ප්‍රවෘත්ති / නිවේදන / වෙළඳ දැන්වීම් / ගුවන් විදුලි වැඩ සටහන් / ධර්ම දේශනා / සාකච්ඡා වාර / ආයතනික වෙළඳ ප්‍රචාර / ජිංගල්-(යම් අදහසක් මතු කරන සංගීත කාණ්ඩ) ශාස්ත්‍රීය සංගීත වැඩසටහන් / රජයේ නිකුත් කරන ප්‍රකාශ / විවිධාකාර මහජන උපයෝගිතා තොරතුරු / බහුජන සේවා

උදා :- ලේ දන්දීම්, වකුගඩු, අක්ෂි ආබාධ, අනතුරු වැනි මහජන උපකාර ඉල්ලීම් / අධ්‍යාපනික වැඩ සටහන් / හඬ නළුව එනම් ගුවන් විදුලි නාට්‍ය / ළමා වැඩසටහන් / විනෝදාස්වාදක වැඩ සටහන් / ක්‍රීඩා වැඩ සටහන් / දෙබස් කැවූ වැඩ සටහන් / පරිසර වැඩ සටහන්.

(c) Shilpa Sayura Foundation 2006-2017