කිසියම් සිද්ධිමාලාවක අවස්ථාවක් හෝ අවස්ථා කිහිපයක් නිරූපණය කිරීම, අවස්ථා නිරූපණය ලෙස සැලකේ. අවස්ථා නිරූපණ නළුවන් පුහුණු කිරීමේ අභ්‍යාසයක් වශයෙන් හා නළුවරණය (නළුවන් තෝරා ගැනීම) සඳහා යොදා ගැනේ. අවස්ථාවක් නිරූපණය කිරීම සඳහා සමහර විට නළු නිළියන් කිහිප දෙනෙක් අවශ්‍ය වේ. උදාහරණයක් ලෙස විදේශ රැකියාවක් සඳහා පිටත්වෙන පියෙක් තම බිරිඳගෙන් හා දරුවන්ගෙන් සමුගන්නා අවස්ථාව දැක්විය හැකිය. එම සිද්ධිය රූපණය කිරීම සඳහා සහභාගි වන නළු නිළියන් ප්‍රධාන වශයෙන් සැලකිය යුත්තේ එම අවස්ථාව කෙබඳු හැඟීම් දනවන අවස්ථාවක් ද යන කාරණයත්, බිරිඳගෙන් සමුගැනීමත්, දරුවන්ගෙන් සමුගැනීමත් යන කාරණා දෙක සමුගන්නා පුද්ගලයාට දෙයාකාරයකින් බලපෑ හැකි බවත් තේරුම් ගත යුතුය.
භූමිකා නිරූපණය
භූමිකාව, චරිතය යන චරිත දෙක නිතර භාවිතාවන්නකි. මෙම වචන දෙකෙහි සමාන තේරුමක් ඇතැයි සමහරු වැරදි අවබෝධයක සිටිති. චරිතයක් තුළ භූමිකා කිහිපයක් තිබිය හැකිය. තවත් සරලව පවසන්නේ නම් චරිතයක් තුළ තිබෙන විවිධ ස්වරූපයන් ලෙස කිව හැකිය. මනමේ නාට්‍යයේ මනමේ කුමරු සිප්හලේ ශිල්ප හදාරණ විට මනමේ නමැති ශිෂ්‍යාගේ භූමිකාව ඉදිරිපත් කරන ලදී. මනමේ කුමරිය විවාහ කර ගැනීමෙන් පසු මනමේ කුමරු නමැති ස්වාමිපුරුෂයාගේ භූමිකාව රඟපාන ලදී.
චරිත වශයෙන් ගත් කල ඇත්තේ එක් චරිතයකි. එනම් මනමේ කමරුගේ චරිතයයි.
දිගින් දිගටම වේදිකාවෙහි රඟපෑමෙහි යෙදෙන විට භූමිකාවේ සීමාවන් පිළිබඳ ආධුනිකයන්ගේ වැටහීම පුළුල් වනු ඇත. වේදිකාවේ සිටින නළුවා රඟ දක්වමින් පෙනී සිටින්නේ ප්‍රේක්ෂකයින් දකින දර්ශන පථය නිශ්චල ඡායාරූපයක් වැනි දෙයක් නොවේ. එම දර්ශන පථය නිරන්තරයෙන්ම ඒ ඒ චරිතයේ හැඟීම් හා ක්‍රියාවට අනුරූපව සිදුවන අඛණ්ඩ ක්‍රියාවලියකි. මේ අඛණ්ඩ ක්‍රියාවලිය යාන්ත්‍රික කටයුත්තක් මෙන් සිදු නොවිය යුතුය. තැනට සුදුසු ලෙස නිසිලෙස පියවර ඉක්මවමින් මේ රඟ දැක්වීම කළ යුතුය. වේදිකාවේ ඔබ රඟපාන කිසියම් චරිතයක් යම්කිසි ස්ථානයකට පා තබන්නේ මන්ද යන කාරණයට අවශ්‍ය හේතුව සිහිකර ගන්න. එය සිදුවන වෙලාවද තීරණය කරන්න. ඔබගේ එම ප්‍රකාශය නිර්මාණය කර ගැනීමට අවශ්‍ය උපදෙස් හා විධාන අධ්‍යක්ෂකවරයාගෙන් ලැබුණ ද, එය ධාරණය කර ගැනීමේ හැකියාව ඔබට තිබිය යුතුය.
ක්ෂණික නිරූපණය (එසැණ නිරූපණ)
කෙටි සිද්ධි හෝ අවස්ථා හෝ පෙර සැලසුමක් හෝ පිටපතක් හෝ නොමැතිව නිරූපණය කිරීම, ක්ෂණික නිරූපණය වශයෙන් හැඳින්වේ. මෙහිදී සංවාද, චලන, ගීත, ශබ්ද ආදිය ආධාර කරගනී. ඇතැම් විට කලින් සකස් කරගත් පිටපතකින් තෝරා ගත් අවස්ථාද ක්ෂණිකව නිරූපණය කෙරේ. නළුවන් පුහුණු කිරීමේ දී මෙම ක්‍රම දෙකම යොදාගෙන ක්ෂණිකව නිරූපණ අවස්ථා මගින් රූපණ කෞෂල්‍යය ලබාදීම බොහෝ නාට්‍ය අධ්‍යක්ෂවරුන්ගේ ක්රමයකි. පිපාසයෙන් පෙළෙන කෙනෙකු වතුර වීදුරුවක් ඉල්ලයි. ඔබ ක්ෂණික නිරූපණයක් මගින් එය ඔහුට ලබා දෙන්නේ කෙසේද? අභිනය යොදා ගෙන වීදුරුවක් ඇති බව හඟවමින් එය සත්‍යයට ආසන්නව නිරූපණය විය යුතුය. හේතුඵල ධර්මතාව දකින තර්ක බුද්ධියත්, ශික්ෂණයත්, කුසලතාවත් නොමැතිව සාර්ථක ක්ෂණික නිරූපණයක් කළ නොහැකි වේ.
