වාචික සන්නිවේදනයේදී ඉන්ද්‍රිය ඉරියව් පිහිටීම
 

සූදානමක් ඇති හෝ නැති වාචික සන්නිවේදනයට පුද්ගලයාගේ සිරුරේ ඉරියව් පිහිටීම ඉතා වැදගත්ය. සිතන්නට පෙර කියන්නට පෙළඹෙන නිවේදකයකුගේ වචන ඔබ කොතෙකුත් අසා ඇත. ඔහු මානසිකව අදාළ නිවේදනයට සූදානම් වූ බවක් නොහැඟේ. ඊට ප්‍රතිඵලයක් වශයෙන් ඔහුගේ සිරුරේ ඉරියව් පවත්වා ගත යුතුව ඇතත්/නැතත් අදාළ නිවේදන කටයුත්තට සම්බන්ධ විය යුතුමය. එම නිසා වූ හිස් හා බොල් වූ දුර්වල වචන හඬ හා ස්වරය වෙනස් කර ගනිමින් ඔහු ප්‍රකාශනයේ යෙදේ.


සූදානමක් ඇති සාර්ථක (නිවේදකයා) සන්නිවේදකයා කාලය හා අවකාශය ජය ගනිමින් වචනයට බරක්/ගැඹුරක්/අර්ථයක් මතු කරමින් සිය වචනයේ ප්‍රකාශයට පෙර සිත තුළ මූලික අදහසක් ඇතිකොට ගනී. ඔහුගේ උගුරෙන් පැන නඟින ස්වර පද්ධතිය වචනයේ නිවැරදි උච්චාරණයක් නියමිත හඬත් සමඟ මුසුවේ.

තවත් ආකාරයකට වචනය ගොත ගැසීම/වචනයේ අවසානය ලොප් වීමත්/නොහොත් වචනය ගිල ගැනීම අපැහැදිලි ප්‍රකාශනයක් හා දුර්වල සන්නිවේදනයන් හටගනී.

තවද තාක්ෂණය භාවිතාවෙන් නොහිතන කටහඬ, ප්‍රබල කිරීමක් හෝ දුර්වලව සිදු කිරීමක් කළ හැකි වේ. කෙසේ නමුත් ඉරියව් පිහිටීම උදෙසා පුද්ගලයාගේ ජීව විද්‍යාත්මක පසුබිමක් ඇතත් ඒ සාර්ථක සන්නිවේදනයක් සිදු වනුයේ නිසි ඉරියව්වක පිහිටන ප්‍රබෝධමත් ඉන්ද්‍රියන් නිසා වේ.


දෙනෙත් ඇති හෙයින් හොදැහින් දැක විමසා ගන්න
සවන් ඇති හෙයින් නිරවුල්ව ම සවන යොමවා ගන්න
වදන් ඇති හෙයින් පැහැදිලිවම පවසා විමසා ගන්න
දියුණුවෙ රහස මෙපමණකි දැනුමෙන් දැනුම කැඳවා ගන්න

යම් අදහසක් වචනයෙන් ඉදිරිපත් කළ හැකි නම්, එය සන්නිවේදනයේ දී සිය අදහස වාචිකව ඉදිරිපත් කිරීමකි. මෙහිදී භාෂාවේ උපාංගයක් වශයෙන් වචනය ප්‍රබලව භාවිතා කෙරේ. එනම් භාෂාවක ප්‍රතිඵලයට වචනය ද විශාල කාර්යයක් සිදුකොට පවතී. එමෙන්ම නිසි තැන යොදන නිසි වචනය ඉතා ඉහළ වටිනා කමක් දරයි. යම් අදහසක් ඉදිරිපත් කිරීමේ එක් උපක්‍රමයක්/මාධ්‍යයක් වශයෙන්ද වාචික සන්නිවේදනය හැඳින්විය හැකිය. මෙය ඉතා සරල පොදු සුලභ භාවිතයකි. තවද පොදුවේ ගත් කල මිනිසාට සුවිශේෂිතව බුද්ධිය මුල්කොට අදහස් ප්‍රකාශනයේදී අන්තර් මාධ්‍ය භාවිතාවක් වශයෙන් වාචික සන්නිවේදනය සිදුවේ. එනම් ප්‍රබෝධමත් ඉන්ද්‍රිය ක්‍රියාකාරකම් ඔස්සේ ප්‍රබෝධමත් වූ නිවැරදි සන්නිවේදනයක් හටගනී. එනම් සඵල වූ සන්නිවේදනයක් බිහි වේ.







වාචික සන්නිවේදනයේ දී භාවිත වනුයේ ජීව විද්‍යාත්මක ප්‍රවේශයට අදාළව කට හා උගුර උපයෝගිතාවයෙන් සිදුවන මානසික ප්‍රකාශනයකි. ඉන් බුද්ධියට අනුව මනස ප්‍රධාන වුවත් කට හෝ උගුර ප්‍රධාන වුවත් අන්‍යෝන්‍ය වශයෙන් ඒවා එකිනෙකාට ප්‍රධානව බැඳී පවතී. මෙහිදී මෙම ඉන්ද්‍රීයන් එකිනෙකට ගිලිහී ගිය හොත් සිදුවනුයේ පණිවිඩය ලබන්නා තුල වැරදි අදහසක් එනම්, අර්ථබධා ඇති කිරීමයි. මෙහිදී ප්‍රධාන කොට දැක්විය යුතු අදහස වනුයේ වාචික ප්‍රකාශනයේදී සෑම මොහොතකදී ම ඉන්ද්‍රීය ප්‍රබෝධතාවයක නොපවතින බවයි. ඊට සිය පෞරුෂය විශාල වශයෙන් බලපානු ඇත.

(c) Shilpa Sayura Foundation 2006-2017