වාචික සන්නිවේදනය සුවිශේෂිත කොට භාවිත කරන ස්ථාන
 

1. බණ මළුව


චුලභානක සම්ප්‍රදායට හෝ මහ භානක සම්ප්‍රදායට අදාළ මහා සංඝරත්නයේ ධර්ම උපදේශනය සඳහා පිරිසකට පහසුවෙන් එක්රැස් විය හැකි, විහාර භූමිය තුලම එක් ගෘහ නිර්මාණ ශිල්පීය ගොඩනැඟිල්ලක සිදු කෙරෙන්නා වූ ධර්ම සාකච්ඡා සඳහාම විශේෂ ගොඩනැඟිල්ලක සිදු කෙරෙන්නා වූ ධර්ම සාකච්ඡා සඳහාම වෙන්ව පැවති ස්ථානයක් සහිත සැදහත් ජන මළුව මින් අදහස් කෙරේ.


2. පාර්ලිමේන්තුව


නීති සම්පාදන ආයතනය වශයෙන් දැනට වචන මත භාවිත වන ලොව පිළිගත් ඉහලම මහජන රාජ්‍ය ආයතනය වේ. මෙහිදී සන්නිවේදනයේ විය නොවිය යුතු බොහෝ අදහස් පොදුවේ ඊට සහභාගි වන මහජන නියෝජිතයන් මගින් වාචිකව ඉදිරිපත් කෙරේ. මෙය දියුණු අදහස් මත ලොව පිළිගත් මහජන සම්බන්ධතා ආයතනයක් වශයෙන් සැලකේ.

මෙහිදී,

1. සංවාද                 10. බැන වැදීම
2. විවාද                  11. සාකච්ඡා
3. විශේෂ ප්‍රකාශ           12. පැහැදිලි කිරීම
4. අදහස් දැක්වීම          13. ගෝෂා
5. විවිධ ඉල්ලීම්            14. ව්‍යංගාර්ථ ප්‍රකාශ
6. චෝදනා               15. උදාහරණ ගෙන දැක්වීම
7. අවලාද                16. යෝජනා 
8. අවනම්බු ප්‍රකාශ        17. උද්ඝෝෂණ
9. පරුෂ වචන            18. උපහැරණ ගෙන දැක්වීම

බහුල වශයෙන් එකිනෙකා මුහුණට මුහුණලා වචන හරඹ කොට සිය අදහස සන්නිවේදනය කරන අතර භාෂා ප්‍රවර්ධන මහජන බලපෑම් ආයතනයක් වශයෙන් පාර්ලිමේන්තුව යොදා ගත හැකි ආයතනයකි.

3. අධිකරණය


මිනිසුන් විසින් සිදුකරන නීති උල්ලංඝණයේදී වාචිකව අර්ථ කථනය කෙරේ. වචනයේ අගයට හා එහි උත්තරීතර භාවය තීන්දු තීරණ කරනු ලබන උසස් ම ආයතනය අධිකරණයයි. මෙහිදී සෑම වචනයක් ම සත්‍යතාවය තීරණය කරමින් සියුම් විමර්ශනයට බඳුන් කොට සමතුලිත නීතිමය තීරණ සිදු කරනු ලබයි. මෙහිදී හෑල්ලු චන වචන/ගුණාත්මක වචන/නිෂේදිත වචන වලට අගයක් තීන්දු කෙරේ. එනම් නීතිය ක්‍රියාත්මක කිරීම උසස් වචික සන්නිවේදන භාවිතාවක් වශයෙන් වාචික ප්‍රකාශ උපයෝගි කර ගනී.

4. කවිමඩුව/ශාන්ති කර්ම මඩුව/තොවිල් මඩුව


සම්ප්‍රදායි වූ සුවිශේෂි භාෂා උපාංග සහිත කලාත්මක සංස්කෘතික ක්‍රමවේදයකි. වාචික සන්නිවේදනයක් ඔස්සේ උසස් ශෛලිගත වාචික ප්‍රකාශනයක් හා භාෂා විධි ක්‍රම ගෙන හැරේ. දියුණු භාෂාවක/දියුණු ප්‍රකාශනයක් වශයෙන් දියුණු වාචික සන්නිවේදනයක් මත කෙරෙන කලාත්මක සංස්කෘතික උත්සහායකි. මෙහිදී වචනයේ බහු අර්ථ/ව්‍යංගාර්ථ/පුරුෂාර්ථ විවිධාකාරයෙන් උපයෝගිම කර ගනී. ශාන්ති කර්මයේ දී ශ්ලෝක/අෂ්ටක/සෙත් කවි/දේවාරාධනා වැනි වූ සුභ මංගල වාචික සන්නිවේදන විධික්‍රම භාවිතා කෙරේ. ඊට මනස ප්‍රබෝධමත් කරන බෙරහඬ ද ආතුරයාගේ රෝගය සුව කිරීමට සමත් ය.

(c) Shilpa Sayura Foundation 2006-2017