බෞද්ධ දර්ශනයේ ප්‍රධාන කොට සන්නිවේදිත ඉගැන්වීම් (වාචික)
 

"චරත භිබික වේ ධම්මං චාරිකං බහුජන හිතාය බහුජන සුඛාය අත්තාය හිතාය සත්තය දේව මනස්සාය"


එනම් "බුදුන් වහන්සේගේ ඉගැන්වීම් දෙව් මිනිස් වර්ගයාගේ හිතසුව පිණිස ගම් නියම් ගම්වල ධර්ම චාරිකාවේ යෙදෙමින් ලෝ වැඩ සඳහා වූත් අර්ථ සම්පන්න වූත් ව්‍යාංජන සහිත වූත් ධර්මය කරමින් සකල සත ම උදෙසා ධර්ම චාරිකාවේ යෙදෙන ලෙසයි."



දැනට භාවිතාවේ පවතින ඉපැරණිම ඉගැන්වීම් බෞද්ධ දර්ශනය තුළ වේ. ය අතිශයින් සම්මුක සන්නිවේදනයකි. වාචිකව සිදුකරන අර්ථ සම්පන්න වූ ව්‍යංජන සහිත වූ වෙන වෙනමත් සමූහයක් වශයෙනුත් ධර්මයේ දී සාකච්ඡා කෙරේ. මෙහිදී


1. සමකාලික බෞද්ධ ඉගැන්වීම්
2. සම්ප්‍රදායික ක්‍රමවේද
3. නූතන භාවිතාව

1. සමකලීන ඉගැන්වීම් වලදී....


බුදුන් වහන්සේ පවා අනුගමනය කෙරුණු ක්‍රමවේදය වාචික සන්නිවේදන ක්‍රමවේදයයි. මෙහිදී පුද්ගලයා හා සම්මුඛව සන්නිවේදනය සිදු වී පවතී. එනම් වාචිකව සිදු කෙරෙන අති විශේෂ ඓතිහසික සන්නිවේදනයකි.

බුදුවරයකුට ම සුවිශේෂ වූ සන්නිවේදන උපක්‍රමය (මුනිවත රැකීම)


මෙහිදී සම්මුඛ පුද්ගලයාගේ ඉරියව් වල / අදහස් වල පවතින්නා වූ කිසියම් අර්ථ බාධා සහිත අදහසට,


1. එකඟවීමට නොහැකිතාවය
2. පිළිගැනීමේ දුෂ්කරතාවය
3. අවුල් සහගත බව
4. විස්තර කිරීමේ අපහසුතාවය/ගැටළු සහගත භාවයන්
5. වචනයේ අර්ථය පිළිගැනීම හෝ නොපිළිගැනීම හැඟවීමට එසේත් නොමැති නම්,
6. වචනයේ අදහසින් අන්‍යයා තුළට ගැඹුරින් කවැද්දවීමේ අදහසින් සිදුකරනු ලබන

මුනිවරයකුටම සුවිශේෂි මෙම මුනිවත රැකීම පුද්ගලචර්යාව, තේරුම් ගැනීමේ විධික්‍රමයක් වශයෙන් අනුගමනය කෙරේ. උදාහරණයක් වශයෙන් ගෞතම බුදුන් වහන්සේ තමන් වහන්සේ සමඟ විවාදයට පැමිණි සව්වක බමුණාට ද යම් අවස්ථාවලදී දෙතොල් මත රැඳවූ සිනහවකින් මුනිවත රැකීම ප්‍රදර්ශනය කොට ඇත.

සම්මා වාචා


යහපත් වූ වචන/අර්ථ සම්පන්න වූ වචන/ලෝවැඩ සඳහා වූ වචන භාවිතය සම්මාවාචා අර්ථය ආර්ය අෂ්ඨාංගික මාර්ගය ඔස්සේ බුද්ධ දර්ශනයේ විග්‍රහ කෙරේ. මෙහිදී ප්‍රධාන අකුසල් දොරටු තුනෙන් (සිත/කය/වචනය) වශයෙන් එක් ප්‍රධාන අකුසල ඉරියව්වකි. ලෝවැඩ හිත සුව පිණිස දේශනා කල ඉගැන්වීම් අතර ලොව ඇති පැරණි සන්නිවේදන අතර බුදුන්ගේ සම්මාවාචා ඉගැන්වීම අතිවිශිෂ්ඨය. එය සෑම ආකාරයෙන්ම පුද්ගල සමාජ පරිසරය පිරිසිදු වචනයෙන් පවත්වා ගැනීමට හේතු වී ඇත.

මෙහිදී ගිහි අයකුට එකඟ විය හැකි (සම්මා වාචා) වාචික ශික්ෂා පද කීපයකි.


1. (බොරු කීම) - මුසාවාදා වේරමණී ශික්ඛා පදං සමාදියාමි.
2. (පරුෂ වචන) - පරුෂවාචා වේරමණී ශික්ඛා පදං සමාදියාමි.
3. (හිස් වචන) - සම්ප්‍රප්ප ලාපා වේරමණී ශික්ඛා පදං සමාදියාමි.
4. (අනර්ථ වචන) - පිසුනාවාචා වේරමණී ශික්ඛා පදං සමාදියාමි.

මෙහිදී අතිශයෝක්තියෙන් වුවද සඳහන් කල යුතුව ඇති අර්ථ සම්පන්න වූ ඉපැරණි ඉගැන්වීම් බොද්ධ දේශනයේ ගෙන හැරේ. බොඳු ඉගැන්වීම් අතර ඉපැරණි සම්ප්‍රදායි (පිරිත්/පරිත්‍රාන/පරිත්ත) දේශනාව තව දුරටත් පොදු භාවිතයේ දී සන්නිවේදනය කෙරේ.

* ධර්ම දේශනයේදී ධර්ම කතිකයන් වහන්සේලා ගුරුකුල හා තවත් විනය ශික්ඛා පදයට අනුකූලව


1. චූලභාතක
2. මහාභාතක


කොට්ඨාශ දෙකකි. මෙම ධර්ම කතකයන් වහන්සේලා හැඳින්වීමට අතීත වාචික සන්නිවේදනයේ දී භානක යන අර්ථයෙන් හැඳින්වේ. එය ඉතිහාසය තුල ඇතිවූ අතිවිශිෂ්ඨ ධර්ම සම්ප්‍රදායකි.

ඉතිහාසය තුළ සිදු කෙරුණු ගුණාත්මක වූ අතිප්‍රබල වාචික සන්නිවේදනය හැඳින්වනුයේ මහ සංඝයනා වශයෙනුයි.


නූතනයේ භාවිත බණ මළුවද අති විශේෂ වාචික සන්නිවේදන උපාංගයක් වශයෙන් හැඳින්විය හැක. මේවා මගින් අර්ථ සම්පන්න වූ බුද්ධිය ඉලක්ක වූ සන්නිවේදනයක් වාචික ව සිදු කෙරුණි. ධර්ම දේශනාව තරම් තව දුරටත් සම්මුකව සිදු කෙරෙන වාචික සන්නිවේදනයක් ජන සමාජය තුළ සංවේදිතාවයක ශේෂව නොපවතී.

(c) Shilpa Sayura Foundation 2006-2017