යමක් අවධාරණය කරණු සඳහා භාව කෘදන්ත නාමයන්ට පරව වටී, වටනේය, අගනේය, සෑහේ, යුතුය යන ක්‍රියා පද යෙදේ.
ඔවුන් මෙසේ හැසිරීම නොවටී.
ඔවුන් මෙසේ හැසිරීම නො වටනේය.
ඔවුන් මෙසේ හැසිරීම නො අගී.
ඔවුන් මෙසේ හැසිරීම නො අගනේය.
අප රට රැකිය යුතුය.
තොප මෙවන් කටයුතු කළ යුතු නොවේ.
මිනිසුන් සතුන් මැරීම අයුතුය.
යුක්‌ත එනම් යුතු ශබ්දය ප්‍රත්‍යවර්ථව සෑදෙන යුත්තෙමි, යුත්තෙමු. යුත්තෙහි, යුත්තෝය යනාදී ආඛ්‍යාත රූප යෙදෙන විට කතෘ උක්‌ත කොට තැබිය යුත්තාහ.
මම කළ යුත්තෙමි.
අපි කළ යුත්තෙමු.
නුඹ සිතිය යුත්තෙහි.
දූශිතයෝ දඟගෙට යැවිය යුත්තාහ.