සන්නිවේදනයේ දී ගෙන හැරෙන වඩාත් සාර්ථක නිර්වචනය
(විල්බර් ෂාමි - Wilbar Sohramme)
එක් පාර්ශවයක් විසින් සිදුකරන අදහස්, ප්‍රතිපාර්ශවයට යොමු වීමෙන්, දෙපාර්ශවය අතර සිදුවන අදහස් හුවමාරුව තුලදී පළමු පාර්ශවයේ මුල් අදහසට දෙවන පාර්ශවයට සමාන මානසික තත්වයකට පත්වීමේ හැකියාවක් නිර්මාණය වෙතොත් එහි දී දෙපාර්ශවයට වන සමාන මානසිකත්වයෙන් ඇතිවන ප්‍රතිපෝෂණය වූ සඵලතාව වශයෙන් මෙහිදී සන්නිවේදනය නිර්වචනය කෙරේ.
වාචික සන්නිවේදනයට ප්‍රවේශය
වචනයේ හා හඬ ආශ්‍රිතව සිදුකෙරෙන භාෂාමය සන්නිවේදනය වාචික සන්නිවේදනය වේ. මෙහිදී වචනයට අර්ථය ගෙන දීම හෝ අර්ථ ශුන්‍යතාවයක් ගෙනදීම සිදුවන අතර එමගින් බුද්ධිමය තක්සේරුවක් කිරීමේ අදහස් ප්‍රකාශනයක් සිදුවේ. මෙමගින් මෙම භාෂා උප්‍රමය මගින් සමාජ සමායෝජනයක් ඇති කරයි.
වචනයෙන් ගුණාත්මක අදහසක් මතුකිරීම....
විද්‍යාත්මකව, අධ්‍යාපනික වශයෙන් ගුණාත්මක වටිනාකමක් දැරීමට සමත් වෙතොත් එම පරිනතභාවය මත සිදුවන, භාෂා උපක්‍රමික වචන, මෙමගින් අදහස් කෙරේ.
අනුවණ අර්ථ හා ශුන්‍ය අදහස්
පරිනතභාවයෙන් හෝ අත්දැකීමෙන් ඌන වූ වචනයක් ආශ්‍රිතව සිදුවන සන්නිවේදනය මෙයින් අදහස් කෙරේ. මෙහිදී මූලික අදහස පැතිරීමට අර්ථ බාධා ඇතිවීමෙන් අදහසෙහි තීව්‍රතාවයක් / ප්‍රබලතාවයක් ඊට දුර්වල වූ ඉන්ද්‍රිය හේතුවෙන් හට නොගනී.
සය ඉන්ද්‍රිය සංවේදිතාවයට අනුව, පුද්ගලයාගේ බුද්ධිය ආශ්‍රිතව, සමාජයේ දී පොදු පිළිගැනීමක් සංවර්ධනයට සන්නිවේදනය මගින් ඇති කරයි. කුඩාකල කුඩා දරුවෙකුට තම සිරුරේ ඉන්ද්‍රිය හඳුන්වා දීම මගින් ප්‍රාථමික අධ්‍යාපනයේ දී ඉන්ද්‍රියේ වැදගත්කම නොහොත් මනා ලෙස ඉරියව්වක පිහිටීම පුරුදු පුහුණු කෙරේ. එහිදී ක්‍රමයෙන් පුරුදු පුහුණු වී සිරුරේ නිරෝගිතාවය මත ඉන්ද්‍රිය ප්‍රබෝධයක් නිර්මාණය වීම සිදු වේ. සියලු සංවර්ධනයට හෝ බුද්ධියට ස්ව අවබෝධයට, තීරණය දීමේ හැකියාවට හෝ අනුවණ කමකට හේතුවන්නේ ප්‍රබෝධයක් ඇති වර්ධනයට ලක් වූ පුද්ගල පෞරුෂයක පිහිටිය හැකි ඉන්ද්‍රියන් වේ. ඉන්ද්‍රිය තිබූ පමණින් ම සංවර්ධනයක් හටනොවන අතර කෘත්‍රිය පුරුදු පුහුණු කිරීම මගින් මානසිකව සංවේදි උත්තේජනයක් හටගනී. එමගින් අධ්‍යාපනය ලැබීමේත් ඊට අදාලව සිදුවන්නෙත් පුද්ගලයාගේ ඉන්ද්‍රිය ක්‍රියාකාරකම් ඔස්සේ සිය සංවර්ධනයෙන් සාර්ථක කරන්නා වූ මනසේ ප්‍රබෝධමත් ක්‍රියාකාරිත්වයකි.
"මෙහිදී දෙඇසින් දකින දර්ශනයක් මනසට සංවේදී වීමෙන් ඇතිවන උත්තේජනය එම සිත තුලම අදහසක් වශයෙන් මෝරා එයි. එම අදහස භාෂාව උපයෝගි කොට වචනයට පෙරලා සන්නිවේදනයේ දී හඬ හා වචනය මුහුකර වාචිකව සිදුකල හැකි වේ. එය වාචික සන්නිවේදනයයි."
"මෙහිදී දෙඇසින් දකින දර්ශනයක් මනසට සංවේදී වීමෙන් ඇතිවන උත්තේජනය එම සිත තුලම අදහසක් වශයෙන් මෝරා එයි. එම අදහස භාෂාව උපයෝගි කොට වචනයට පෙරලා සන්නිවේදනයේ දී හඬ හා වචනය මුහුකර වාචිකව සිදුකල හැකි වේ. එය වාචික සන්නිවේදනයයි."
කෙසේ නමුත් සියලු සන්නිවේදනයන් ගේ මුඛ්‍ය අදහස ඉන්ද්‍රිය මූලික වූ සංවර්ධනයෙන් බෙලහීනතාවය ඇති කිරීමයි.