පොළොව සමතල පෘෂ්ඨයක් නොවන නිසා සෑම විට ම තිරස් දුර මැනිය නොහැකි ය. එෙහෙත් බිම් මැනුමේ දී, තිරස් දුර සමඟ කාර්යය කළ යුතු ය. එනිසා මැන්න දුර ආනති දුරක් නම්, එය තිරස් දුරක් බවට පත් කිරීමට යම් ශෝධනයක් යෙදිය යුතු ය. මේ සඳහා යොදන ශෝධනය ආනතිය සඳහා යොදන ශෝධනය නම් වන අතර එය සිරස් කෝණය සහ ආනති දුර භාවිතයෙන් ගණනය කෙරේ.