ශීඝ්‍ර ජනග්රහනයත් සමඟ ජන සමාජය සංකීර්ණව පවතී. මේ පවතින තත්වයට ලගා වීමට, මිනිසා සාමූහිකව සමාජයක් වශයෙන් විශාල උත්සාහයක් දරා ඇත. ලෝකයේ සියලු වෙනස්වීම් පුද්ගල මූලික සන්නිවේදනයක්, ඔස්සේ ද සිදුව පවතී. කෙසේ වෙතත් පරිසරය වෙනස් කිරීමට මිනිසා සන්නිවේදනය භාවිතා කොටගෙන තිබේ. නූතන සංවර්ධනයේ ප්‍රධාන ප්‍රවාහකය සන්නිවේදනය බවට අදහස් ඉදිරිපත් වේ. පොදුවේ ගත් කල විශාල කාර්ය භාරයක් විෂයක් වශයෙන් සන්නිවේදනය තුල ගැබ්ව පවතී.
පුද්ගල කේන්ද්‍රීය වූ සන්නිවේදනය
සෑම පුද්ගලයාටම සමාන සමාජ තලයක වටිනාකමක් පවතිත් දී පුද්ගල කේන්ද්‍රීයව සිදුවන සන්නිවේදනයේ විශාල ප්රබලතාවයකි. මෙමගින් පුද්ගල අදහසට වටිනාකමක් ඇතිකොට පවතී. පුද්ගලයා මූලිකකොට මෙහිදී,
1. සිය අදහස් පවසා සිටීමට (බාහිර මත සංවර්ධනය උදෙසා)
2. බාහිර අදහස් තමා වෙත ලබා ගැනීමට (අභ්‍යන්තර මත සංවර්ධනයට) වශයෙන් ප්‍රධාන කොට පවතී.
සරල සන්නිවේදන ආකෘතිය
සරල සන්නිවේදන ආකෘතිය
සන්නිවේදනයේ දී ප්‍රධාන පාර්ශව දෙකකි. එක් පාර්ශවයක් සිය පණිවිඩය, සන්දේශය, තොරතුර අනෙක් පාර්ශවයට උත්තේජනය කර සිටී. එහි පාර්ශවයෙ උත්තේජනයට ප්‍රතිචාරය දක්වන දෙවන පාර්ශවය අදාල පණිවිඩය, සන්දේශය, තොරතුර ග්රහනය කොට ගනී. මේ ආකාරයෙන් දෙපාර්ශවය මගින් සිදුවන ප්‍රතිපෝෂණය සඵල වූ සන්නිවේදනයක් නිර්මාණය කොට ගනී.
අවකාශය ජයගන්නා වූ කවර උපක්‍රමයක් වුවද එය මාධ්‍යය වේ.
අවකාශය ජයගන්නා වූ කවර උපක්‍රමයක් වුවද එය මාධ්‍යය වේ.
සන්නිවේදනය අර්ථය හැඳින්වීම
ස+නිවේදනය = සන්නිවේදනය
"ස", අර්ථය වඩාත් තීව්ර ලෙස කුළුගන්වන අදහසට, "නිවේදනය" එක්වීමෙන් එම අදහසෙ අගය වැඩිකොට දක්වයි. වඩාත් යහපත් ගුණාත්මක අදහසක් මතු කරන භාෂා ව්‍යාකරණ රීතියෙන්, සද්+නිවේදනය සන්නිවේදනය වශයෙන් භාෂාවේදී වාග් විද්‍යාත්මක ප්‍රවේශයෙන් ගෙන හැරේ.
Communication (ඉංග්‍රීසි අර්ථනය)
Communication (ඉංග්‍රීසි අර්ථනය)
Comme - සමූහය/කණ්ඩායම/පිරිස යන අර්ථය ගෙන දේ. (සමූහය අතර) Unica - කාර්යය කරන අර්ථය ගෙන දේ.
සමූහයක් අතර පොදු කාර්යක් කරන අදහසින් ලතින් භාෂාවෙන් බිඳී ආ අර්ථ ඇති අදහස අතරින් සමාන සමූහයක්/කණ්ඩායමක් අතර කාර්යය කරන යන අරුතින් (Communication) කොමිනිකේෂන් යන ඉංග්‍රීසි වචනය යෙදේ.
සන්නිවේදන විෂය අධ්‍යයනයේදී ප්‍රධාන වශයෙන්
සන්නිවේදන විෂය අධ්‍යයනයේදී ප්‍රධාන වශයෙන්
* මානව විද්‍යා ප්‍රවේශය - (මානව ඉතිහාසයේ ක්රමික ක්‍රියාකාරකම ගෙන හැරේ)
* ජීව විද්‍යා ප්‍රවේශය - (පුද්ගලයාගේ සිරුරේ ඉන්ද්රිය කෘත්‍ය විශ්ලේෂණය කෙරේ.
* සමාජ විද්‍යා ප්‍රවේශය - (සමජය තුල පුද්ගල සමායෝජනය විග්රහ කෙරේ.
* මනෝ විශ්ලේෂණාත්මක ප්‍රවේශය - (බුද්ධිය, සිතුවිල්ල, හැඟීම, සහනුකම්පාව, ලතැවුල, විස්සෝව, දයානුකම්පාව හා ආදරය වැනි විඤ්ඥානය, එනම් මනස ආශ්රිත විශ්ලේෂණයක් සිදු කෙරේ.
* වාග් විද්‍යා ප්‍රවේශය - (සන්නිවේදන වචනය අර්ථය භාෂාමය වශයෙන් විග්රහ කෙරේ.