මන්දයත්, ක්ෂණික නිරූපණය කාලය හා අවකාශය මනාව භාවිතා කරමින්, අභිනය නිරවද්‍ය ලෙස හා අනෙකුත් සිද්ධි හෝ චරිතවලට හෝ ගැළපෙන පරිදි නිරූපණය කළ යුත්තක් වන බැවිනි. රූපණය හා සම්බන්ධ සෑම කාර්යයක්ම සාර්ථක නළුවෙකු විසින් අවස්ථානුකූලව නිරූපණය කිරීමෙන් නාට්‍යයේ රංගනය උපදී.
අභිරූපණය
අභිරූපණය
රඟපෑම තුළ ගැඹුරු අතිශයෝක්තියක් නිරූපණය කරවීම අභිරූපණ වේ. රූපණයේ විශිෂ්ට ලක්ෂණ රාශියක් අභිරූපණය තුළ ඇත. ලොව ඇති ඒ අයුරින්ම නොව වැඩි ගැඹුරක් මෙහිදී නිරූපණය කෙරේ. චරිත නිරූපණයේ දී අභ්‍යන්තර චරිත ලක්ෂණ හුවා දැක්වීමට අභිනය තීව්ර ලෙස යොදා ගැනීම මෙහි ප්‍රධාන ලක්ෂණයකි. වාචික අභිනයෙන් තොරව අදහස් ප්‍රකාශ වීමද මෙහිදී බොහෝ විට සිදුවන්නකි. තාත්වික ලොවින් පටන් ගන්නා අභිරූපණය බොහෝ විට අවසන් වන්නේ පරිකල්පන ලොවින්ය. එහෙයින් අභිරූපණ නිරූපණයටත්, එහි ප්රකාශිතය රස විදීමටත් ගැඹුරු විඥානයක් අවශ්‍යය.
අභිරූපණයෙන් රැඟුම් දැක්වීම, ඉතා පැරණි ඉතිහාසයක් ඇති කලාවකි. මාර්සෙල් මාර්සු නමැති ලෝක ප්‍රකට ප්‍රංශ ජාතික අභිරූපණ රංග නළුවා වේදිකාව මත නොපෙනෙන, සිතින් මවාගත් සමනලයින් අල්ලනු ද, නැතහොත් ඇපල් ගෙඩියක් හපනු ද ඔබ දුටුවහොත් එම ක්‍රියා ඔබට මහත් ආශ්වාදයකට තුඩුදෙනු ඇත. අභිරූපණ රංගනයෙහි දක්ෂ නළුවෙකු කෙබඳු තැනැත්තෙකු ද යන වග මාර්සෙල් මාර්සු නමැති නළුවා මෙසේ විග්රහ කරයි.
"අභිරූපණ රංගන නළුවා අභිරූපණයෙන්ම දියවිලක් මවා තෙමේ ද ඒ තුළ මත්ස්‍යයෙකු බවට පත්වෙයි. හෙතෙම අභිරූපණයෙන් සුළඟ මවා කෙළවර මහා චණ්ඩ මාරුතයක් බවට පත්වෙයි. හෙතෙම මෙසේ ගින්දර මවා තෙමේම රාගී තත්ත්වයට පත්වෙයි. හෙතෙම නොයෙක් දේ අභිරූපණයෙන්ම තනා කෙළවර ඒවායේ ප්රස්තූතය බවට පත්වෙයි"
රූපණය තීව්ර වන්නේ ගැටුම් අවස්ථා සමගිනි. නාට්‍යයක ගැටුම් අවස්ථා තුළින් වෙනස් අදහස් දරණ පුද්ගලයින් හෝ පිරිස් අපට හමුවෙයි. සියලුම අංගයන් ප්‍රතිනිර්මාණය කිරීමේදී ගැටුම අත්‍යවශ්‍ය අංගයකි. ගැටුම තුළ කුතුහලය, ආතතිය වැනි ස්වභාවයන් පවතී. මේ නිසා එළි දක්වන නිර්මාණය වෙත ප්‍රේක්ෂක අවධානය ලබා ගත හැකිය. රූපණ කාර්යයේ දී විශේෂයෙන් ගැටුම් අවස්ථා තුළ ඇති නාට්‍යමය ගුණය වඩාත් හොඳින් නළු නිළියන් විසින් ග්‍රහණය කරගත යුතු අතර එම ගුණය ප්‍රේක්ෂකයින් වෙත ප්රක්ෂේපණය කරන්නේ කෙසේ ද යන්න පිළිබඳවත් දැනුවත් විය යුතුය.
නාට්‍යයේ කතා වස්තුව, ශෛලිය, ඉදිරිපත් කිරීම පදනම් කරගෙන සෑම නාට්‍යයකටම සුවිශේෂ වූ රංග රිද්මයක් ද ඇත. සමස්ත නාට්‍ය ගලායාමේ රිද්මයක් ඇත. එනම් කිසියම් රටාවකි. උදාහරණයක් ලෙස සමහර නාට්‍යයක සිද්ධි වේගයෙන් වෙනස් වෙමින් කතාව විකාශනය වන්නට පුළුවන් අතර තවත් නාට්‍යයක සිද්ධි සෙමින් විකාශනය විය හැක. නළුවෙකු විසින් කිසියම් චරිතයක් ඉදිරිපත් කරන විට ද එම චරිතය තුළත් කිසියම් රිද්මයක් ගැබ් වී තිබේ. තමන්ට අදාළ චරිතයේ රිද්මය හඳුනා ගැනීමත් නළුවා සතු විශේෂ වගකීමකි.