රූපණයට අදාළ තවත් වැදගත් ලක්ෂණයක් ලෙස අනුකරණය දැක්විය හැකිය. අනුකරණය, සතර අභිනය හා සම්බන්ධ වේ. එය එසේ වන්නේ අභිනය යොදා ගැනීමට කිසියම් අවස්ථා නිරූපණයක් තිබිය යුතු නිසාය. එය අවස්ථාවක් කර පෙන්වීමකි. එහිදී සිදුවන්නේ කිසියම් අනුකරණයකි. අනුකරණය සාර්ථක වී අභිනයද මනාව යොදා ගැනීමෙන් සාර්ථක රූපණයක් බිහිවිය හැක. නාට්‍ය යනු කිසියම් සිදුවීමක් අනුකරණය කර පෙන්වීමක් බවත් (Drama is an immitation of an action) මිනිසා තුළ සහජයෙන්ම එම ප්‍රතිභාව පිහිටා ඇති බවත්, ඇරිස්ටෝටල් පඬිවරයා තම "පොයටික්ස්" නම් ග්‍රන්ථයේ ප්‍රකාශ කර ඇත. මෙහිදී අනුකරණය යන්න සාමාන්‍ය ජීවිතයේ දී භාවිතා කරන සරල තේරුමට වඩා ගැඹුරු අරුතක් දනවන්නකි. දෘෂ්‍ය කාචයක් වන නාට්‍ය වස්තුව ප්‍රේක්ෂකයා ඉදිරිපිට අපූර්වත්වයකින් රංගගත වීමට නම් එහි චරිත තුළ අපූර්ව අනුකරණ ක්‍රියාවලියක් තිබිය යුතුය.
අනුකරණය මිනිසාගේ සහජ ආශාවකි. වැඩිහිටියන්ගේ ලෝකය මනාව අනුකරණය වන තැනකි. ළමා සෙල්ලම් ගෙය. වැඩිහිටි ඇඳුම්වලින් සැරසී මඟුල් උත්සව පවත්වන ඔවුන් මෝහොතකට පසු බෝනික්කා නළවන්නේ දරු සෙනෙහසක් ද පාමිනි. ආදී දඩයම් සමාජවල ගෝත්‍රිකයින් පවා අත්දැකීම් අනුකරණය කිරීම එකම විනෝද මාර්ගය ලෙස යොදා ගත් බවත් ගිනිමැළේ වටේ සිටි වැඩිහිටියන්ට තමා කළ දඩයම් යළි කර පෙන්වීමෙන් හැඟීම් ප්‍රකාශ කළ බවත් කියවේ. නාට්‍ය සම්භවය පවා මෙවැනි රංග පදනම් කරගත් විවිධ පූජා කර්මවලින් බිහි වූ බවට දක්වා ඇති කරුණු වලින් ද නාට්‍ය අනුකරණ ක්‍රියාවලිය අතර ඇති සම්බන්ධය හෙළිවෙයි.
සමාරෝපය
"සමාරෝපය" රූපණයට අදාළ ලක්ෂණයකි. සමාරෝපය යනුවෙන් අප හඳන්වන්නේ නළුවෙකු තම පෞද්ගලික ස්වරූපය අමතක කරදමා වෙනත් කෙනෙකුගේ ස්වරූපය ගැනීම උදාහරණයක් ලෙස සුනිල් තිලකරත්න නමැති නළුවා ඔහුගේ පෞද්ගලික ස්වරූපය අමතර කර මනමේ කුමරුගේ ස්වරූපය ගනී.
නළු නිළියන් (පාත්‍ර වර්ගයා) නාට්‍යයේ තම තමාට හිමි භූමිකාව රඟපාද්දී චරිතවල ජීවත් විය යුතු බව රුසියන් ජාතික කොන්ස්ටන්ටයින් ස්ටැකිස්ලැව්ස්කි නාට්‍යකරුවා පෙන්වා දී ඇත. එනම් අවස්ථාවක් නිරූපණය කරන විට චරිතයේ වේශය තමා වෙත ආරෝපණය කරගත යුතු බවයි. එය එක්තරා ආවේගයකි. වෙනත් චරිතයකට ඇතුළු වීමකි.
නාට්‍යයේ සිද්ධි මාලාවෙන් ප්‍රකාශ වන චරිතයේ බවට පද් වන්නේ ඊට හිමි සමාරෝපයත් අනුකරණයත් මනාව ප්‍රකාශ වීමෙනි. සැබෑ පුද්ගල අත්දැකීම්ද මේ සඳහා ප්‍රධාන වේ. එසේ වුවද එවැනි කිසිම අත්දැකීමක් නොලබන, සැබෑ පුද්ගලයින් නොවන චරිතද අනුකරණය කීරීමට සිදුවීමද, නාට්‍ය කලාවේ විශේෂ ලක්ෂණයකි. යක්ෂ, මාර, ශක්‍ර හා ඉර හා හඳ වැනි ග්‍රහ වස්තුද මනඃකල්පිත චරිත මගින් නිරූපණය වන්නේ බොහෝ විට එම වස්තු පිළිබඳ සාහිත්‍යමය විස්තර වලින් කියැවෙන ආකාරයට අනුකරණය කිරීමෙන්ය. සත්ත්ව චරිත නිරූපණයේ දී එම ඉරියව්වල අනුකරණය විවිධාකාරයෙන් යොදා ගැනේ. එම මිනිස් නොවූ චරිතවලින් බොහෝ විට සිදුවන්නේ මානව ගති ලක්ෂණ නිරූපණය කිරීමකි.
සමාරෝපය ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදේ. එනම්,

01. බාහිර සමාරෝපය
* පුද්ගල සමාරෝපය
* ස්ථානීය සමාරෝපය
* ද්‍රව්‍යමය සමාරෝපය
* පුද්ගල සමාරෝපය
* ස්ථානීය සමාරෝපය
* ද්‍රව්‍යමය සමාරෝපය
02. අභ්‍යන්තර සමාරෝපය
නළුවා නිරූපණය කරන චරිතයේ ලක්ෂණ හුවා දක්වන ඇඳුම් පැළඳුම් ආදිය (රංග වස්ත්‍ර) අංග රචනය භාවිතය, බාහිර සමාරෝපයයි. බාහිර සමාරෝපය තවත් කොටස් තුනකට බෙදිය හැකිය. හිඟන්නෙකුගේ චරිතය තුළ සිළුටු ඇඳුම්, කළු ගැහුණු ආකාරයට වෙස් ගැන්වූ මුහුණු, ඔලගුව, හැරමිටිය ආදියයි.
චරිතයක ඇති අභ්‍යන්තර මනොභාවයන් තේරුම්ගෙන එයට ප්‍රවිෂ්ට වීම, අභ්‍යන්තර සමාරෝපයයි. හිඟන්නෙකුගේ චරිතයේ හිඟන්නා සිතන පතන ආකාරය, ඔහු සමාජය කෙරෙහි දක්වන ආකල්ප ආදිය රංගනයට එකතු කර ගැනීම, අභ්‍යන්තර සමාරෝපයට උදාහරණයකි.